කඳු මැද වැජඹෙන
මනරම් පුදබිම රජගල
අපේ මහ පොළව යට සැඟව, ඉතිහාසය විසින් ම වසාගත් පුදබිම් ගණන මෙතෙකැයි කිව නොහැකි ය.
අද අප කතාබහ කරන මෙම භූමිය ද ඉතිහාසය විසින් වසාගත් එහෙත් කාලයාගේ ඇවෑමෙන් නැවත
කැණීම් කොට එළි කළ පෙදෙසකි.

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ
භෂ්මාවශේෂ තැන්පත්
සෑ රදුන් වහන්සේ |
මෙම බිමෙහි තවමත් සංරක්ෂණය කර ඇත්තේ ද ඉතා සුළු කොටසකි. මෙම පුදබිම පිහිටුවා ඇත්තේ
මනරම් කඳු මුදුනක ය. එහෙයින් අත්‍යාලංකාර සංචාරක ස්ථානයක් ලෙසට ද නම් කළ හැකි ය.
මේ සුන්දර බොදු පුදබිම අපට මුණගැසෙන්නේ අම්පාරේ දී ය. අම්පාරට නුදුරු උහන ප්‍රදේශයේ
රජගලතැන්න ගම්මානයෙන් ඇරඹෙන හරිත වියනින් වට වූ ගල් පඩි මාවත ඔස්සේ මේ ගමන ඇරඹිය
යුතු ය. එය ඉතාමත් සුන්දර ගමනකි. එහෙත් පහසුවෙන් මෙම පුදබිමට ප්‍රවේශවීමට නම්
පුළුකුණාව මාවත භාවිත කළ හැකි ය.
මෙම අසිරිමත් පුදබිම පැරණිම ශිලා ලේඛනයන්හි “ධන තිස පවන” නමින් හඳුන්වා තිබේ.
පසුකාලීන සෙල් ලිපියක “අරිය අරක ගරිකිබලව් තිස පවත මහ වහර” ලෙස මෙහි නාමය සඳහන් බව
සොයාගෙන ඇත. තවත් සෙල් ලිපියකට අනුව “අරිත්තරා වෙහෙර”යන නමින් ද මෙම ස්ථානය
හැඳීන්වේ. මුහුදු මට්ටමේ සිට අඩි 1038 ක උස කඳු ගැටයක් මත අක්කර 1025 ක් පුරා
අභිමානය පතුරන මෙම පුරාවිද්‍යා භූමිය ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරන්නකුට මෙන් ම අපගේ
සාඩම්බර ඉතිහාසය සියැසින් දැක බලා ගන්නකුට කදිම සංචාරක නවාතැන්පළකි.
අනුරාධපුර සහ පොලොන්නරුව හැරුණු විට විශාලතම පෞරාණික ස්මාරක ප්‍රමාණයක් හමුවන රජගල
ලජ්ජිතිස්ස රජතුමාගේ කාලයේ ඉදිකරන ලද සංඝාවාසයක් බවට ඉතිහාසය කරුණු ගෙනහැර දක්වයි.
ස්මාරක 700 ක් සහ සියයකට අධික ශිලා ලිපි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති මෙම බිම අපේ රටෙහි
ශෛලමය නිර්මාණයන්හි පරිණාමය කදිමට දැකබලා ගත හැකි පුරාවිද්‍යා බිමකි. එමෙන්ම බෞද්ධ
සිද්ධස්ථානයන් අතර ද රජගල ප්‍රධාන ස්ථානයක් වීමට හේතු කාරණා කිහිපයකි.

අඩක් නිමකළ
බුදු පිළිම වහන්සේ
 |
ඉන් සුවිශේෂී ම වන්නේ මිහිඳු මහා සෑය යි. මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ
තැන්පත් කොට මිහිඳු මහ සෑය නිර්මාණය කළ බව මෙහි ඇති ශිලා ලිපියක සඳහන් ය.
එලෙස ම ලක්දිව පිළිම වන්දනාවේ මූලික අවධියේ දී නෙළන ලද බුදු පිළිම වහන්සේ නමක් මෙම
බිමෙහි දැක ගත හැකි ය. ක්‍රි.පූ. පස්වැනි සියවසට අයත් යැයි සැලකෙන අඩක් නිමවූ එම
බුදු පිළිම වහන්සේ මෙම බිම ගැන විශාල සාක්ෂි අපට කියයි. මෙම පිළිමවහන්සේ අඩක්
නිමකොට ඇත්තේ මේ කාලයේ දී ආ සතුරු ආක්‍රමණයක් හේතුවෙනි.
සිංහලයන්ගේ ඉතිහාසගත තාක්ෂණය පිළිබඳව කදිම නිදසුන් මුණගැසෙන රජගල පුරාවිද්‍යා
භූමියෙහි හමුවන නිර්මාණ අතර ගල් පාත්‍රයට සහ ගල් ඔරලෝසුවට විශේෂ තැනක් හිමිවේ. කඳු
මුදුනක සිට ගල් බටවල ආධාරයෙන් සංඝාවාසය වෙත ජලය රැගෙන ආ අපූරු ක්‍රමවේදය අදට ද
ඉතිහාසඥයින්ගේ විශ්මයට හේතු වී තිබේ. එලෙස ම ගල් ඔරලෝසුව ශ්‍රී ලාංකිකයන් අනාදිමත්
කාලයක සිට කාල සටහනකට අනුව දෛනික කටයුතු සිදුකළ බව අපට නැවතත් පසක් කරයි.
මෙම බිමේ හමුවන ස්වභාවික ගල් ලෙන් සමූහය සංචාරකයන්ගේ නොමද අවධානයට ලක්වේ. කටාරමින්
සරසන ලද මෙම ගල්ලෙන් අලංකාර හැඩවලින් යුක්ත සුවිශේෂී නිර්මාණ වේ.ඒවා භික්ෂූන්
වහන්සේ වැඩ සිටි ලෙන් විහාර විය හැකි බවට පුරාවිද්‍යා අංශ මත පළ කරයි.
පුරාණ සිංහලයන් නාට්‍ය සහ කලාව සමීප ව ඇසුරු කල බවට මෙම බිමෙහි හමුවන සෙල් ලිපියක්
අපට නිදසුන් සපයයි. එහි දැක්වෙන පරිදි නාට්‍ය ශාලාවක සේවකයකු බුදු බව පතා මෙම
සංඝාවාසයට බැම්මක් ඉදිකොට දී තිබේ. ඒ අනුව එකල නාට්‍ය ශාලාවන් මෙම ප්‍රදේශයෙහි තිබූ
බවට අපට පූර්ණ නිගමනයකට එළඹිය හැකි ය.
කෙසේ වෙතත් ඇතැම් පරීක්ෂකයන් මත පළ කරනු ලබන්නේ මෙය ශ්‍රී ලංකාවේ තිබූ විශාලතම
බෞද්ධ සංඝාරාමය බවට ය. ඊට කදිම සාක්ෂි ලෙස 2012 දී කළ කැණීම්වල දී හමු වු එම
පිළිමගෙය, ලහබද්ගෙය, ඡන්ථාඝරය, දානශාලාව, බෝධිඝරය, සහ මෙතෙක් සංරක්ෂණය කළ දාගැබ් 25
හැඳීන්විය හැකි ය.
එසේ ම එකිනෙකට සමපාත පෙත්මං ඔස්සේ ඉදිකොට ඇති මෙම භූමිය තුළ දී තවමත් කැණීම් නොකළ
බොහෝ ස්ථාන දැක බලා ගත හැකි ය.
ශ්‍රී ලංකාවේ විශාලතම සංඝාවාසය මෙය විය හැකි බවට ද සමහරු මත පළකරයි.
එබැවින් බෞද්ධ හෝ ශ්‍රී ලාංකික හෝ ඔබ අනිවාර්යයෙන් දැක බලා වැඳ පුදා ගත යුතු
ගෞරවණීය පුදබිමක් ලෙස රජගල හැඳීන්විය හැකි ය.
- චතුර ගීතනාත් බණ්ඩාර
|