[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සත සිත සුවපත් කළ මහා කාරුණිකයාණෝ

බුදුරජාණන් වහන්සේ තුළ පැවති මහා කරුණාවට සමාන කරුණාවක් ලෝකයේ පහළ වූ බුදුරජාණන් වහන්සේ නමකට මිස වෙනත් කිසිම කෙනකු තුළ දැකගත නොහැකි ය. අවිද්‍යාව හා මුළා වීම නිසා නොයෙක් ආකාරයේ දුක් පීඩා විඳීන සත්වයන් වෙත සැනසීම උදාකරලීම සඳහා බුදුරජාණන් වහන්සේ තම ජීවිතය ම කැප කළහ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කිසිදා නො සිඳෙන උල්පතක් බඳු මහා උතුම් ගුණයකි. අද ද එම මහා කරුණාව නිසා සිත් සුවපත් කර ගන්නා සත්වයෝ බොහෝ වෙති.බුදුරජාණන් වහන්සේගේ දින චරියාවෙහි ප්‍රථම අංකය මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බැලීම යි. මෙහි මූලික අරමුණ අන්‍ය ජීවිතවලට ආලෝකයක් ලබා දීමයි. මෙහි දී උසස් පහත්, උගත් නූගත්, දුප්පත් පොහොසත්, සැර පරුෂ, හෝ අහිංසක වැනි කිසිදු වෙනසක්, ප්‍රභේදයක් නොකළ බුදුරජාණන් වහන්සේ සෑම දෙනා කෙරෙහි ම මෛත්‍රියෙන් කරුණාවෙන් තම මෙහය ඉටු කළහ. මේ විවිධ චරිත බුදුරදුන්ගේ වදන් තුළින්, ක්‍රියාකාරකම් තුළින්, උපදේශනාත්මක මඟ පෙන්වීම් තුළින් නිවැරැදි මඟට යොමු වූ අයුරු දැක ගන්නට පුළුවන. මෙය බුදුරදුන්ගේ උදාර කරුණා ගුණ මහිමයේ ප්‍රතිඵලයකි.බරපතළ ලෙස රෝගි වූ පූතිගත්ත තිස්ස හිමියන් බුදුරදුන්ගේ කරුණාවට ලක් වූ භික්‍ෂුවකි. මේ භික්ෂුව බලවත් සේ රෝගාතුර විය. පොරවාගෙන සිටි සිවුරු හා අඳන ලෙයින් හා සැරවවලින් පිරී දුර්ගන්ධවත් වස්ත්‍ර බවට පත් විය. උපස්ථාන කළ අයටත් ළං විය නොහැකි මට්ටමට පත්වීම නිසා කිසිදු කෙනකුගෙන් උපකාරයක් ලැබුණේ නැත.මේ නිසා ම තිස්ස කියන නමට මුලින් තවත් කොටසක් එකතු වී පූතිගත්ත තිස්ස තෙරුන් යැයි භාවිත කරන්නට පටන් ගත්හ. උදේ පාන්දරින් ම ලොව බලන තථාගතයන් වහන්සේ සිරුර කුණු වී ජරා ගොඩක සිටියත් පූතිගත්තතිස්ස තෙරුන්ට නිවන් දැකීමේ වාසනාව ඇති බව පෙනී ගියහ. කෙලෙස් ලෙඩට පමණක් නොව ශාරීරික රෝගවලටත් බෙහෙත් දන්නා බුදුරජාණන් වහන්සේ කෙලෙස්වලින් ගොඩ ගන්නට කලින් ශරීරගත රෝගය සුවපත් කළ යුතු යැයි සිතා තමන් වැඩ සිටින ගඳ කිළියෙන් නික්ම ගිනිහල්ගෙට වැඩම කළහ.


බක් පුර පසළොස්වක

 අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ.
12 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]