ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් පුර පසළොස්වක පෝදා 2025 අප්‍රේල් 12 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සෝලියස් මෙන්දිස් මහතාගේ සිතුවමකි
සතර දළදාවන් ද නොවිසිරුණු ධාතු අතරට අයත් වේ. දළදා යනුවෙන් හඳුන්වන්නේ “රදනක” නම් වූ දත් විශේෂය යි. රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත්වලට “දාඨා” යනුවෙන් කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත්වලට වඩා මදක් උල් ය. දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු හිඩැස් නොවීය. එසේම දත් උස් නොවී, කෙටි නොවී, ඇල නොවී, සියලු දත් මුතු ඇට පෙළක් මෙන් සම ව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත්වලට වඩා ඉතා සුදු පැහැයෙන් යුක්ත විය. සතර දළදාවන්ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට “දාඨා ප්‍රභා” යැයි කියනු ලැබේ. සතර දළදාවන් හොඳින් දැක ගැනීමට ලැබෙන්නේ සර්වඥයන් වහන්සේ සිනා පහළ කරන අවස්ථාවන්හි දී පමණි. මේ සතර දළදාවන් වැඩ සිටින තැන් බුද්ධවංස පාළියේ ධාතු පූජනීය කතාවේ මෙසේ දැක්වේ. “එකා දාඨා තිදසපුරේ - එකා නාගපුරෙ අහු, එකා ගන්ධාරවිසයෙ - එකා කාලිංගරාජිනො”. මේ ගාථාව පාලි ධාතුවංශයේ ද දක්නට ඇත. මෙය මහා පරිනිර්වාණ සූත්‍රයේ දක්වා ඇත්තේ මෙසේ ය. “එකා හි දාඨා තිදිවෙහි පූජිතා - එකා පන ගන්ධාරපුරෙ මහීයති- කාලිංගරඤ්ඤො විජිතෙ පුනෙකං - එකං පුන නාගරාජා මහෙන්ති.” මේ අනුව එක් දළදාවක් තව්තිසා දෙව්ලොවේ ද, එක් දළදාවක් නාග ලෝකයේ ද, එක් දළදාවක් ගන්ධාර දේශයේ ද, එක් දළදාවක් කාලිංග දේශයේ ද වැඩ සිටිති. තව්තිසාවේ වැඩ සිටින්නේ ද්‍රෝණ බමුණාගේ ජටාව තුළ සඟවා තිබියදී සක්දෙව් රජු ලබා ගත් දකුණු දළදාවයි. මේ දකුණු දළදාව දකුණූ උඩු දළදාව ද එසේත් නැති නම් දකුණූ යටි දළදාව දැ’යි කියා සඳහන් නොවේ. දළදාව ලබා ගත්තේ ධාතු බෙදන අවස්ථාවේ දී ය. මෙය රසවත් කතාවකි. කතාව මෙසේයි.
අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ. 12 සෙනසුරාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 12
අව අටවක
අප්‍රේල් 21
අමාවක
අප්‍රේල් 27
පුර අටවක
මැයි 04
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]