[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

තුන්කල් දුටු ශ්‍රේෂ්ඨ ධර්මදූතයාණෝ

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා මහරජතුමා හමු වන්නේ නැකැත් කෙළි උත්සවය අරමුණු කර හිංසාවාදී ව, විනෝදය පිණිස මුව දඩයමේ යන අතරතුරේ දී යි. උන්වහන්සේ සැබෑ ධර්මදූතයාණ කෙනකු වශයෙන් රජතුමා පළමු ව හමුවෙමින් ප්‍රකාශ කරන්නේ ඔබටත්, ඔබ රටවැසි ජනතාවටත් දයාව, අනුකම්පාව පිණිස ධර්මරාජ නම් වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තම දහම් පණිවුඩය රැගෙන දඹදිව සිට මෙහි වැඩම වූ බවයි. මෙම තොරතුරු සුහද පිළිසඳරක් ඔස්සේ හුවමරු කර ගැනීමෙන් පසුව එක්වරම රජතුමා ඇතුළු රාජකීය පිරිස යෙදී සිටි මෙම හිංසාකාරි සත්ව දඩයම වැනි මාතෘකාවක් මඟින් හෝ ඊට ප්‍රතිපක්ෂ ධර්ම දේශනාවක් කිරීමට තරම් ඉක්මන් නොවූ මහ රහතන් වහන්සේ එවැනි ධර්මානුකූල කරුණු වුව ද වටහා ගැනීමට තරම හැකියාවක් පොදුවේ ලක් ජනතාවට ඇති දැයි විමසා බැලීම අරමුණු කර අඹපැනය ඉදිරිපත් කිරීමට ක්‍රියා කළහ. එයින් ලක්වැසි ජනතාවගේ සාමාන්‍ය බුද්ධි මට්ටම ප්‍රමාණ කර ගත් මිහිඳු මහරහතන් වහන්සේ රාජකීය ධර්ම දූත පිරිසක් ලෙස රජතුමා ඇතුළු රාජකීයයන්ගේ අපමණ ගරු සම්භාවනාවට පාත්‍ර වුණා. ඉන් පසුවයි උන්වහන්සේ තමන් වහන්සේගේ සැබෑ ධර්ම දූත කාර්යය ඉටු කිරිමට පෙළඹෙන්නේ. ඒ අනුව පළමුවෙන් ම චූලහත්ථිපදෝපම සූත්‍රයෙන් අරුත් ගන්වන්නේ බුද්ධ, ධර්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ පැහැදිලි ධර්ම විස්තරයකුයි. තෙරුවන් පිළිබඳ වැටහීමක් ඇති කර ගත් තැනැත්තා ශ්‍රද්ධාවන්තයකු බවට පත් වෙනවා. ඒ නිසා ම භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ භික්ෂුවගේ උදාර වතපිළිවෙත, උදාර ගතිසිරිත්, සැබෑ පැවිදි ජීවිතයක දී වැළකෙන අසාර දහම්, ජීවිතය ක්‍රමානුකූල ව පෙළගස්වා ගෙන චතුස්සත්‍යාවබෝධයෙන් නිවන් පසක් කර ගන්න ආකාරයෙන් ඇත් අඩි උපමාව මැනවින් ගලපවමින් පැහැදිලි කර දුන්නා. දැන් රජතුමාට වැටහෙනවා නැකත් කෙළියෙහි යෙදෙමින් විනෝදය පිණිස මුවදඩයම වැනි හිංසක ක්‍රියාවන්හි නිරර්ථක බව. මෙය මිහිඳු මහරහතන් වහන්සේ මෙම නවතම දහම තේරුම් කර දීමට මනා දැක්මක් ඇති ව ගනු ලැබූ ප්‍රථම උත්සාහය යි.


පොසොන් පුර පසළොස්වක

ජුනි 10 අඟහරුවාදා පූ.භා 11.35 පුර පසළොස්වක ලබා 11 බදාදා අ.භා 01.13න් ගෙවේ.
10 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]