සුවපත් මනසක් සුවබර දිවියක් -
24 කොටස: ගැඹුරු සමාධියේ අතුරුඵල
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත
Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියෙනි.
භාවනාව යනු කිසියම් ඉරියව්වක සිට සිදුකරන වත් පිළිවෙතක් නොවෙයි. එය වේදනාකාරී
අභ්‍යාසයක් හෝ බලයෙන් ඇති කරන නීරස ක්‍රියාවක් ද හෝ නොම වෙයි. එසේ ම එය අප්‍රසන්න
වූත්, බැරෑරුම් වූත් වගකීමක් (කළ යුතු දෙයක්) ද නොවේ. භාවනාව යනු සිහියෙන් සිටීමයි.
එය, දැකීමේ නව මාර්ගයක් සහ ක්‍රීඩාවක් වැනියි. භාවනාව ඔබගේ මිත්‍රයායි. එලෙස භාවනාව
සලකන විට ප්‍රතිරෝධය ග්‍රීස්ම ඍතුවේ දී සුළඟට හසුවුණු දුමාරයක් ලෙස අතුරුදහන් වෙයි.
මෙම සියලු ක්‍රම උත්සාහ කර බැලීමෙන් අනතුරුව ද විරෝධය පවතී නම් යම්කිසි ගැටලු සහගත
තත්ත්වයක් පවතින බව පෙනේ. විෂය ක්ෂේත්‍රය ඉක්මවා යන යම්කිසි ගුප්ත බාධාවන්ට
භාවනානුයෝගීන් හට මුහුණ දීමට සිදුවෙයි. මෙය සුලභ නොවූව ද විය හැකි සිද්ධියකි. අත්
නොහරින්න. උදව් ලබා ගන්න. සුදුසුකම් ලත් විපස්සනා ගුරුතුමකුගෙන් ඔබගේ ගැටලුව
නිරාකරණය කර ගැනීම සඳහා උපකාර ලබා ගන්න. එවන් ගුරුවරුන් සිටින්නේ මෙවන් කරුණු
සම්බන්ධයෙන් උදව් කිරීම සඳහායි.
ගිලෙන මනසේ සංසිද්ධිය අප දැනටමත් සාකච්ඡා කර තිබේ. ඔබ ප්‍රවේශම් විය යුතු දෙයක් එම
ස්වභාවයේ ඇත. මානසික මොට බව ගැඹුරු සමාධියේ අතුරු ඵලයක් ලෙස ඇතිවිය හැකියි. ඔබගේ
නිස්කලංක බව ගැඹුරු වන විට මාංශ පේශීන් ලිහිල් වී නාඩිවල පණිවිඩ හුවමාරුව වෙනස්
වෙයි. මේ මඟින් සිරුර සැහැල්ලු හා සන්සුන් තත්ත්වයකට පත්කරයි. ඉතාමත් නිස්කලංක හා
තරමක් සිරුරින් වෙන්වුණු ස්වභාවයක් ඔබට දැනෙනු ඇත. මෙය හුස්ම මත හොඳීන් අවධානය
යොමුවුණු යහපත් තත්ත්වයකි. මෙසේ පවතින විට, ප්‍රසන්න හැඟීම් තියුණු වී ඔබගේ අවධානය
හුස්මෙන් ඉවතට යයි.
මෙම ස්වභාවය රසවිඳීන ඔබගේ සිහිය දුරු වෙයි. ප්‍රමෝදයේ වලාවන් මැදින් පාවී යන ඔබගේ
අවධානය විසිරී යයි. මෙහි ප්‍රතිඵලය අවදිබවෙන් තොර වූ මානසික අක්‍රියතාව යි.
සිහියෙන් යුතු ව එම තත්ත්වය දෙස බලන විට එය ඉවත් ව යයි. ආනන්දජනක හැඟීම් පැමිණෙන
විට ඒවා බාරගන්න. ඒවා මඟ හැරීමට අවශ්‍ය නොවන නමුත් ඒවාහි නොඇලෙන්න. භෞතික හැඟීම් වන
ඒවාට ඒ අයුරින් ම සලකන්න. හැඟීම්, හැඟීම් ලෙස ම දකින්න. ඒවා ඇති වී, නැති වී යන
අන්දම බලන්න. ඒවාහි නොපැටලෙන්න.
මීළඟ කොටස
ඇසළ පුර පසළොස්වක පෝදා කලාපයේ |