[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පොතුහැර දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පොතුහැර, දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරය සුවිසල් ප්‍රදේශයක් පුරා පැතිරුණු ගල්තලාවක් මත පිහිටි රමණීය ඉපැරැණි පුදබිමකි. පිළැස්සේ සෝභිත හිමි රත්මලේ රතනපාල හිමි, යටිහෙන අත්ථදස්සි හිමි , කොළඹලාමුල්ලේ රතනජෝති හිමි, පතින්වත්තේ රතනපාල හිමි, ගොඩවිට විමලතිස්ස හිමි, වළකුඹුරේ සීලවිමල හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මුල්කොටගත් සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් සඟ පරපුරක සබඳතාවයෙන් මෙම විහාරස්ථානය පැවත එන බව අතීත කරුණු පිරික්සීමේ දී පැහැදිලි වේ. කොරදොළුව මයුරසේලාරාමය, පන්නල ශ්‍රී ඤාණාර්ථදායී පුණ්‍යවර්ධනාරාමය යන විහාරස්ථාන එම විහාර පරපුරට අයත් අනෙකුත් විහාරස්ථාන වන අතර පසුකාලීනව, මල්වතු විහාර පාර්ශ්වයට අයත් කහෙන්දිවල මයුරාවතී පුරාණ විහාරය සහ මැදලස්ස කළුගමුව ශ්‍රී ශෛලමස්තකාරාමය යන විහාරස්ථාන මෙම විහාර පරම්පරාවට සම්බන්ධ වේ. මෙම විහාර පරම්පරාව නියෝජනය කළ වරද්දන් පියදස්සී, වරදන්න රතනජෝති, මූණමලේ ධීරානන්ද, මූණමලේ ධම්මරතන යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද දෙගල්ස්සේගෙදර විහාරස්ථ සංඝ පරම්පරාවේ සම්භාවණීය පැවිදි උතුමෝ වෙති.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]