ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝදා 2025 ජුනි 10 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මිහින්තලා පුදබිම
ඡායාරූපය - තරිඳු ජයසිංහ
ජුනි 10 අඟහරුවාදා පූ.භා 11.35 පුර පසළොස්වක ලබා 11 බදාදා අ.භා 01.13න් ගෙවේ. 10 අඟහරුවාදා සිල්
පසළොස්වක
ජුනි 10
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
පුර අටවක
ජුලි 02
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා මහරජතුමා හමු වන්නේ නැකැත් කෙළි උත්සවය අරමුණු කර හිංසාවාදී ව, විනෝදය පිණිස මුව දඩයමේ යන අතරතුරේ දී යි. උන්වහන්සේ සැබෑ ධර්මදූතයාණ කෙනකු වශයෙන් රජතුමා පළමු ව හමුවෙමින් ප්‍රකාශ කරන්නේ ඔබටත්, ඔබ රටවැසි ජනතාවටත් දයාව, අනුකම්පාව පිණිස ධර්මරාජ නම් වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තම දහම් පණිවුඩය රැගෙන දඹදිව සිට මෙහි වැඩම වූ බවයි. මෙම තොරතුරු සුහද පිළිසඳරක් ඔස්සේ හුවමරු කර ගැනීමෙන් පසුව එක්වරම රජතුමා ඇතුළු රාජකීය පිරිස යෙදී සිටි මෙම හිංසාකාරි සත්ව දඩයම වැනි මාතෘකාවක් මඟින් හෝ ඊට ප්‍රතිපක්ෂ ධර්ම දේශනාවක් කිරීමට තරම් ඉක්මන් නොවූ මහ රහතන් වහන්සේ එවැනි ධර්මානුකූල කරුණු වුව ද වටහා ගැනීමට තරම හැකියාවක් පොදුවේ ලක් ජනතාවට ඇති දැයි විමසා බැලීම අරමුණු කර අඹපැනය ඉදිරිපත් කිරීමට ක්‍රියා කළහ. එයින් ලක්වැසි ජනතාවගේ සාමාන්‍ය බුද්ධි මට්ටම ප්‍රමාණ කර ගත් මිහිඳු මහරහතන් වහන්සේ රාජකීය ධර්ම දූත පිරිසක් ලෙස රජතුමා ඇතුළු රාජකීයයන්ගේ අපමණ ගරු සම්භාවනාවට පාත්‍ර වුණා. ඉන් පසුවයි උන්වහන්සේ තමන් වහන්සේගේ සැබෑ ධර්ම දූත කාර්යය ඉටු කිරිමට පෙළඹෙන්නේ. ඒ අනුව පළමුවෙන් ම චූලහත්ථිපදෝපම සූත්‍රයෙන් අරුත් ගන්වන්නේ බුද්ධ, ධර්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ පැහැදිලි ධර්ම විස්තරයකුයි. තෙරුවන් පිළිබඳ වැටහීමක් ඇති කර ගත් තැනැත්තා ශ්‍රද්ධාවන්තයකු බවට පත් වෙනවා. ඒ නිසා ම භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ භික්ෂුවගේ උදාර වතපිළිවෙත, උදාර ගතිසිරිත්, සැබෑ පැවිදි ජීවිතයක දී වැළකෙන අසාර දහම්, ජීවිතය ක්‍රමානුකූල ව පෙළගස්වා ගෙන චතුස්සත්‍යාවබෝධයෙන් නිවන් පසක් කර ගන්න ආකාරයෙන් ඇත් අඩි උපමාව මැනවින් ගලපවමින් පැහැදිලි කර දුන්නා. දැන් රජතුමාට වැටහෙනවා නැකත් කෙළියෙහි යෙදෙමින් විනෝදය පිණිස මුවදඩයම වැනි හිංසක ක්‍රියාවන්හි නිරර්ථක බව. මෙය මිහිඳු මහරහතන් වහන්සේ මෙම නවතම දහම තේරුම් කර දීමට මනා දැක්මක් ඇති ව ගනු ලැබූ ප්‍රථම උත්සාහය යි.
සිරි ලක්වැසියන් තුළ කිසිදිනෙක අලුත් කළ යුතු නැති බුහුමන් පෙරදැරි ආදරයක් හා භක්තියක් හිමි පුරුෂෝත්තමයකු වේ නම්, ඒ මිහිඳු මහරහතන් වහන්සේ ය. මෙරට වැසියන්ට උන්වහන්සේ දෙවැනි වන්නේ ලොව්තුරා බුදුරදුන්ට පමණි. වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් තිස්සේ ලක්වැසියෝ මිහිඳු මාහිමියන් පරම්පරාවෙන් පරම්පරාවට අසීමිත සැදැහැයෙන් සිහිපත් කළහ. එපමණක් නොව උන්වහන්සේ ගැන තැන තැන තෙපලූහ. ලිපි ලියූහ. ගී ගැයූහ. තොරණ, දන්සල්, සැණකෙළි පවත්වා සැමරූහ. පිළිරූ සැදූහ. උන්වහන්සේ ලබා දුන් දහම සුරැකූහ. කියා දුන් දහම දෙසා, අසා, පිළිපැද පිළිවෙතින් පිදූහ. උන්වහන්සේගේ උපදෙසින් අනුරපුරයෙහි ගොඩනැඟුණු සුවිසල් මහමැදුරු, දාගැබ්, වැව්, පොකුණු, උයන් හා වනපෙත් ආදිය සොම්නසින් නැරඹූහ. සුරැකි ව ඇති නටබුන් හෝ බලා අපේ උරුමය ගැන උදම් ඇනූහ. මිහිඳු මාහිමියන් අපට ලබා දුන් අභිමානය නිසා අදත් පිරිසුදු සිංහල ජනයා වෙනත් ජාතීන්ට නොමැති අයුරක ආත්ම විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙති. නොපසුබස්නා වීර්යයෙන් අභියෝග පරදවති. ශ්‍රී ලාංකික ජනයාට බුදුදහම උරුම කර දුන් ආගමික පීතෘවරයාණන් වන මිහිඳු මහරහතන් වහන්සේ නිසාවෙන් යක්ෂ, භූත, ප්‍රේතයන් සොයාගිය සමාජය සන්සුන් නිවනට පැමිණිය හැකි විනයමය සමාජයක් කිරීමට හැකි විය. ප්‍රඥාවේ හා සාධාරණත්වයේ භූමියක් ලෙස ශ්‍රී ලංකාව පත්කිරීමට අවශ්‍ය උපදෙස් දෙවනපෑතිස් නරනිඳුන්ට උන්වහන්සේ ලබා දුන්හ. දුටුගැමුණු, පරාක්‍රමබාහු ආදී පසුකාලීන රජවරුන් සුරක්ෂිත කළේ එකී භූමිකාව ය. එබැවින් ශ්‍රී ලංකාව තුළ පවතින සංහිඳීයාවේ මූලාරම්භය මිහිඳු මහරහතන් වහන්සේ බව අමතක නො කළ යුත්තකි.
මිහිඳු මා හිමියන්ගේ සූත්‍ර දේශනා තුළින් වඩාත් පැහැදිලි වන්නේ, ඉතා විධිමත් සැලසුමකින් යුතු ව මෙරට ජනයාගේ ජන විඥාණය හා ජීවිතාවබෝධය, සංස්කෘතික හැසිරීම සමස්ත ලෝකයට ම ආදර්ශයක් වන පරිදි සැකසීමට ශක්තිමත් පදනමක් සකසා දීමට මිහිඳු මා හිමියන් තම දේශනාවන් සිදු කළ බවයි. මජ්ක්‍ධිම නිකායේ ඔපම්ම වග්ගයේ සඳහන් සූත්‍ර අතුරෙන් ඉතා වැදගත් සූත්‍රයක් වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මිහිඳු මාහිමියන් විසින් ලංකාවේ දී ප්‍රථමයෙන් දේශනා කළ සූත්‍රය වශයෙන් සම්භාවනා ලබයි. මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ජාණුස්සෝණිය නම් බ්‍රාහ්මණයකු සමඟ පිලෝතික නම් බුද්ධ ශ්‍රාවකයකු අතර ඇති වන කතාබහකින් ඇරඹී බුදුරදුන් හමු වී ඇති කර ගන්නා ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කරන ලද්දකි. විශේෂයෙන් මෙම සූත්‍රය තුළ ආර්ය ශීලස්කන්ධය, ආර්ය ඉන්ද්‍රිය සංවරය, මනා සිහි කල්පනාවෙන් යුක්ත වීම, නීවරණ ප්‍රහාණය, රූපාවචර සමාපත්ති සතර, ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාව ආදී ගැඹුරු ධර්ම කරුණු රාශියක් විස්තරාත්මක ව ඉදිරිපත් කොට ඇත. බුදුරදුන් ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කොසොල් රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයකු වූ ජාණුස්සෝණිය නම් බ්‍රාහ්මණයා හය මසකට වරක් සුදු වෙළඹුන් යොදන ලද ගැල් සිය ගණනක් සහිත ව දහස් ගණන් පිරිස පිරිවරා මහත් වූ ඉසුරින් හා පෙළහරින් යුතු ව නගරාලංකාරය දැක ගනු පිණිස නගරයෙහි ප්‍රදක්ෂිණා කරයි. එසේ ප්‍රදක්ෂිණා කරද්දී බුද්ධ උපස්ථානයට ගොස් එන පිලෝතික බ්‍රාහ්මණයා මුණගැසෙන අතර, දෙදෙනා ම පිළිසඳර කතාබහෙන් පසුව බුදුරදුන්ගේ ඥාණවන්තභාවය කොහොමද? කෙසේ දැනගන්නේ දැයි ජාණුස්සෝණිය විමසයි. අප වැන්නවුන් ඒ බුදුරදුන්ගේ ඥාණවන්තභාවය කෙසේ ප්‍රකාශ කෙරෙම් ද, උන්වහන්සේගේ ඥාණවන්තභාවය දැනගත හැක්කේ පෙරුම්පුරා බුද්ධත්වයට පත් වූ බුදුවරයකුට ම පමණි.
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකාගමනය ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කරයි. මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකා භූමියට රැගෙන වැඩියේ ධර්මය පමණක් ම නොවේ. භාෂාව, කලාව, ශිෂ්ටාචාරය, ශිල්ප ශාස්ත්‍ර සියල්ලක් රටට දායාද කළේ මිහිඳු මාහිමි ආගමනයත් සමඟ ය. පූජා චාරිත්‍ර, ආචාරවිධි ආදිය ද හැඩගැසෙමින් විධිමත් ආගමික ඉගැන්වීමක් රට තුළ ස්ථාපිත විය. සාමය, සමගිය, මනුෂ්‍යත්වය ආදි ගුණාංග ආගමික ඉගැන්වීම් සමඟ බලගැන්විණි. කරුණාව, දයාව, මෛත්‍රිය සමානාත්මතාව යන සියල්ලක් මිනිස් හදවත් තුළ ක්‍රියාත්මක විය. ඒ සඳහා හේතු වූයේ ධර්මයෙහි වූ ඉගැන්වීම් ය. හොඳ - නරක පුණ්‍ය - පාප සංකල්පයන්ට අර්ථ සැපයීම ධර්මානුකූල ව සිදු කරනු ලැබීය. පුද්ගලයකු උසස් හෝ පහත් හෝ වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව උගන්වනු ලැබීය. බාල පණ්ඩිත සූත්‍රයෙන් පුද්ගල තත්ත්වයන් සමාජය තුළ ස්ථාපනය කෙරිණි. විමාන වත්ථු, පේතවත්ථු දේශනාවන්ගෙන් කුසලාකුසල විපාක ආදිනවයන් හෙළිදරව් කෙරිණි. මිහිඳු මාහිමියන් විසින් ක්‍රමානුකූල ව සමාජ ගත කරන ලද දේශනා තුළින් මිනිස් සංහතිය ධර්මානුගත විය. ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය ප්‍රාණය රට තුළ නිර්මාණය වූයේ මිහිඳු මාහිමියන් සැලසුම් සහගත ලෙස සිදුකළ ධර්ම ප්‍රචාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මිහිඳු මාහිමියන් හා දේවානම් පියතිස්ස මහරජතුමන් අතර වූ මූලික සාකච්ඡාවේ දී ම සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලද බව පෙනේ. සමාජයේ අවම සදාචාරය ලෙස පංචසීලය සමාජගත වන්නේ ද එහි දී ය. ප්‍රාණඝාතය, හොරකම, කාමමිථ්‍යාචාරය, බොරුකීම, මත්ද්‍රව්‍ය භාවිතය සමාජ පදනම දෙදරා හැලෙන ව්‍යසනයන් බවත්, ඒවායින් ඉවත් වීමෙන් මානව ගරුත්වය , පවුලක සහජීවනය, ස්ථාවරත්වය ගොඩනැඟෙන බවත් බුදුදහමේ ඉගැන්වීම් විය. මිහිඳු මාහිමි දේශනා සියල්ල ලක්වැසියන්ගේ සිත්ගත් අතර ශීඝ්‍රයෙන් දහම රට තුළ ව්‍යාප්ත ව ගියේ ද එම ආකර්ෂණීය බව නිසා ම ය. චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මඟින් මිහිඳු මාහිමියන් සිදු කළේ විචාරාත්මක ව, විමසීමෙන් යමක් කළ යුතු බවට ඇඟවීමකි.
ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය සම්බුදු සසුනට පූජා වූ වගයි!
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය
ඌවේ සියම් මහානිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය
වරාපිටියේ ආනන්ද හිමියන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණ සැමරේ
ජයසුමනාරාමයේ පොසොන් කලාපය
ඓතිහාසික කන්දවිහාරයේ දී බුදුසරණ පුවත්පත බෙදා දීම
උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මාපලගම බුද්ධසිරි නාහිමි
උපසම්පදා ලබති
සිසු නිපුණතා ඇගැයීම් උළෙල
බුදුසරණ පැන විසඳුම්
පිහිට පතයි
පෝදා පින්කම්
ඉතිරිය»
සිත කය සුවපත් කරන මිල කළ නොහැකි ඖෂධය
බාධකය සාධකයක් කර ගනිමින් ජීවිතය දිනමු
ප්‍රතිපත්ති පූජාවෙන් මිහිඳු මා හිමි පුදමු
සුවපත් මනසක් සුවබර දිවියක් - 24 කොටස: ගැඹුරු සමාධියේ අතුරුඵල
පීඩාකාරී බවට විරාමයක් දෙන්න සිතේ වෙනස්කම් සිහියෙන් දකින්න
ලක්වැසියාට මනුෂ්‍යත්වයේ උත්තරීතර බව පසක් කළේ මහින්දාගමනය යි - කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
මහින්දාගමනයේ ඓතිහාසික විශ්වසනීයත්වය
දැහැමි දැයකට පරසිදු - දිවිය කැප කළ නරනිඳු
ශ්‍රී ලාංකේය ලේඛන සම්ප්රදායේ ස්වර්ණමය සමාරම්භය
පුර පෑළවිය සඳ - 19 කොටස
දේශයක ජීවය සුරකින සහජීවනය
පොසොන් සැමරුමට අරුතක් දෙන්න
සසුනඹරට පහන්ටැඹක් වූ ධර්ම විනයධර ඕමල්පේ සෝභිත නාහිමිපාණෝ
යුග පෙරළියක සමාරම්භය
විල්ගම් වෙහෙර පුදබිම වරුණ
දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික ගෙඩිගේ විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]