[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොතුහැර දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරයපොතුහැර දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරය

පොතුහැර දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පොතුහැර, දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරය සුවිසල් ප්‍රදේශයක් පුරා පැතිරුණු ගල්තලාවක් මත පිහිටි රමණීය ඉපැරැණි පුදබිමකි.


මාබෝපිටියේ විමලඤාණ නා හිමි

පිළැස්සේ සෝභිත හිමි රත්මලේ රතනපාල හිමි, යටිහෙන අත්ථදස්සි හිමි , කොළඹලාමුල්ලේ රතනජෝති හිමි, පතින්වත්තේ රතනපාල හිමි, ගොඩවිට විමලතිස්ස හිමි, වළකුඹුරේ සීලවිමල හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මුල්කොටගත් සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් සඟ පරපුරක සබඳතාවයෙන් මෙම විහාරස්ථානය පැවත එන බව අතීත කරුණු පිරික්සීමේ දී පැහැදිලි වේ.

කොරදොළුව මයුරසේලාරාමය, පන්නල ශ්‍රී ඤාණාර්ථදායී පුණ්‍යවර්ධනාරාමය යන විහාරස්ථාන එම විහාර පරපුරට අයත් අනෙකුත් විහාරස්ථාන වන අතර පසුකාලීනව, මල්වතු විහාර පාර්ශ්වයට අයත් කහෙන්දිවල මයුරාවතී පුරාණ විහාරය සහ මැදලස්ස කළුගමුව ශ්‍රී ශෛලමස්තකාරාමය යන විහාරස්ථාන මෙම විහාර පරම්පරාවට සම්බන්ධ වේ.

මෙම විහාර පරම්පරාව නියෝජනය කළ වරද්දන් පියදස්සී, වරදන්න රතනජෝති, මූණමලේ ධීරානන්ද, මූණමලේ ධම්මරතන යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද දෙගල්ස්සේගෙදර විහාරස්ථ සංඝ පරම්පරාවේ සම්භාවණීය පැවිදි උතුමෝ වෙති.

වළකුඹුරේ සීලවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළ අතර ඒ වනවිට විහාරස්ථානවල වගකීම් දැරීමට එකී භික්ෂු පරපුරේ ඉතිරි වූ එක ම භික්ෂුව වූයේ මා පමණි. මා වෙත පැවරුණු ශාසනික වගකීම් ශක්ති පමණින් ඉටු කරමින් සිටින අතර, යුරෝපා ධර්ම දූත සේවය සඳහා ජිනීවා අන්තර්ජාතික බෞද්ධ පදනමෙන් ලද ආරාධනාවකට අනුව, අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවසර පරිදි, විහාරස්ථාන සුදුසු භික්ෂූන් වහන්සේලා වෙත පැවරීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ධුරය. මාබෝපිටියේ විමලඤාණ හිමියන් වෙත පිරි නමන ලදී.

උන්වහන්සේ පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය මහ පිරිවෙනෙහි ආදි ශිෂ්‍යයකු වශයෙන් ද, පරිවේණාචාර්ය සහ පරිවේණාධිපති ද විය.

පසුගිය දස වසරක කාලය තුළ මාබෝපිටියේ විමලඤාණ හිමියන්ගේ නායකත්වය යටතේ සිදුවී තිබෙන ආගමික හා සාමාජික ප්‍රබෝධය අතිශයින් ම ප්‍රශංසනීය වේ. සුවිසල් කළුගල් තලාවක් මත පිහිටි විහාර භූමිය අතිශය දැකුම්කලු ලෙස වැඩිදියුණු කරමින් උන්වහන්සේ සිදු කරන සේවාව වෙනුවෙන් අපගේ ගෞරවය හිමිවිය යුතු ව ඇත.

වයඹ පළාතේ පෞරාණික විහාරස්ථානයක් වන දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරස්ථානය යුග ගණනාවක් මුළුල්ලේ පොදු ජනතාවගේ ශාසනික හා සමාජ අවශ්‍යතා ඉටුකරමින් වැඩසිටි පූජනීය මහා සංඝරත්නයට නමස්කාර කරමි. එකී විහාරස්ථානයට නව ආලෝකයක් ව කටයුතු කරන. මාතලේ මහ වැහැර පුරාණ විහාරය සහ දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති දඹදෙණි හත්පත්තුවේ ද්විතීය සංඝනායක මාබෝපිටියේ විමලඤාණ නා හිමියන්ට චිරාත් කාලයක් ලෝක ශාසනික සේවාවෙහි නියුක්තව වැඩ වසන්නට ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා !

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]