[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මඩබාවිට සුමනවංශ නාහිමියෝ සම්මාන ලබති

මඩබාවිට සුමනවංශ නාහිමියෝ සම්මාන ලබති

වර්ෂ 1939.03.17 වන දින දොන් ඇඩ්ව්න් පතිරාජ මහතාගේ හා ටී.ආර්.පුංචිනෝනා රත්නායක මහත්මිය යන දෙපළ මව්පිය කොට මෙලොව එළිය දුටු අප කුල කුමරුවා 1950.08.28 වන දින ගල්පොත්තේවෙල ශාසනවංශ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස උතුම් වු ප්‍රවෘජ්‍යාවට පත් විය. මනා දහම් වත් ප්‍රගුණ කළ සුමනවංශ සාමණේර නම 1960.08.25 දින අධිශීල ශික්‍ෂා සහිත උතුම් වු උපසම්පදා ශිලයෙහි ගුරු උතුමන්ගේ අවවාද අනුශාසනා මැද පිහිටීය.

ඉගෙනීමේ සහජ දක්ෂතාවයෙන් හෙබි උන්වහන්සේ අලව්ව රාහුල පිරිවෙන, බලගල්ල සරස්වතී පිරිවෙන, කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන, වලලියද්ද සුමංගල පිරිවෙන ආදී පිරිවෙන් රැසකින් මුලික අධ්‍යාපනය හදාරා පසුව උසස් අධ්‍යාපනය සඳහා 1963 දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් ව අධ්‍යාපන කටයුතු සිදු කළහ.

මාහේන සුදර්ශනාරාම පිරිවෙන, පිරිස්යාල සේනානායක මුදලින්දාරාම පිරිවෙන, හම්බන්තොට ගුණානන්ද පිරිවෙන ආදී පිරිවෙන් ගුරු ජිවිතයෙන් සමු ගෙන පාසල් ගුරු ජීවිතයට 1976 වසරේ දී අම්පාර කුමාරිගම විද්‍යාලයට පළමු පත්වීම ලබා ගන්නා ලදී.

ප්‍රදේශීක සංඝ සභා කොට්ඨාශ එක්ව ආදි කර්තෘ අනුස්මරණ නිකාය දින මහෝසත්සවය සමගාමි ව පසුගිය ජනවාරි 18 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කය තුළ වැඩ සිටිමින් තම ප්‍රදේශය තුළ ජාතික ආගමික මහා මෙහෙවරක යෙදෙන මහා යතිවරුන් වහන්සේ වෙත උපහාර පීදීම මගින් වර්තමාන වඩුවතු සඟ පරපුරට අලෝකයක් ලබා දෙන මීරිගම මිනිඔලුව විද්‍යවාස මහා පිරිවෙන් මහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය මකුලෑවේ විමල මහනාහිමිපාණන් වහන්සේගේ පින්බර සුරතින් “ ශාසන කීර්ති ශ්‍රි සාසනවංසවංසාලංකාර ” යන ගෞරව සම්මානෝපාධියෙන් පිදුම් ලැබු සිරි සරණංකරෝපසේන ( වඩුවතු ) සඝ පරපුර බබළවන අතිපුජ්‍ය මඩබාවිට සුමනවංශ නාහිමියන්ට රට, දැය, සම්බුදු සසුන වෙනුවෙන් මෙහෙවරක් සිදු කරන්නට තිසරණ සරණ ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.

බක් පුර පසළොස්වක

 අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ.
12 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]