[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය කළමනාකරණය කර ගන්න කයට මනසට විවේකය දෙන්න

ජීවිතය කළමනාකරණය කර ගන්න කයට මනසට විවේකය දෙන්න

“වැඩ වැඩ කොතෙකුත් වැඩ, ජීවිතයේ ඉවරයක් නැති වැඩ, පන්සලකට යන්න, බණක් දහමක් අහන්න,භාවනාවක යෙදෙන්න වේලාවක් නැහැ, වෙලාවකට මට පිස්සු හැදෙනවා,” මේ මගේ මිතුරකු මා සමඟ පැවසූ වදනකි.

“ අඩු වැඩ අඩු බැණුම්, වැඩි වැඩ වැඩි බැණුම්” තුන් රෝද රථයක පිටු පස ලියා තිබුණ වදනකි. මිනිසා වැඩ කළ යුතු ය. අත සෙළවූවිට කට සෙළවෙයි. එසේ කොකළ කල කුස පිටෙහි ඇලෙයි. වැඩ නොකිරීම මිනිස් කමට නිගාවකි.

රාවණාට දස හිස් විසි අත් ඇතැයි කියයි. එයින් අදහස් කරනුයේ ඔහුට දස දෙනකුගේ බුද්ධිය හා විසි දෙනකු කරන වැඩ කළ හැකි බවයි.

සමහරු වැඩ වැඩිකම නිසා ආතතියට ලක් වෙති. යන්ත්‍රයක් වුව ද වැඩ කරන විට යහපත්ව ක්‍රියාත්මක වෙයි. වැඩ නොකරන විට විනාශ වෙයි. යන්ත්‍රයේ මනා ක්‍රියාකාරිත්වයට වැඩ කළමනාකරණය කළ යුතුයි.අධික වැඩ යෙදූ කල යන්ත්‍රය විනාශ වෙයි.

අඩුවෙන් වැඩ කළ විට එවිටත් යන්ත්‍රය විනාශ වෙයි. අව වැඩ හෙවත් යන්ත්‍රයට නොගැළපෙන වැඩ කළ විට යන්ත්‍රය විනාශ වෙයි. අධි වැඩත් නොකර, අඩු වැඩත් නොකර මේ දෙකට අතර මැද වැඩ කළහොත් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය යහපත් ව පවතී.

මිනිසා යන්ත්‍රයක් නම් ඔහුගේ කායික මානසික සුවබරතාව සදහා සමබරතාවකින් වැඩ කළ යුතුයි. අධි වැඩ, අඩු වැඩ, අව වැඩ මිනිස් යන්ත්‍රය විනාශයට හේතු වෙයි. මද වැඩ කිරීම මිනිස් යන්ත්‍රය යහපත්ව දියුණු කර ගැනීමට හේතු වෙයි. මෙය වැඩ කිරීමේ දී බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ මධ්‍යම ප්‍රතිපදාවයි. අන්තයකට නොගොස් මධ්‍යම ප්‍රමාණයට වැඩ කළමනාකරණය කර ගැනීම එයින් අදහස් කරයි.

බුදුරජාණන් වහන්සේ බහුකෘත්‍ය හෙවත් බොහෝ කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරති. උන්වහන්සේ අවකෘත්‍ය හෙවත් වැරැදි කිරීම ද ප්‍රතික්ෂේප කරති. උන්වහන්සේ අගය කරන්නේ අප්පකිච්චෝ, අල්පකෘත්‍යය හෙවත් අඩුවෙන් කටයුතු කිරීමයි.

අඩුවෙන් කටයුතු කිරීම යනු කටයුතු නොකර සිටීම නොවෙයි. කටයුතු නොකර, අලසව, කුසීතව සිටීම බුදු දහම අනුමත නොකරයි. අලසකම බුදු දහමට අනුව අපාය මුඛයකි. පරිහානියට හේතුවකි.

වීර්යයෙන් කටයුතු කළ යුතු බව බුදු දහම අවධාරණය කරයි. තමන්ට පවතින හැකියාවට, ශක්තියට ගැළපෙන අයුරින් කටයුතු කළ යුතුයි. අප උපතින් ලද විභව ශක්තියක් ඇත. ඒ විභව ශක්තියට ගැළපෙන අයුරින් කටයුතු කළ යුතුයි.

අප වෙත පැවරුන කාර්යයක් වෙයි. අපට අරමුණක් ඇත. ඒ අරමුණ උදෙසා එම කාර්ය පටිපාටියෙහි නිරත නොවී වෙනත් වෙනත් කටයුතුවල නිරත වීම බහුකෘත්‍ය වේ.

ගුරුවරයා ගුරුකම කරද්දීම වෙළදාම, ගොවිතැන කරයි නම් ගොවියා ගොවිකම කරමින් තව තව දේ කරයි නම්, භික්ෂුව තම අරමුණ පසෙකලා ගිහියා කරන කටයුතු කරයි නම් එය බහුකෘත්‍ය වේ.

මෙසේ බහු කෘත්‍යයෙහි නිරත වන විට කාය විවේකය නැති වෙයි. චිත්ත විවේකය නැති වෙයි. උපධි විවේකය නැති වෙයි. නිතරම වැඩෙහි නිරතවීම නිසා කායික විවේකයක් නැත. එක් වැඩක් නිම වීමට පෙර තව වැඩක නිරත වීමට සිදු වෙයි. ඔහුට රැයක් නැත. දවාලක් නැත. නිසි වේලාවට ආහාර ගන්න වෙලාවක් නැත. තම මව්පියන්ට, දූ දරුවන්ට, ස්වාමිපුරුෂයාට, ස්වාමි දියණියට, ඤාතීන්ට හිතවතුන්ට කළ යුතු යුතුකම් වගකීම් මඟ හැරේ. කායික වෙහෙස උරුම කර ගනියි.

කායිකව වෙහෙසුණ ද එක් කටයුත්තක්වත් නිවැරැදි ව ඉටු නොවෙයි. විටෙක සමහර කටයුතු නතර වෙයි. විටෙක සමහර කටයුතු අසම්පූර්ණ ය. තව විටෙක කළ යුතු අයුරින් නොව වෙනත් අයුරින් සිදු කරයි.

ඒ නිසා අරමුණු ඉටු නොවෙයි. අපේක්ෂා බිඳ වැටෙයි. ඉලක්ක සපුරා ගත නොහැක. මිල මුදල් විනාශ වෙයි. දේපළ විනාශ වෙයි. බිරිඳ හැර යයි. ස්වාමි පුරුෂයා හැර යයි. දරුවන් නොමඟ යයි. ඤාතීන් අමනාප වෙයි. සමාජයෙන් දෝෂාරෝපණ පැමිණෙයි. නින්දා අපහාස විඳින්නට සිදුවෙයි. මේ නිසා ඔහුගේ චිත්ත විවේකය නැති වෙයි. සැම විටම බිඳුණු සිතක්, වැටුණු සිතක්, දූෂ්‍ය සිතක් උරුම කර ගනියි. මේ බිඳුණු , වැටුණ, දූෂ්‍ය සිත තුළ පහළ වන සිතිවිලි ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මසුරු, මාන ආදි නරක සිතිවිලි උපදියි.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]