[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සම්බුදු සිරිපා පද්ම නමාමි

සැවැත්නුවර සුනාපරන්ත දේශයේ විසූ ‘පුණ්ණ’ නම් රහතන් වහන්සේගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කොට පෙරලා සැවැත්නුවරට වැඩම කරන අවස්ථාවේ දී ‘නර්මදා’ නම් නා රජුගේ ආරාධනාව වූයේ තමන්ගේ ජනපදයට වඩින ලෙසට ය. නර්මදා නදී තීරයේ විසූ නා රජුගේ ආරාධනාව පිළිගෙන එහි වැඩම කළ තථාගතයන් වහන්සේ, නා රජුගේ දානය පිළිගෙන, ධර්මය දේශනා කළහ. අනතුරුව නා රජු ඇතුළු පිරිවරට වන්දනා කිරීම සඳහා නර්මදා නදී තීරයේ ශ්‍රී පාද පද්ම සටහන පිහිටුවා වදාළ බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ නර්මදා නදී තීරයේ සම්බුදු සිරිපා සටහන පිහිටුවන ලද්දේ බුදු බව ලැබ වසර අටකින් පසුව යැයි සඳහන් වේ. වත්මනෙහි එම ශ්‍රී පාද පද්ම සටහන මිනිස් ඇසට අදෘෂ්‍යමාන ව පවතී. සච්චබද්ධ පව්වේ සිරිපා සටහන- සච්චක නම් සෘෂිවරු කණ්ඩායමක් හිමාල වනයේ මුදුන් සතක් සහිතතව එකින් එකට බැඳුණු පර්වතයක් මත ඈත අතීතයේ තපස් දම් රැක තිබේ. ඒ හේතුවෙන් මේ පර්වතය සච්චබද්ධ පර්වතය ලෙසින් අරුත් ගැන්වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි මෙම පර්වතය සැවැත් නුවරත්, සුනාපරන්ත දේශයත් අතර පිහිටා ඇති බවයි කියැවෙන්නේ.


මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]