[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය සම්බුදු සසුනට පූජා වූ වගයි!

හලාවත- කුරුණෑගල ප්‍රධාන මාර්ගය ආසන්නයේ හලාවත සිට කිලෝමීටර් 20ක් දුරින් වූ බෝවත්ත ග්‍රාමයේ මනරම් භූමි පෙදෙසක ඉදි කරන ලද ශ්‍රී අංගුලිමාල මහා සෑය, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් සර්වඥ ධාතූන් වහන්සේ ද, අසූ මහා ශ්‍රාවක වූ, මහා තෙද බල ඇති ශ්‍රී අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ ද විරාජමාන ව වැඩ සිටින්නා වූ, තේජාන්විත ව බබළමින් වැඩ සිටින අලංකාර සෑ රජාණන් වහන්සේ නමකි. එම ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය, බුදු වසින් 2569 ක් වූ වෙසක් පුන් පොහෝ දින ධර්ම ශාලා පරිශ්‍රය, සංඝාවාස පරිශ්‍රය ද සමඟින් සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත ව චංචල, නිශ්චල දේපල සහිත ව ගෞතම බුදු සසුනට මහත් හරසරින් පූජා වූහ. මෙම පුණ්‍ය මහෝත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ද්වීපයේ වැඩසිටින ගුණවෘද්ධ, තපෝවෘද්ධ, ස්ථවිර වූ ශතාධික මහා සඟරුවන උදෙසා සපිරිකර සහිත මහ දන් පුදමින් ද, එදින සවස් කාලයේ දඬුවැට පහන් ආලෝක පූජාවන් සමඟින් දහස් ගණනින් වූ පහන් ආලෝකයෙන් ද, අනේක විධ සුගන්ධවත් මලින් මහ සෑ රදුන් පුදමින් ද, වෙසක් පුන් පොහෝ දින ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ පෙහෙවස් සමාදන් වූ පහළොස් දහසකට අධික උපාසක උපාසිකාවන්ටත්, සෑ රදුන් වන්දනා කිරීමට පැමිණි තිස් දහසකට අධික සැදැහැවතුන්ටත් ප්‍රණීත වූ උණුසුම් චොක්ලට් පානය මෙන්ම, වෙසක් පුන් පොහෝ දිනට පසු දින ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් වන්දනා කර ගැනීමට පැමිණි තිස් පන්දහසකට අධික සැදැහැවතුන් උදෙසා ප්‍රණීත බත් දන්සල ආදී මහ දන් පවත්වමින් ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය නිමාවට පත්විය.


පොසොන් පුර පසළොස්වක

ජුනි 10 අඟහරුවාදා පූ.භා 11.35 පුර පසළොස්වක ලබා 11 බදාදා අ.භා 01.13න් ගෙවේ.
10 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]