[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 
ඡායාරූපය - පහන්මී නානායක්කාර

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

ශාසනානුලෝමික පැවතුමෙන් පිරිපුන් භික්ෂු පරපුරකට මඟ සදන ප්‍රාචීන භික්ෂු විද්‍යාලය සත්වන සංවත්සරය සමරන වගයි

පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසන පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා දෙමින් ශාසනානුලෝමික පැවතුම්වලින් පිරිපුන් වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් බිහි කිරීමේ පරමෝදාර ප්‍රාර්ථනාව පෙරදැරි කර ගනිමින් සාමාන්‍ය පිරිවෙනක අධ්‍යාපන පටිපාටියට වඩා ක්‍රමවත් වූ භික්ෂු අධ්‍යාපන ආයතනයක් වශයෙන් අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ මහා ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ සහකාර ලේඛකාධිකාරී, දර්ශනපති, රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී නාහිමිපාණන් වහන්සේගේ අදහසකට අනුව ආරම්භ කළ ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය හඳුන්වා දිය හැකි ය. ධර්මධර, විනයධර, බහුශ්‍රැත, සංඝ සෝභනයන්ගෙන් හෙබි නව දැනුම හමුවේ නො සැලෙන පරිණත දර්ශනයක් සහිත පාණ්ඩිත්‍යයෙන් මෙන් ම ශ්‍රද්ධාවෙන් යුත් භික්ෂුවක් තැනීම මූලික පරමාර්ථය වූ මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කුඩා හිමිවරුන් නවීන තාක්ෂණය, විදේශ භාෂා පිළිබඳ දැනුමින් ද සන්නද්ධ කොට ත්‍රිපිටකය හා තදනුබද්ධ අටුවා, ටීකා ආදී දැනුමින් පරිපූර්ණත්වයට පත් කොට ජාතික හා ජාත්‍යන්තර ධර්මදූත මෙහෙවරෙහි යෙදවීම අරමුණු කොට ඇත. බෞද්ධ අධ්‍යයන විෂය පථයන්ගෙන් ඈත් වූ විෂයයන් කෙරෙහි ආකර්ෂණය වීම වෙනුවට ත්‍රිපිටක ධර්මය, ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා දැනුම, භාවනා, ධර්මදේශනා හා පිරිත්දේශනා පුහුණුව ඇතුළු ප්‍රායෝගික විෂය නිර්දේශයක් ඔස්සේ තෙවසරක කාලයක් ශිෂ්‍ය හිමිවරුන් හික්මවා එහි පළමු වසරෙහි දී විනය පිටකයත්, දෙවන වසරේ සූත්‍ර පිටකයත්, තෙවන වසරේ අභිධර්ම පිටකයත් උගන්වා අවසානයේ ත්‍රිපිටකාචාර්ය උපාධිය පිරිනැමීමත්, ශාස්ත්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කොට ප්‍රවචන විශාරද උපාධිය හිමි කොට ගැනීමටත් මෙහි විෂය නිර්දේශය සකස් වී ඇත

ධර්ම දේශනාව:

ප්‍රශ්න අවම කරගන්න මරණය ගැන සිහි කරන්න

මේ මරණානුස්සති කර්මස්ථානයෙහි ආරම්භක ගාථා දෙක යි. පළමු වැන්නෙන් කියැවෙන්නේ “අනුන්ගේ මරණ උපමා කර ගනිමින් දැල් වූ පහනක් මෙන් තමා ගේ ආයුෂ ද කවර මොහොතක හෝ කෙළවර විය හැකි යැ”යි, සිහිපත් කරමින් මරණය පිළිබඳ සිහිපත් කළ යුතු බව යි. ලොව ධන සම්පත්, බල සම්පත්, නැණ සම්පත් ලැබූ මහා උතුමන් පවා මිය පරලොව ගියා සේ මම ද මිය පරලොව යන්නෙමි. මට ද මරණය උරුම වන්නේ ය.” යනු දෙවැනි ගාථාවෙහි අර්ථය යි. උදා වූ අවස්ථාවෙහි පටන් අස්තය කරා ගමන් කරන සූර්යයා මෙන් ජීවිතය මොහොතක් හෝ නොනැවතී නිරතුරුව ම නොපසුබටව මරණය කරා ගමන් කරන්නේ ය, යනාදී වශයෙන් දැක්වෙන කරුණු රැසක් මෙම මරණානුස්සති කර්මස්ථානයෙහි අන්තර්ගත ය. ස්වභාවිකව ම උපතත් සමඟම අපට උරුම වන මරණය පිළිබඳ මෙසේ මෙනෙහි කිරීම ලෞකික ජීවිතයේ අප විසින් ම ගොඩනඟා ගනු ලබන ප්‍රශ්න අවම කර ගැනීමට හේතු වෙයි. සංයුත්ත නිකායෙහි පඨම ආයු සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසුන්ගේ ආයුෂ ඉතා අල්ප බවත්, බොහෝ කල් ජීවත්වන කෙනකු වුව ද වසර සියයක් හෝ ඊට වඩා මදක් අඩු වැඩි කාලයක් ජීවත්වන බව යි. පුද්ගලයකු ගේ මරණය සිදුවිය හැකි ක්‍රම සතරක් බුදු දහමෙහි ඉගැන්වෙයි. ආයුෂ ගෙවී යාම (ආයුක්ඛය) එහි පළමුවැන්න යි. එය “ස්වභාවික මරණය” සේ අර්ථ දැක්විය හැකි ය. දෙවැන්න කර්ම ශක්තිය අවසන්වීම යි. (කම්මක්ඛය) ආයුෂත්, කර්ම ශක්තියත් යන දෙක ම අවසන්වීම (උභයක්ඛය) තෙවැන්න යි. සිව්වැන්න ආයුෂත්, කර්ම ශක්තියත් දෙකම ඉතිරිව තිබිය දී හදිසි අනතුරු ස්වභාවික විපත්, ලෙඩ රෝග වැනි කිසියම් උපද්‍රවයක් පැමිණීමෙන් සිදුවන මරණය යි. මේ අනුව කර්මය මරණය සඳහා එකම හේතුව නොවන බව මනාව පැහැදිලි ය. එක් අතෙකින් සත්ත්වයකු ජීවත්වනවා යැයි කීම මරණය කරා දිව යාමක් බව ප්‍රකාශ කිරීම නිවැරැදි ය. මරණය පිළිබඳ පහත දැක්වෙන ආකාර අට අනුව සිහි කිරීම ද මරණාණුස්සතිය වැඩීමේ දී සිදු කළ හැකි ය. මෙය ඉගැන්වෙන්නේ විසුද්ධි මාර්ගයේ ය.

 

සම්බුදු සිරිපා පද්ම නමාමි

සැවැත්නුවර සුනාපරන්ත දේශයේ විසූ ‘පුණ්ණ’ නම් රහතන් වහන්සේගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කොට පෙරලා සැවැත්නුවරට වැඩම කරන අවස්ථාවේ දී ‘නර්මදා’ නම් නා රජුගේ ආරාධනාව වූයේ තමන්ගේ ජනපදයට වඩින ලෙසට ය. නර්මදා නදී තීරයේ විසූ නා රජුගේ ආරාධනාව පිළිගෙන එහි වැඩම කළ තථාගතයන් වහන්සේ, නා රජුගේ දානය පිළිගෙන, ධර්මය දේශනා කළහ. අනතුරුව නා රජු ඇතුළු පිරිවරට වන්දනා කිරීම සඳහා නර්මදා නදී තීරයේ ශ්‍රී පාද පද්ම සටහන පිහිටුවා වදාළ බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ නර්මදා නදී තීරයේ සම්බුදු සිරිපා සටහන පිහිටුවන ලද්දේ බුදු බව ලැබ වසර අටකින් පසුව යැයි සඳහන් වේ. වත්මනෙහි එම ශ්‍රී පාද පද්ම සටහන මිනිස් ඇසට අදෘෂ්‍යමාන ව පවතී. සච්චබද්ධ පව්වේ සිරිපා සටහන- සච්චක නම් සෘෂිවරු කණ්ඩායමක් හිමාල වනයේ මුදුන් සතක් සහිතතව එකින් එකට බැඳුණු පර්වතයක් මත ඈත අතීතයේ තපස් දම් රැක තිබේ. ඒ හේතුවෙන් මේ පර්වතය සච්චබද්ධ පර්වතය ලෙසින් අරුත් ගැන්වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි මෙම පර්වතය සැවැත් නුවරත්, සුනාපරන්ත දේශයත් අතර පිහිටා ඇති බවයි කියැවෙන්නේ. බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කරන අවස්ථාවේ දී සච්චබද්ධ පර්වතය වෙතට වැඩම කර දේශනා කළ ධර්මය ශ්‍රවණය කර සච්චබද්ධ තාපසයාණන් රහත් භාවයට පත් වූ බව ද සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කොට ආපසු සැවැත් නුවරට වැඩම කරන අවස්ථාවේ දී නැවතත්, සච්චබද්ධ පර්වතයට වැඩමවා ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළ බව සඳහන් වේ. මෙම සිරිපා පද්ම සටහන ද මිනිස් පියවී ඇසින් ඈත් ව ඇත. මෙම පර්වතයේ පිහිටියා වූ ශ්‍රී පාද පද්ම සලකුණ කිසියම් වූ ප්‍රාතිහාර්යයකින් ලැබුණු බැව් ද විශ්වාසයක් පවතියි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]