
සිත
කය සුවපත් කරන මිල කළ නොහැකි ඖෂධය
සියඹලාගොඩ ධම්මින්ද හිමි
බුදුසරණ යැයි කියන්නේ මම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමි. බුදුරජාණන් වහන්සේගේ
ජීවිතය ම ජීවිතාදර්ශයක් බවට පත්කර ගනිමි. බුද්ධ දේශනාව තුළ එපා කියූ අයහපතින්
දුරුවෙමි යන අධිෂ්ඨානය හා එය ක්‍රියාත්මක කිරීමයි.
සැබෑ සරණ කියා කියන්නේ කුඩයක් වගේ. වහින හැම වේලාවක ම අපිට කුඩය අත්‍යවශ්‍යයි. මේ
සමාජ ජීවිතය තුළ අපට ධර්මයේ සෙවණ අවශ්‍යයයි.
මිහිඳු මාහිමියෝ පළමුව මහ රජතුමාට ආමන්ත්‍රණය කළත් උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ
සමස්ත ලාංකිකයන්ට. ලාංකේයයන් වෙනුවෙන් මහා කරුණාවෙන් යුතු ව උන්වහන්සේ මේ දහම්
පණිවුඩය ලංකාව තුළ ප්‍රචලිත කළා.
මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ දේවානම් පියතිස්ස වැනි තරුණ රජකෙනෙක්
රාජ්‍ය කරන සමයකයි.
මිහිඳු හාමුදුරුවොත් තරුණයි. බුද්ධත්වය ලැබූ තථාගතයන් වහන්සේත් තරුණයි. තථාගතයන්
වහන්සේගේ ශ්‍රාවකයන් බහුතරයත් තරුණයි. ඒ අර්ථයෙන් ගත්විට මේ තරුණකම ම තමයි මේ
ධර්මය, ධර්ම ප්‍රචාරය වෙනුවෙන් වඩාත්ම අත්‍යවශ්‍යය.
ඒ වගේම දහමේ පැවසෙන්නේ “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී” බෞද්ධ වූ අප හොඳින් තේරුම්ගත
යුතු වන්නේ පොසොන් කියන්නේ, මිහින්තලාවවත්, මුව දඩයමේ යන දේවානම් පියතිස්ස
රජතුමාවත්, මුවාගේ ආකෘතියවත් නිර්මාණය කර, දන්සල් පවත්වන එක නොවන බව.
ධර්මයට අනුව ජීවත්වන ඇත්තෝ ධර්මය තුළින් ම රකිනවා. ඒ වගේම ධර්මයට අනුව ජීවත් වෙනවා
ය කියා පෙන්වන අය ධර්මය තුළ රකින්නේ නැහැ. හේතුව වන්නේ විභවචාරී ව, අයහපත් ව ලෝකයට
හොඳ මුහුණ පෙන්වා වැඩ කළත්, ඒ ස්වභාවය මත යම් වෙලාවක දී ලැබෙන්නට අවශ්‍ය සියලු
අයහපත් ප්‍රතිඵල ජීවිතයට ලැබෙනවා.
ස්වභාව දහමයි, බුදුදහමයි කියා කියන්නේ දෙකක් නොවෙයි. අපි එය ඉතා හොඳින් තේරුම් කර
ගැනීම අවශ්‍යයි. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යමක් කරනවා කියන ප්‍රතිරූපක වේශයෙන්.
අතීතයේ රන් කාසියක් ගත්විට එම රන් කාසියේ වටිනාකම එහි තිබුණා. හැබැයි වර්තමානයේ
රුපියල් පන්දහසේ නෝට්ටුවක් ගත්විට එහි ඇතුළේ වටිනාකම නැහැ. මෙහි තියෙන්නේ ආරෝපිත
වටිනාකමක්. හැම දෙයක් සම්බන්ධයෙන් ගත්විට තියෙන්නේ ආරෝපිත වටිනාකමක් නම්, සැබෑ හරය
තුළ ඒ සැබෑ වටිනාකමක් නැති නම් ඒක හැම අවස්ථාවක දී ම එකම ආකාරයට වටිනවා කියා අපට
පැහැදිලි කර ගන්න පුළුවන්කමක් නැහැ.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං
සම්බුද්ධ දේශනාව සහ සම්බුද්ධ ශාසනය කියන්නෙ ම සියලු පාපයන්ගෙන් ඉවත් වෙන්න. කුසලස්ස
උපසම්පදා” කුසල් වඩන්න. “සචිත්ත පරියෝ දපනං” හිත දමනය කර ගන්න. “ඒතං බුද්ධානු
සාසනං” බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමයි.
මහින්දාගමනය ආරම්භයේ සිට ඉගැන්වීම් ගත්විට මිහිඳු හාමුදුරුවෝ පවා අපට ඉතා
උපක්‍රමශීලී ව මේ ධර්මය දේශනා කොට වදාළේ. පරලොව බය, දිව්‍යලෝකයේ සැප, අපායේ
ස්වභාවය, බොහොම පරිස්සමට දේශනා කොට වදාළා. ඒ වගේ ම දාන කතා, සීල කතා, සග්ග කතා,
කාමාදීනව මේ මේ ආකාරයට පැහැදිලි කර, දේශනා කර අවසානයේ විමුක්තිය, ප්‍රඥාව දක්වා
මනුෂ්‍යයා මෙහෙයවූවා.
ප්‍රඥාව කියන්නේ උගත්කම හෝ බුද්ධිමත්කම හෝ නොවෙයි. ප්‍රඥාව කුසල චෛතසිකයක්. අපේ
සිතේ පහළවන උතුම් ගුණයක්මයි ප්‍රඥාව කියන්නේ. එය ධර්මයේ හඳුන්වන්නේ “පජානාති”
යනුවෙනුයි. ‘පජානාති’ හාත්පසින් ම දැන ගන්නවා කියන අර්ථය යි.
යම් කටයුත්තක, යම් පුද්ගලයකුගේ, යම් සංකල්පයක, යම් ධර්මතාවක් පිළිබඳ ව තියෙන පොදු
ලක්ෂණ, අනන්‍ය ලක්ෂණ සහ හේතුඵල රටාව අපි යම් වෙලාවක හඳුනා ගන්නවා නම් එය ප්‍රඥාව
ලෙස හැඳින්විය හැකියි. ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව ලෙස කොටස් දෙකකට බෙදෙනවා.
ලෞකික ප්‍රඥාවෙන් යා හැකි දුරක් තියෙනවා. ඒ වගේම ලෝකෝත්තර ප්‍රඥාවෙන් අත්පත් කර ගත්
යා යුතු දුරක් තියෙනවා.
ලෞකික ප්‍රඥාවෙන් අපට කෙලෙස් යටපත් කරන්න පුළුවන්. එය ලෝකෝත්තර ප්‍රඥාවක් දක්වා
දියුණු කළ විට කෙලෙස් මුලිනුපුටා දැමිය හැකියි. බුදුදහමේ අවසාන අර්ථය කෙලෙස්
මුලිනුපුටා දැමීමයි.
මහණෙනි, සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. නොපමාව කුසල් සම්පාදනය කරන්න. මෙන්න මේ
කුසල් සම්පාදනය කරන්න යනවිට ලොකු ලොකු ධර්ම කාරණාවන්, එනම්, අභිධර්මය කියන කාරණාවලට
නොගියට අපට ඉතා සරලව ම පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා. එනම් පංචශීල ප්‍රතිපදාව
ආරක්ෂා කරන එක, දස අකුසලයෙන්, පංච දුශ්චරිතයෙන් දුරස්වන එක, තමන්ටත් හානි, අනුන්ටත්
හානි ගෙන දෙන යම් යම් දේ නොකරන්න.
බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට රාහුලෝවාද සූත්‍ර දේශනාවේ පැහැදිලි කොට වදාළේ
“ඔබ යමක් කරද්දී ඒක තමන්ටත් හානි නම්, එයින් අන් අයටත් හානි වෙනවා නම් අවසානයේ එහි
ප්‍රතිඵලය දෙගොල්ලන් ට ම අවාසි සහගත නම් එවැනි දේ නොකරන්න යනුවෙනුයි. විශේෂයෙන් ම
බෞද්ධයෙක්, තමන්ගේ දෑසට පේන්න වැරැදි ලෝකයේ කොතැනක හරි තියෙනවා නම් ඒවා විවේචනය
නොකර තමන්ගේ අතින් එවැනි වරදක් වෙන්න පුළුවන් ද කියල බලා, තියෙනවා නම් එය නිවැරැදි
කර ගන්න. තමන්ගේ කනට ඇසෙන වරදක්, තමන්ගේ ළඟ තියෙන වරදක් නම් එය හදාගන්න අවශ්‍යයි.
තමන්ට දැනෙන වරදක්, තමන් ළඟ තියෙන වරදක් නම් අපි ඒක හදාගත යුතුයි. මෙයින් තේරුම්ගත
යුත්තේ අපි හැම මොහොතක ම අපේ ජීවිතය සංස්කරණය කර ගන්න අවශ්‍යය යි. එසේ සංස්කරණය කර
ගන්නා විට මේ ජීවිතයේ තියෙන වැරදි, අඩුපාඩුකම් ඉවත් කරන්නට හැකි වෙනවා. එය ධර්මයේ
හඳුන්වන්නේ කාය භාවනාව කියා. අපේ බෞද්ධයෝ බුදු පිළිවෙත්හි හැසිරෙනවා කියන්නේත් කාය
භාවනාවෙන් යුක්ත වෙනවා යන්නයි.
බුද්ධෝත්පාද කාලෙක උපත ලද අප, බෞද්ධයෝ හැටියට බොහොම ආඩම්බරයෙන් කතා කරනවා. අපිට මේ
මරණින් පසු ව ලැබෙන්නේ අපාගත ජීවිතයක් නම් ඒක අනුමත කරන්න පුළුවන්කමක් නැහැ.
හේතුව ඊළඟ පොසොන් පෝයට අප ඉන්නත් පුළුවන් නොසිටින්නත් පුළුවන්. ඒක අපට කියන්න බැහැ.
ඒ නිසා අද දවසේ අපි කළ යුතු දේ කළ යුතු යි. “අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං”
අප්‍රමාදීවීම, පමාදයට පත් නොවීම කියන එක මහා ගුණයක්. තුන්වැනි ධර්ම සංගායනාවට අශෝක
රජතුමා මූලික වෙන්නේ නිග්‍රෝධ සාමණේරයන් දේශිත මේ ගාථාව ශ්‍රවණය කළ නිසයි. එහි
ප්‍රතිඵලයක් ලෙසයි.
ඒ වගේම සීල භාවනාව තුළින් නොකළ යුතු දේ නොකරනවා සේ ම කළ යුතු දේ කරන්න අවශ්‍යයි.
විරතිය සහ සමාදානය දෙක ම සීලයයි. සිල්වන්තකම ඇතුළේ ඔබ සිල්වන්ත නම් ඔබ ඔබේ ගමට,
රටට, ඔබේ ගෙදරට දැනෙන්න ඕනෙ. සීල භාවනාව චිත්ත භාවනාවක්. සිතිවිලි අතින්, වැරැදි
අඩුපාඩු විය හැකියි. අතීතයේ එහෙම වැරැදි අඩුපාඩු වෙලා ඇති. වරද වරද හැටියට දකින්න.
හැම වෙලාවක ම තේරුම් ගන්න ඕනෙ මේ චිත්ත භාවනාව. ඊළඟට ප්‍රඥා භාවනාව. කළ යුත්ත
නොකළයුත්ත, සදාචාරය, දුරාචාරය හොඳ,නරක මේවා තේරුම් ගන්න අවශ්‍යය යි.
බුදු දහම කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරන්න. හැමදාම පන්සල් නොගියාට,
හැමදාම දන්සල් නොදුන්නාට, හැමදාම පින්කම් නොකළාට අපි කරන කටයුත්ත බොහොම අවංකව සිදු
කරන්නේ නම් එය ධර්මය යි.
-
දීපා පෙරේරා |