[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වරාපිටියේ ආනන්ද හිමියන්ගේතෙවර්ෂ පූර්ණ ගුණ සැමරේ

වරාපිටියේ ආනන්ද හිමියන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණ සැමරේ

1963 දී වරාපිටියේ සුමනසාර නමින් උතුම් ප්‍රවෘජ්ජා භූමියට පත් අප ස්වාමීන් වහන්සේ 1978 දී කෝට්ටෙ රාජමහා විහාරයේ දී වරාපිටියේ ආනන්ද නමින් නැවත ප්‍රවෘජ්ජා භූමියට පත් වූහ.

හීනැටිකුඹුර පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිත්වයට පත් වු අප ස්වාමීන් වහන්සේ විහාරස්ථානය ක්‍රමානුකූලව පිළිසකර කරමින් නව විහාරාංග ද එකතු කරමින් සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ වර්තමානයේ දර්ශනය වන දර්ශනීය තත්ත්වයට විහාරස්ථානය පත් කිරීමට සමත් වූහ.

ස්වකීය නායකත්වයට අයත් වගකීම් හා වගවීම් නොකොඩකොට මැනවින් ආරක්ෂා කරමින් විහාරස්ථ භික්ෂූන් වහන්සේට හා සතර පේරුවේ දායක දායිකා පින්වතුන්ට තමන් වහන්සේගෙන් ඉටුවිය යුතු යුතුකම හා වගකීම් පිළිබඳ දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කිරීම උන්වහන්සේ සතු උතුම් ගුණාංගයක් විය. ඒ ලෙස ම නැණවත්, ගුණවත් ශිෂ්‍ය පිරිසක් බිහි කළහ.

හීනනැටිකුඹුර පුරාණ විහාරය සහ බණ්ඩාරවත්ත ආනන්දාරාමය යන උභය විහාරාධිපති, වරාපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ වසර 60කට අධික කාලයක් මහ තෙරනමක ලෙස සම්බුද්ධ ශාසනය පිළිබඳ ප්‍රසන්න සිතින් යුතු ව වැඩ විසූ උන්වහන්සේ පසුගිය 05 වැනි දිනට අපවත්වී වසර තුනක් සපිරිණි. තෙවර්ෂ පූර්ණ ගුණ සුවඳ සිහිකිරීමේ පුණ්‍ය කටයුත්ත ලෙස පසුගියදා වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් ධර්ම දේශනයක් ද පසුදින ස්වාමීන් වහන්සේ පනස් නමක් විෂයයෙහි සාංඝික දානමය පුණ්‍ය කර්මයක් ද විහාරස්ථානයේ දී සිදු කෙරිණි.

උන්වහන්සේට උතුම් වූ නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.

පොසොන් පුර පසළොස්වක

ජුනි 10 අඟහරුවාදා පූ.භා 11.35 පුර පසළොස්වක ලබා 11 බදාදා අ.භා 01.13න් ගෙවේ.
10 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]