ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් පුර පසළොස්වක පෝදා 2025 අප්‍රේල් 12 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සප්ත කරඬු මැද්දේ වැඩ සිටිනා දිවමන් බුදු හිමි සේ සිත් බඳිනා සිරි දළදා සමිඳුන් හද බැතිනා දොහොත් මුදුන් දී නමදිමු නිතිනා
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
සේයාරුව - ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අංශය
අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ. 12 සෙනසුරාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 12
අව අටවක
අප්‍රේල් 21
අමාවක
අප්‍රේල් 27
පුර අටවක
මැයි 04
සතර දළදාවන් ද නොවිසිරුණු ධාතු අතරට අයත් වේ. දළදා යනුවෙන් හඳුන්වන්නේ “රදනක” නම් වූ දත් විශේෂය යි. රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත්වලට “දාඨා” යනුවෙන් කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත්වලට වඩා මදක් උල් ය. දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු හිඩැස් නොවීය. එසේම දත් උස් නොවී, කෙටි නොවී, ඇල නොවී, සියලු දත් මුතු ඇට පෙළක් මෙන් සම ව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත්වලට වඩා ඉතා සුදු පැහැයෙන් යුක්ත විය. සතර දළදාවන්ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට “දාඨා ප්‍රභා” යැයි කියනු ලැබේ. සතර දළදාවන් හොඳින් දැක ගැනීමට ලැබෙන්නේ සර්වඥයන් වහන්සේ සිනා පහළ කරන අවස්ථාවන්හි දී පමණි. මේ සතර දළදාවන් වැඩ සිටින තැන් බුද්ධවංස පාළියේ ධාතු පූජනීය කතාවේ මෙසේ දැක්වේ. “එකා දාඨා තිදසපුරේ - එකා නාගපුරෙ අහු, එකා ගන්ධාරවිසයෙ - එකා කාලිංගරාජිනො”. මේ ගාථාව පාලි ධාතුවංශයේ ද දක්නට ඇත. මෙය මහා පරිනිර්වාණ සූත්‍රයේ දක්වා ඇත්තේ මෙසේ ය. “එකා හි දාඨා තිදිවෙහි පූජිතා - එකා පන ගන්ධාරපුරෙ මහීයති- කාලිංගරඤ්ඤො විජිතෙ පුනෙකං - එකං පුන නාගරාජා මහෙන්ති.” මේ අනුව එක් දළදාවක් තව්තිසා දෙව්ලොවේ ද, එක් දළදාවක් නාග ලෝකයේ ද, එක් දළදාවක් ගන්ධාර දේශයේ ද, එක් දළදාවක් කාලිංග දේශයේ ද වැඩ සිටිති.
බුදුරජාණන් වහන්සේ තුළ පැවති මහා කරුණාවට සමාන කරුණාවක් ලෝකයේ පහළ වූ බුදුරජාණන් වහන්සේ නමකට මිස වෙනත් කිසිම කෙනකු තුළ දැකගත නොහැකි ය. අවිද්‍යාව හා මුළා වීම නිසා නොයෙක් ආකාරයේ දුක් පීඩා විඳීන සත්වයන් වෙත සැනසීම උදාකරලීම සඳහා බුදුරජාණන් වහන්සේ තම ජීවිතය ම කැප කළහ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කිසිදා නො සිඳෙන උල්පතක් බඳු මහා උතුම් ගුණයකි. අද ද එම මහා කරුණාව නිසා සිත් සුවපත් කර ගන්නා සත්වයෝ බොහෝ වෙති.බුදුරජාණන් වහන්සේගේ දින චරියාවෙහි ප්‍රථම අංකය මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බැලීම යි. මෙහි මූලික අරමුණ අන්‍ය ජීවිතවලට ආලෝකයක් ලබා දීමයි. මෙහි දී උසස් පහත්, උගත් නූගත්, දුප්පත් පොහොසත්, සැර පරුෂ, හෝ අහිංසක වැනි කිසිදු වෙනසක්, ප්‍රභේදයක් නොකළ බුදුරජාණන් වහන්සේ සෑම දෙනා කෙරෙහි ම මෛත්‍රියෙන් කරුණාවෙන් තම මෙහය ඉටු කළහ. මේ විවිධ චරිත බුදුරදුන්ගේ වදන් තුළින්, ක්‍රියාකාරකම් තුළින්, උපදේශනාත්මක මඟ පෙන්වීම් තුළින් නිවැරැදි මඟට යොමු වූ අයුරු දැක ගන්නට පුළුවන. මෙය බුදුරදුන්ගේ උදාර කරුණා ගුණ මහිමයේ ප්‍රතිඵලයකි.බරපතළ ලෙස රෝගි වූ පූතිගත්ත තිස්ස හිමියන් බුදුරදුන්ගේ කරුණාවට ලක් වූ භික්‍ෂුවකි. මේ භික්ෂුව බලවත් සේ රෝගාතුර විය. පොරවාගෙන සිටි සිවුරු හා අඳන ලෙයින් හා සැරවවලින් පිරී දුර්ගන්ධවත් වස්ත්‍ර බවට පත් විය. උපස්ථාන කළ අයටත් ළං විය නොහැකි මට්ටමට පත්වීම නිසා කිසිදු කෙනකුගෙන් උපකාරයක් ලැබුණේ නැත.මේ නිසා ම තිස්ස කියන නමට මුලින් තවත් කොටසක් එකතු වී පූතිගත්ත තිස්ස තෙරුන් යැයි භාවිත කරන්නට පටන් ගත්හ. උදේ පාන්දරින් ම ලොව බලන තථාගතයන් වහන්සේ සිරුර කුණු වී ජරා ගොඩක සිටියත් පූතිගත්තතිස්ස තෙරුන්ට නිවන් දැකීමේ වාසනාව ඇති බව පෙනී ගියහ.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ කොටස්වලට බෙදී ගිය අතර, ඊට අයිතිවාසිකම් කියන්නට බොහෝ දෙනෙක් අරගල කළ බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. කුඩා කැබලිවලට පත්වූ සර්වඥ ධාතූන් වහන්සේට අමතරව ශේෂ වූ ප්‍රධාන ධාතු කොටස් හතකි. සතර දළදා වහන්සේ ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ හා ගි‍්‍රවා ධාතුන් වහන්සේ යනු ඒවායි. මහනුවර දළදා මාලිගයේ වැඩ සිටින වාම ශ්‍රී දන්තධාතූන් වහන්සේ දැවෙන චිතකයෙන් ඉවතට වැඩමවා ගෙන ඛේම මහරහතන් වහන්සේ විසින් කාලිංග දේශයේ බ්‍රහ්මදත්ත නම් රජකුට බාරදුන් අතර, ඔහු දැඩි මිථ්‍යා දෘෂ්ටිකයකු වුවත් දළදා ප්‍රාතිහාර්යයන් දැක විසිතුරු මාලිගාවක තැන්පත් කොට පුද පූජා පැවැත්වීය. කාලිංග දේශයේ පාලනය ගෙන ගිය රජවරු හත් දෙනෙක් ම දළදා වහන්සේ උදෙසා විවිධාකාර පුද සත්කාර සිදු කළත්, ඉන්පසු ව පහළ වූ ගුහසීව රජු, දළදා වහන්සේ කෙරෙහි අප්‍රසාදයෙන් කටයුතු කළ අතර, අමාත්‍යවරු හා ජනතාව ඒකරාශි වී දළදා වහන්සේ නගර මධ්‍යයේ අලංකාර මණ්ඩපයක වඩාහිඳුවා විවිධාකාර පුද සත්කාර කළහ. තමන්ගෙන් ඇතිවූ අතපසුවීම මඟහරවා ගැනීම සඳහා ගුහසීව රජතුමා නගර මධ්‍යයට ගොස් දළදා වහන්සේ උදෙසා පුද පූජාවන් සිදු කොට දළදා වහන්සේ මාගේ හිසමුදුනේ පිහිටාවා යැයි ප්‍රාර්ථනාවක් කළේ ය. එකෙණෙහි ම දළදා වහන්සේ අහසට පැන නැඟී, රජුගේ හිස් මුදුනෙහි රැස් විහිදුවමින් ප්‍රාතිහාර්යය පෑහ. එයින් අසීමිත ප්‍රමෝදයට පත් වූ ගුහසීව රජතුමා දළදා වහන්සේ තමාගේ මාලිගාවට රැගෙන ගොස් එහි තැන්පත් කොට විවිධාකාර පුද පූජාවන් පැවැත්වීය.
ජීවමාන බුදුරජාණන් වහන්සේට ආනන්ද මහතෙරුන් වහන්සේ ඉටුකළා වූ සියලු චිරාගත සාම්ප්‍රදායික බුද්ධෝපස්ථාන, බුදු පුද තේවා කටයුතු අද පැවරී ඇත්තේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ එම විහාරවාසී මහා සංඝරත්නය වෙත ය. වසරින් වසර මුර මාරු වෙමින් අදාළ පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ හෝ උන්වහන්සේ නියෝජනය කරමින් පත් කෙරෙන තේවා භාර නායක මාහිමිපාණන් වහන්සේ කෙනකුගේ ප්‍රධානත්වයෙන් තේවා කටයුතු ඉෂ්ට සිද්ධ කෙරේ. වාර්ෂික ව ඇසළ මාසයට එළඹෙන පසළොස්වක පෝය දිනයට පසු වස් සමාදන් වන දිනයෙහි මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ හා ගිහිභාරකාර දියවඩන නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා තේවා මුර මාරුවීම සිදු වේ. අදාළ පාර්ශ්වය තේවා කටයුතු භාර ගැනීමෙන් පසු දියවඩන නිලමේතුමා විසින් දැහැත් වට්ටියක් පිළිගන්වා වස් වැසීම සඳහා ආරාධනා කරනු ලැබේ. අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතු ව පවතින සාම්ප්‍රදායික තේවා භාරකාරීත්වය තමන් වහන්සේ වෙනුවෙන් නියමිත වර්ෂය පුරා ඉටුකිරීම සඳහා එකී පාර්ශ්වයේ ස්වාමීන් වහන්සේ තුන්නමක් යොදවා ගැනීම සිරිතයි. එම තුන් නම පත් කරනුයේ උඩමාලයට දෙනමක් හා පල්ලේ මාලයට එක් නමක් වශයෙනි. එහෙත් මෑතක සිට උඩමාලයට තෙනමක් ද, පල්ලේමාලයට එක් නමක් ද, පත්තිරිප්පුව සඳහා තවත් ස්වාමීන් වහන්සේ නමක් ද වශයෙන් පස් නමක් පත්කිරීම සිදු වේ.
වාර්ෂික උපසම්පදා විනය කර්මය
ඇත්කඳවක සද්ධාජීව හිමියෝ ‘ප්‍රදීප ප්රණාම’ සම්මාන ලබති
ආචාර්ය මඩිහේ සුගතසිරි හිමියන් විසින් රචිත ග්රන්ථ දොරට වැඩීම 26 වැනි දා
මඩබාවිට සුමනවංශ නාහිමියෝ සම්මාන ලබති
පිහිට පතයි
පැන විසඳුම්
ඉතිරිය»
සනාතනික වටිනාකම් දිය කරන අනුමාන තීරණ
මෛත්‍රී විහරණය උතුම් චර්යාවක අග්‍රඵලය යි
සිහියෙන් බුද්ධියෙන් ලෝකය විඳින්න
මිසදිටු සිතිවිලි රුදු ගුණ දුරු කර - සිරිමත් දළදා හිමි පෑ පෙළහර
අනුරපුරෙන් සෙංකඩගල නුවරට සිරි දළදා ගමන් මඟ
හෙළ සංස්කෘතියට අභිමානය ගෙන දුන්නේ උතුම් දළදා වහන්සේ යි
ජීවිතය අලුත් වන මොහොත මඟ හැර නොයන්න
දැය එකලු කළ මිණි පහන හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ
විවිධත්වය තුළ ඒකීයත්වය රැකීම සෑම පුරවැසියකුගේ ම වගකීමක්
වඳිමු මුනි දළදා
ඓතිහාසික උරුමයක අභිමානනීය සලකුණ අනුරාධපුර දළදා මාලිගය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]