ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝදා 2025 ජුනි 10 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මිහිඳු මා හිමියන්ගේ සූත්‍ර දේශනා තුළින් වඩාත් පැහැදිලි වන්නේ, ඉතා විධිමත් සැලසුමකින් යුතු ව මෙරට ජනයාගේ ජන විඥාණය හා ජීවිතාවබෝධය, සංස්කෘතික හැසිරීම සමස්ත ලෝකයට ම ආදර්ශයක් වන පරිදි සැකසීමට ශක්තිමත් පදනමක් සකසා දීමට මිහිඳු මා හිමියන් තම දේශනාවන් සිදු කළ බවයි. මජ්ක්‍ධිම නිකායේ ඔපම්ම වග්ගයේ සඳහන් සූත්‍ර අතුරෙන් ඉතා වැදගත් සූත්‍රයක් වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මිහිඳු මාහිමියන් විසින් ලංකාවේ දී ප්‍රථමයෙන් දේශනා කළ සූත්‍රය වශයෙන් සම්භාවනා ලබයි. මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ජාණුස්සෝණිය නම් බ්‍රාහ්මණයකු සමඟ පිලෝතික නම් බුද්ධ ශ්‍රාවකයකු අතර ඇති වන කතාබහකින් ඇරඹී බුදුරදුන් හමු වී ඇති කර ගන්නා ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කරන ලද්දකි. විශේෂයෙන් මෙම සූත්‍රය තුළ ආර්ය ශීලස්කන්ධය, ආර්ය ඉන්ද්‍රිය සංවරය, මනා සිහි කල්පනාවෙන් යුක්ත වීම, නීවරණ ප්‍රහාණය, රූපාවචර සමාපත්ති සතර, ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාව ආදී ගැඹුරු ධර්ම කරුණු රාශියක් විස්තරාත්මක ව ඉදිරිපත් කොට ඇත. බුදුරදුන් ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කොසොල් රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයකු වූ ජාණුස්සෝණිය නම් බ්‍රාහ්මණයා හය මසකට වරක් සුදු වෙළඹුන් යොදන ලද ගැල් සිය ගණනක් සහිත ව දහස් ගණන් පිරිස පිරිවරා මහත් වූ ඉසුරින් හා පෙළහරින් යුතු ව නගරාලංකාරය දැක ගනු පිණිස නගරයෙහි ප්‍රදක්ෂිණා කරයි. එසේ ප්‍රදක්ෂිණා කරද්දී බුද්ධ උපස්ථානයට ගොස් එන පිලෝතික බ්‍රාහ්මණයා මුණගැසෙන අතර, දෙදෙනා ම පිළිසඳර කතාබහෙන් පසුව බුදුරදුන්ගේ ඥාණවන්තභාවය කොහොමද? කෙසේ දැනගන්නේ දැයි ජාණුස්සෝණිය විමසයි. අප වැන්නවුන් ඒ බුදුරදුන්ගේ ඥාණවන්තභාවය කෙසේ ප්‍රකාශ කෙරෙම් ද, උන්වහන්සේගේ ඥාණවන්තභාවය දැනගත හැක්කේ පෙරුම්පුරා බුද්ධත්වයට පත් වූ බුදුවරයකුට ම පමණි. සර්වඥතා ඥානයෙන් ලෝකයෙහි ඇති තතු අතෙහි ඇති නෙල්ලි ගෙඩියක් සේ දැන වදාළ බුදුවරයකුගේ දැනුම් සම්භාරය ප්‍රකාශ කළ හැක්කේ එබඳු ම බුදුවරයකුට පමණක් බව මෙහි දී අවධාරණය කර ඇත. මෙසේ බුදුරදුන් ගැන ප්‍රශංසාත්මක ව කරුණු ගෙන හැර දක්වන පිලෝතිකගෙන් ජාණුස්සෝණිය විමසා සිටියේ, මෙතරම් බුදුරදුන්ගේ ප්‍රඥාභාවය හෙවත් දැනුම් සම්භාරය පිළිබඳ ඔබට පැහැදීමක් ඇති වූයේ කුමන කරුණක් නිසා ද යනුවෙනි.
ජුනි 10 අඟහරුවාදා පූ.භා 11.35 පුර පසළොස්වක ලබා 11 බදාදා අ.භා 01.13න් ගෙවේ. 10 අඟහරුවාදා සිල්
පසළොස්වක
ජුනි 10
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
පුර අටවක
ජුලි 02
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]