ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර පුර පසළොස්වක පෝදා 2025 සැප්තැම්බර් 07 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ති‍්‍රපිටකාගත කරුණුූ අනුව භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ ය. මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින්ගෙන් ආරම්භ වූ මෙහෙණි සසුන සඳහා බුදුරජාණන් වහන්සේ එකවරම අනුමැතිය නොදුන් සේක. ඒ බව චුල්ලවග්ග පාලියේ භික්ඛුනී ඛන්ධකයත්, අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමී සූත්‍රයත් නිදසුන් කොට දැක්විය හැකියි. එනම් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිල වත්ථු සමීපයේ නිග්‍රෝධාරාමයේ වැඩ සිටින මහා ප්‍රජාපතී ගෝතමී මහෝපාසිකාවෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ “සාධු භන්තෙ ලභෙය්‍ය මාතුගාමෝ - තථාගතප්ප වේදිතෙ ධම්මවිනයේ - අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති”. “තථාගතයන් වහන්සේ දැන වදාළ දහම් විනය ඇති සස්නෙහි මාගම (ස්ත්‍රියක්) ද ගිහිගෙයින් නික්ම පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි” බුදුරජාණන් වහන්සේට පැවසූහ. බුදුරජාණන් වහන්සේ වදාළේ ‘අලං ගෝතමී මා තෙර රුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතෙ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති”“ගෝතමියනි, කම් නැත. තථාගතයන් දැන හෙළි කළ සස්නෙහි ගිහිගෙන් නික්ම මාගමක් (ස්ත්‍රියක්) පැවිදි වන ඔබට රිසි නොවේවා’යි” බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ සේක. මහා ප්‍රජාපතී ගෝතමී මහෝපාසිකාව මෙසේ දෙවන වරක්, තුන්වන වරක් පැවිදි කරවන ලෙස ආයාචනා කළත් ගිහිගෙයින් නික්ම පැවිදි වීමට කැමැති නොවේවා යි එතුමියට බුදුරජාණන් වහන්සේ වදාළ සේක. බුදුරජාණන් වහන්සේ ටික දිනක් කපිල වත්ථුවෙහි වැඩ සිට වේසාලිය නැතහොත් විසාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසන සේක. එකල්හි මහා ප්‍රජාපතී ගෝතමී උපාසිකාව කෙස් බහවා කසාවත් හැඳ බොහෝ ශාඛ්‍ය වනිතාවන් සමඟ බුදුරජාණන් වහන්සේ වෙත එළැඹියාය. “අථ ඛො මහා ප්‍රජාපතී ගොතමී කෙසෙ ජෙද්‍රා පෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා සම්බහුල හි සාකියානි හි සිද්ධිං යෙන වෙසාලී තෙන පක්කාමි”මේ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ මැදිහත්ව කාන්තාවන් සඳහා පැවිද්ද ඉල්ලා සිටියත් බුදුරජාණන් වහන්සේ එය ද අනුමත නොකළ සේක.
සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා එදිනම අ.භා.11.37න් ගෙවේ. 07 ඉරිදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
පුර අටවක
සැප්තැම්බර් 29
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]