[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සතුටින් ඉන්න දරුවන්ට ශක්තිය දෙන්න

සතුටින් ඉන්න දරුවන්ට ශක්තිය දෙන්න

නිතර සිල්වතුන්ට වඳින පුදන - වැඩිහිටියන්ට ගෞරව කරන, ගුණ යහපත් පුද්ගලයාගේ ආයුෂය, වර්ණය, සැපය, බලය වැඩේ.

බෞද්ධයාගේ අත්පොත වන ධම්ම පදයෙහි එසේ සඳහන් ය.

දරුවකු මෙසේ යහපත් තත්ත්වයකට ගෙන ඒමට අප විසින් කළ යුතු කටයුතු බොහෝ ය.

දරුවකු මවුකුස පිළිසිඳගන්නා අවස්ථාවේ සිට මව දරුවා සමඟ යහපත් සන්නිවේදනයක් තුළ බැඳී සිටිය යුතු ය. මෙලොව එළිය දුටු කල ඇසට ඇස ගැටීම, මුහුණට මුහුණ බැලීම, කාරුණික කතාබහ ආදි යහපත් සන්නිවේදනය තුළ හැදෙන වැඩෙන දරුවා සමාජය දෙස බලන්නේ සතුටුදායක ලෙස ය. කෑකෝ ගැසීම්, තරවටු කිරීම්, අකාරුණික කතාබහ ආදියට කොටුවන දරුවා තරහෙන්, කෝපයෙන් සමාජය දෙස බලයි.

පුංචි දරුවා ආදරය, සෙනෙහස, දයාව අනුකම්පාව, ආරක්ෂාව, පිළිගැනීම් ආදි මානව ගුණාංගයන්ගෙන් සපිරුණු නිවහනක ජීවත්වීමට ආසා කරයි.

කුඩා කල ලැබෙන සන්නිවේදනය යහපත් වේ නම්, එය යහපත් දරුවකු සමාජගත කිරීමට හේතුවන ප්‍රධාන කාරණයකි.

දරුවා සමාජයට සම්පතකි. ආරක්ෂා කර ගැනීම අපි කාගේත් යුතුකමකි. දරුවාට යහපත් සිරිත්විරිත්, ආචාර ධර්ම ඉගෙන ගැනීමට අවස්ථා සලසා දිය යුතු ය. බැරි බර පැටවීම සුදුසු නොවේ. මව ,පියා, වැඩිහිටියන්, ගුරුවරු, යහළුවන්, සමාජය, අවට පරිසරය යනාදිය අනුකරණයට දරුවා යොමු වන්නේ නිතැතිනි. දරුවා ඉදිරියේ ආදර්ශවත් වීම ඉතා වැදගත් ය. දරුවාගේ පුංචි හෝ යහපත් ක්‍රියාකාරකමක් වෙතොත් එය අගය කළ යුතු ය. දිරිමත් කිරීම හා ප්‍රශංසාව තුළින් දරුවාට ලැබෙන උද්‍යෝගය ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා ශක්තියක් වේ.

සමහර මව්පියන් මෙන් ම ගුරුවරුන් ද දරුවාගෙන් බලාපොරොත්තු වන්නේ විභාග සමත්වී රැකියාවක් ලබා ගැනීම පමණි. උපාධි පිට උපාධි ලැබුවත් තම දෙමාපියන් මහලු නිවාසයේ ලැඟුම් ගෙන සිටී නම් ඒ දරුකමෙන් පලක් නැත.

යහපත් දරුවකු නිර්මාණය කර ගන්නට නම් දරුවා පිළිබඳව සොයා බැලිය යුතු ය. දරුවා යන්නේ කොහේද? කරන්නේ මොනවා ද? සිතන්නේ මොන ආකාරයට ද? අයහපතට පෙළඹෙන අය කවුද? සොයා බලමින් දරුවන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු ය.

ළදරුවිය, ළමාවිය, ගැටවර විය, තරුණ කාලය පසුකොට වැඩිහිටි වියට පැමිණෙන දරුවාට ඒ ඒ අවධීන් තුළ මුහුණ පෑමට සිදුවන ගැටලු රාශියකි. ඒ පිළිබඳව මවුපියන් දැනුම්වත් විය යුතු ය. මේ අවධියේ දි දරුවා තුළ ඇතිවන ශාරීරික හා මානසික වෙනස්කම් තුළ ගැටලුකාරි ස්වභාවයකට පත්වේ. සමහරවිට ස්වාධීනත්වය අගය කරන සමාජය කැපී පෙනෙන ලක්ෂණ විදහා පාමින් ජීවත්වීමට කැමැතිවේ. විටෙක ඔහු කුඩා දරුවකු මෙන් අසරණ වෙයි. මෙම අවධියේ වැරැදි මාර්ගයක ගමන් ගැනීමට සිදුවුවහොත් දරුවා අසරණ වේ.

මෙහිදී දහම් පාසල දරුවාට අතිශයින් ම ප්‍රයෝජනවත් ය. පාසල තුළින් විධිමත් අධ්‍යාපනයට සූදානම් කරන අතර, ගුණගරුක සර්ව සම්පූර්ණ දරුවකු සමාජගත කිරීමට ඇති එම නිජබිම දහම් පාසල යි.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා
එදිනම අ.භා.11.37න් ගෙවේ.
07 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]