[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පාපී අකුසල සැණෙකින් දුරු කරන පංච බලධර්ම

භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් දේශනා කරන ලද අමා නිවනට පමුණුවන ශ්‍රී සද්ධර්මය මහ සයුර වැනි ය. මහ සයුරෙහි නොයෙක් වටිනා වස්තූන් ඇත්තේ ය. එහෙයින් අසුරයෝ මහ සයුරට සිත් අලවා වාසය කරති. ඒ අයුරින් ම තථාගත ප්‍රවිදිත ධර්මයෙහි ද නොයෙක් වටිනා වස්තූන් ඇත්තේ ය. ඒ මොනවාද යන වග පහත දෙසුමෙන් මොනවට පැහැදිලි වේ. “පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද එහි ලා මේවා රුවන් ය. එනම් මුතු ය, මැණික් ය, වෛරෝඩි ය, හක්ගෙඩි ය, සිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පද්මරාග ය , මසාරගල්ල ය යනාදිය ඇත්තේ ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ය. එහි ලා මේ රත්නයෝ ය. එනම්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා ය. පහාරාදයෙනි, යම් හෙයකින් මේ ධර්ම විනයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද, එහි ලා මේ රත්නයෝ ය. එනම්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා ඇත්තේ ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති සත්වෙනි ආශ්චර්ය අද්භූත කරුණයි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිල් අලවා වසති. බුද්ධෝත්පාද කාලයක පමණක් ලොවට මතුවන මෙම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් පංච බල ධර්ම ගැන මෙම ලිපියෙන් විස්තර වේ. පංච බල යනු ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය හා ප්‍රඥා බලය යි. මේ පංච බල ධර්මයන් ප්‍රගුණ කිරීම ක්‍රමයෙන් නිවන පිණිස ම නැමී පවතින ආකාරය භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම උපමාවෙන් මනාව තේරුම් ගත හැකි ය. “මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, පංච බල ධර්ම දියුණු කරන්නා වූ, පංච බල බහුල ව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුනේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.” “මහණෙනි, වෘක්ෂයක් පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී තිබේ නම්, ඒ වෘක්ෂය සිඳින කල්හි වැටෙන්නේ කවර ප්‍රපාතයකට ද? වෘක්ෂය යම් දෙසකට නැමුනේ ද, යම් දෙසකට, නැඹුරු වූයේ ද, යම් දෙසකට බර වූයේ ද ඒ දෙසට ම ය. එසෙයින් ම මහණෙනි, භික්ෂුව පංච බල ධර්මයන් වඩන්නේ, පංච බල බහුල ව ප්‍රගුණ කරන්නේ නිවනට නැමුනේ වෙයි. නිවනට නැඹුරු වුයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.


බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා
එදිනම අ.භා.11.37න් ගෙවේ.
07 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]