[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සිරිපා පද්ම නමාමි

සම්බුදු සිරිපා පද්ම නමාමි

යං නම්මදාය නදියා - පුලිනේ ච තීරේ
යං සච්චබද්ධ ගිරිකේ - සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ - මුනිනෝච පාදං
තං පාද ලාංඡනමහං සිරිසා නමාමි

සැවැත්නුවර සුනාපරන්ත දේශයේ විසූ ‘පුණ්ණ’ නම් රහතන් වහන්සේගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කොට පෙරලා සැවැත්නුවරට වැඩම කරන අවස්ථාවේ දී ‘නර්මදා’ නම් නා රජුගේ ආරාධනාව වූයේ තමන්ගේ ජනපදයට වඩින ලෙසට ය.

නර්මදා නදී තීරයේ විසූ නා රජුගේ ආරාධනාව පිළිගෙන එහි වැඩම කළ තථාගතයන් වහන්සේ, නා රජුගේ දානය පිළිගෙන, ධර්මය දේශනා කළහ.

අනතුරුව නා රජු ඇතුළු පිරිවරට වන්දනා කිරීම සඳහා නර්මදා නදී තීරයේ ශ්‍රී පාද පද්ම සටහන පිහිටුවා වදාළ බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ නර්මදා නදී තීරයේ සම්බුදු සිරිපා සටහන පිහිටුවන ලද්දේ බුදු බව ලැබ වසර අටකින් පසුව යැයි සඳහන් වේ. වත්මනෙහි එම ශ්‍රී පාද පද්ම සටහන මිනිස් ඇසට අදෘෂ්‍යමාන ව පවතී.

සච්චබද්ධ පව්වේ සිරිපා සටහන- සච්චක නම් සෘෂිවරු කණ්ඩායමක් හිමාල වනයේ මුදුන් සතක් සහිතතව එකින් එකට බැඳුණු පර්වතයක් මත ඈත අතීතයේ තපස් දම් රැක තිබේ. ඒ හේතුවෙන් මේ පර්වතය සච්චබද්ධ පර්වතය ලෙසින් අරුත් ගැන්වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි මෙම පර්වතය සැවැත් නුවරත්, සුනාපරන්ත දේශයත් අතර පිහිටා ඇති බවයි කියැවෙන්නේ.

බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කරන අවස්ථාවේ දී සච්චබද්ධ පර්වතය වෙතට වැඩම කර දේශනා කළ ධර්මය ශ්‍රවණය කර සච්චබද්ධ තාපසයාණන් රහත් භාවයට පත් වූ බව ද සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කොට ආපසු සැවැත් නුවරට වැඩම කරන අවස්ථාවේ දී නැවතත්, සච්චබද්ධ පර්වතයට වැඩමවා ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළ බව සඳහන් වේ. මෙම සිරිපා පද්ම සටහන ද මිනිස් පියවී ඇසින් ඈත් ව ඇත. මෙම පර්වතයේ පිහිටියා වූ ශ්‍රී පාද පද්ම සලකුණ කිසියම් වූ ප්‍රාතිහාර්යයකින් ලැබුණු බැව් ද විශ්වාසයක් පවතියි.

සමනල පව්වේ ශ්‍රී පාද පද්මය

තුªන් ලොවට ම සුව සේ වන්දනා කළ හැකි භාග්‍යවත් වූ අප තථාගත බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්ම සටහන පිහිටියේ සමනල කඳු මුදුනෙහි ය. අතීතයේ පන්සියයක් මහ රහතන් වහන්සේ පිරිවරා කැලණියට වැඩම කොට වදාළ අපගේ තථාගතයන් වහන්සේට සුමන සමන් දෙවියන් විසින් කළ ආරාධනාවෙන් සමනල පව්වේ ශ්‍රී පාද පද්ම ලාංඡනය පිහිටුවීම ආශ්චර්යයකි. ඒ උතුම් ශ්‍රී පාද පද්මය අතීතයේ මෙන් අද ද බෞද්ධ ජනතාවගේ අති පූජනීය, අති වන්දනීය මෙන් ම භක්ත්‍යාදරයට ද පත්ව තිබේ.

යෝනක යන වචනය අයෝනියාව හැඳින්වීමට භාවිත කළ වචනයක් ලෙස පෙන්වා දෙයි. අයෝනියාව යනු පුරාණ ගී‍්‍රක පාලනයට යටත්ව තිබූ රටකි. ඒ සොයා ගැනීම් අනුව අයෝනියාව වර්තමාන ඇෆ්ගනිස්ථානය අසල පිහිටි රටක් බවත් පිළිගැනේ. කල් යෑමෙන් පසු යෝනක පුරේ යන පදය මක්කමට යොදා ගනු ලැබ ඇත. මක්කම ඉස්ලාම් බැතිමතුන්ගේ පූජා භූමියකි. පැරැන්නෝ මක්කම පිහිටියේ තථාගත බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී පාද පද්ම ලාංඡනය යැයි ද විශ්වාස කරති.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]