සදහම් දැනුම

 

| 2007 | 2008 | 2009 | 2010 |2011 |2012 |2013 |2014 |2015 |

   |2016 |2017 |
  • සදහම් දැනුම
    ප්‍රශ්නය - සසර සැරිසරන්නෙකුට අපූර්වතම දේශනාවක් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
    සොචති පුත්තේහි පුත්තිමා
    ගොමිකො ගොහි තථෙව සොචති
    උපධීහි නරස්ස සොචතා
    නහි සො සොචති යො නිරුධති පුතුන් ඇති හේ තම පුතුන් (දරුවන්) හේතුකොට ගෙන ශෝක කෙරෙයි. ගව හිමියා ගවයන් හේතුකොටගෙන ම එසේම ශෝක කෙරෙයි. මිනිසාට උපධීහුම ශෝකය සඳහාම හේතු වන්නේ ය. යමෙක් උපධී (කෙලෙස්) රහිත වූයේ ද හේ ශෝක නො කෙරෙයි. මෙම දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් කවුරුන් උදෙසා දේශනා කරන ලද්දක් ද?
    (බුදුසරණ 2017.10.12)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම පැනය ඇසූ තැනැත්තා සහ මේ ගාථාවේ තේරුම කුමක් ද?
    (බුදුසරණ 2017.09.28)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හා මහා ප්‍රඥාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
    (බුදුසරණ 2017.08.15)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බොහෝ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ වෙත ගෞරවාදරයෙන් බුද්ධ පූජාව අප්‍රමාණ භක්තියකින් සිදු කිරීමට ඉදිරිපත් වෙති. බුද්ධ පූජාව ශ්‍රාවකයෙකු විසින් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවධියෙහිදී ම එක්තරා ශ්‍රාවකයකු ට දුන් අවවාදයෙන් වඩාත් පැහැදිලි වෙයි. මෙම සිදුවීම පිළිබඳ විස්තරයක් කරන්න.
    (බුදුසරණ 2017.07.30)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බුදු දහමට අනුව මිනිසා බාහිර ශක්තීන් උපයෝගී කරගනිමින් දිවි පැවැත්ම ඉදිරියට ගෙනයයි. විවිධ ක්‍රමෝපායන් භාවිතා කරමින් ඒ ඒ අවස්ථාවලදී මිනිසා පෙනී සිටී. අංගුත්තර නිකායේ එබඳු කරුණු අටක් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2017.07.23)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බුදුදහම ලොව්තුරා පරමාදර්ශී නිවන්සුව පතා යන මාවත අවධාරිත වුවද එනිසාම වර්තමානික ලෞකික මිනිස් සබඳතා අමතක කොට නැත. නිදසුනක් වශයෙන් ස්ත්‍රී, පුරුෂ සුසංයෝගය පිළිබඳව අනාවරණය වූ අවස්ථා කොතෙකුත් දක්නට ලැබෙයි. (මහා වග්ග පාලි ඉත්ථ – පුරිස සූත්‍ර) පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2017.07.16)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – සූත්‍ර හා අභිධර්ම පිටක දේශනා අනුව ක්ලේශ ධර්ම දසයකි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2017.07.01)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි සඳහන් වන පරිදි පරලොව මනුෂ්‍යයාගේ ජීවිතය සැපවත් කර ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2017.06.23)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – අපවත් වී වදාළ වජිරාරාමවාසී නාරද හිමිපාණන් විසින් බුදුදහම සහ බුදුරජාණන්වහන්සේ නම් කෘතියෙහි බෞද්ධ කර්මයෙහි සුවිශේෂ අවස්ථාවක් මෙසේ පැහැදිලි කරයි.
    (බුදුසරණ 2017.06.01)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – පංච සීලයෙහි දෙවැනි ශික්ෂාපදය ‘අදත්තාදාන’ නමින් හැඳින්වෙන පාපක්‍රියාවකි. අදින්නාදාන යන පාලි වැකියෙහි එන පරිදි අදින්න යනු නො දුන් යන අර්ථයයි. නොදුන් දෙයක් ගැනීම පාපිෂ්ට ක්‍රියාවක් මෙන්ම සදාචාර බවින් තොර අසීලාචාර ක්‍රියාවකි. ‘දීයතීති’ දානං ‘දීම’ පරිත්‍යාගය, පිනකි. එය සදාචාර සද්ගුණයකි. මෙම සද්ගුණය පිළිබඳව පෙළ දහමෙහි විචිත්‍ර වූ දේශනා ඇතුළත් ව ඇත. ආමිස දාන ප්‍රතිපත්ති දාන ධර්ම දාන සප්පුරිස දාන ආදී වශයෙන් විවිධ වූ විස්තර ඇතුළත්ව ඇත. මේවා අතරින් එක්තැනක බුදුරජාණන් වහන්සේ ජළංග සමන්නාගතා දක්ඛිණා යනුවෙන් සුවිශේෂ වූ දානමය පුණ්‍ය ක්‍රියාවක් සඳහන් කරයි. එය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2017.05.03)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – නබ්වෙතං භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා, අගාරස්මා, අනගාරියං පබ්බජිතානං, යං තුම්හෙ. එව රූපිං කථං කථෙය්‍යථ, සන්නි පාතානං වො භික්ඛවො ද්වයං කරණීයං ධම්මීවා කථා අරියොවා තුණ්හී භවොතීතී (චු.නි. මුඛ, වග්ග 149 රාජසුත්‍ර) අනුවාදය- සැදැහසිතින් ගිහිගෙයින් නික්ම සසුන්ගත කුලපුත්‍ර වූ ඔබලාට සුදුසු නොවෙයි. මහණෙනි! ඔබ යම් තැනකට ඒකරාශී වූ විට දැහැමි කතාවක්ම කතා කළ යුතුමය. එසේ නොමැති නම් නිශ්ශබ්දතාවය ඉතා උතුම්ය. බුදුරජාණන් වහන්සේගේ දේශනා මහනීයත්වය ප්‍රකට වන එක් අවස්ථාවක් නම් වරද දුටු තැන එය නිවැරැදි කිරීම සඳහා අනුශාසනා කිරීමයි. ‘අනුත්තරං පුඤ්ඤඛෙත්තං’ උතුම් පින්කෙත නිසරුවන දැයින් වළක්වාලීම උන්වහන්සේගේ පරම අධිෂ්ඨානය විය. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2017.04.26)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – ස්වභාව ධර්මය සමග සබඳතාවයක් ඇතිකර ගත හැකි එකම මගනම් සදාචාරය බව බුදු සමය විශ්වාස කරයි. ස්වභාව ධර්මයාගේ ස්වභාවය සදාචාරය වේ. අප ස්වභාව ධර්මය සාවද්‍ය ලෙස පාවිච්චි කළහොත් ඊට කෘතවේදී නොවුණහොත් ඒ සඳහා අපට දරුණු ප්‍රතිවිපාක සිදුවනු නියතය. සිඟාලෝවාද සූත්‍ර භාවිතා කරමින් පිළිතුරු සකසන්න.
    (බුදුසරණ 2017.04.03)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – ශීලය හා ශික්ෂාපද අතර වෙනස පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2017.03.20)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – “දුඞඛ දොමනස්ස අත්ථංගමාය “ දුක් – දොම්නස් දුරලීම සඳහා බෞද්ධ ප්‍රතිපදා මාර්ගයෙහි ආදි චරණය හෙවත් “පළමුවන හැසිරීම” ශීලයයි. සද්ධාධනං සීලධනං” සීලය ධනයකි බලයකි,සැපයකි, සුගන්ධයකි. “සීල ගන්ධො අනුත්තරො” රාජ ධර්මයකි. පින්කිරියවතකි.(සීලමයං පුඤ්ඤකිරිය වත්ථූ) සීලය පාරමිතාවකි. බෞද්ධ සීලය පිළිබඳව පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2017.03.05)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – මෙම පාලි පාඨයෙන් කාලීන වශයෙන් ඉතාමත් වැදගත් තොරතුරක් අනාවරණය වෙයි. කියවන්න ‘කො පන භන්තෙ හේතු - කො හෙවත් පැවිදි ජීවිතයෙහිදී උපසපන් වීමෙන් වස් විසීම ගණනය කිරීමෙනි. පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති.ස්වාමීනි! යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසන සද්ධර්මය චිරස්ථායි වේ නම් ඒ හේතු ප්‍රත්‍ය කවරේද? වර්තමාන බුදු දහමෙහි චිරස්ථිතිය (පැවැත්ම) සඳහා පෙළ දහමෙහි එන මෙබඳු තොරතුරු හා දේශනා බොදුනුවන් ධර්ම සාකච්ඡාවලදී භාවිත කළ යුතු ය. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2017.02.26)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බුදුන් වහන්සේ කුරු රට කම්මාසදම්ම නම් නියම් ගමෙහිදී ශ්‍රාවක පිරිස අමතා ‘මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙසේ විස්තර කළහ. මහණෙනි, දුක් නැති කිරීමේ පිළිවෙත. නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? එය නම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප , සම්මා වාචා , සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි නම් වු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙම මාර්ගයෙහි පළමු අංගය වූ සම්මා දිට්ඨි හෙවත් නිවැරැදි දැකීම පිළිබඳව ධර්ම විවරණයක් කරන්න.
    (බුදුසරණ 2017.02.04)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – බුද්ධ චරිතයේ එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයෙකු හා සමඟ කළ සාකච්ඡාකින් උපුටාගත් කොටසකි මේ. සුනක්ඛත්ත එන්න. මා උදෙසා වාසය කරන්න. කියා මම ඔබට කීයෙම්ද? නැත, ස්වාමීනි,සුනඛත්ත, මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමියි කියා ඔබ මට කීයෙහිද? නැත ස්වාමීනි.සුනක්ඛත්ත මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේනම්” දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කෙතරම් අඥාන සාවද්‍ය කියමනක්ද? මෙම පුවත කළ අවස්ථාව කුමක්ද?
    (බුදුසරණ 2017.01.27)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – විහාරස්ථානයක දායක වන්නේ ගිහි පින්වතුන්ය. මේ පිළිබදව ධර්මානුකූලව විවරණයක් කරන්න.
    (බුදුසරණ 2017.01.19)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – මහණෙනි, මහාමේඝය (වර්ෂාව) සියලු සම්පත් ළඟාකර දෙන්නේද? එසේම සත්පුරුෂයන්ගේ දන්දීමද බොහෝදෙනාට හිත සුව පිණිස වෙයි. දන්දීමෙහි යහපත් සත්ගුණයෙන් සුදුසු අංග මොනවාද?
    (බුදුසරණ 2017.01.05)