ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අමාවක පෝ දා 2026 නොවැම්බර් 08 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අමාවක පෝ දා 2026 නොවැම්බර් 08 ඉරිදා
නිවස කතුවැකියමානසික සුවය උදෙසා
වප් අමාවක පෝ දා 2026-11-08

මානසික සුවය උදෙසා

by Thanushika
November 8, 2026 12:30 am 0 comment

ක්‍රෝධය අකුසල සහගත චිත්තවේගයකි. බොහෝ දෙනෙක් ජීවිතයේ ගැටලු නිර්මාණය කර ගන්නේ, මේ ජීවිතයත්, මරණින් මතු ජීවිතයත් පරිහානියට වැටෙන්නේ මේ චිත්තවේගය කළමනාකරණය කර ගන්නට නොහැකි වීම නිසා ය. අනුන් කෙරෙහි ඉපදී තමන්ගේ සිත දවන තවන මේ සිතිවිලි දුරින් ම දුරු කළ යුතු බවයි. සම්බුද්ධාවවාදය වන්නේ,

එහෙත් අපේ සමාජයේ පවුල තුළ, අසල්වැසියන් අතර, විවිධ සමාජ කණ්ඩායම් අතර, රැකියා ස්ථානයන්හි පමණක් නොව යන එන මහමග, බස්රියේ, දුම්රියේ පවා ඉතා සුළු සිදුවීම් ඇතැම් විට ජීවිත හානි කරවීම දක්වා දුර දිග යන අවස්ථා නිර්මාණය වන්නේ ක්‍රෝධය පාලනය කර ගත නොහැකි වීම නිසා ය.

එහෙත් සැබෑ බෞද්ධයා නම් ඒ තැනට වැටෙන්නේ නැත. තමන බුද්ධ රත්නය සරණ ගිය, ධර්ම රත්නය සරණ ගිය, සංඝ රත්නය සරණ ගිය පුද්ගලයකු ලෙස හෙතෙම ධර්මය ඉක්මවා යන්නේ නැත. යම් අවස්ථාවක ක්‍රෝධ සිතක් ඉපදුණ ද, මෛත්‍රීය නම් වූ සිසිල් දිය දහරින් ඒ සිතිවිලි පාලනය කර ගන්නට අප්‍රමාදී වේ.

යම් පුද්ගලයකුගේ පි‍්‍රයමනාප බව ඔහුගේ දිවිමඟ බොහෝ කටයුතු පහසු කරයි. තමන්ට තමන් ගැන අභිමානයක් ඇති කරයි. ඒ තැනට පත්වන්නට අද බොහෝ පිරිස් බාහිර ප්‍රතිකර්ම හඹා යති. එහෙත් සිත ක්‍රෝධයෙන් ගිනිගෙන දැවෙනවා නම් ඒ පුද්ගලයා නිසැකව ම දුර්වර්ණ වූවෙක් බවට පත්වේ.

සුව නින්දක් නොලැබීම කායික මානසික නිරෝගී බවට බරපතළ ලෙස බලපායි. නින්ද නොයෑම නිසා අද බොහෝ අය පීඩා විඳිති. මානසික ව වධ විඳිති. එහෙත් වැඩි පිරිසක් නොදන්නා කරුණක් වන්නේ තමන්ගේ ම සිත තුළ දවස පුරා බුර බුරා නැඟෙන ක්‍රෝධයේ ගිනිදැල් තමන්ට නින්ද ද අහිමි කරවන බව ය.

අපේ ශාස්තෘන් වහන්සේ, තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ යමක් කියන්නට, කරන්නට පෙර එය තමන්ට අනර්ථ ද, අනුන්ට අනර්ථ ද යන්න සොයා බලන ලෙස ය. එය තමන්ට අනර්ථ නම්, අනුන්ට අනර්ථ නම්, දෙපිරිසට ම අනර්ථ නම් ඒ දෙය නොකරන ලෙස ය. එහෙත් ක්‍රෝධයෙන් ගිනිගත් පුද්ගලයකුට තමන් කරන කියන දෙයෙහි අර්ථය, අනර්ථය නොපෙනේ. ඒ මොහොතේ ඔහු අන්ධ ය.

ඒ තුළ ගන්නා තීන්දු තීරණවල අනිසි විපාක තමන්ට ජීවිත කාලය පුරා ම විඳින්නට වන, සසර මඟ ද දුකට පත්කරන අවස්ථා ඇත. තැන නොතැන නොහඳුන, කළ යුත්ත නොකළ යුත්ත නොහඳුනන, ක්‍රෝධයෙන් මත්වුණ පුද්ගලයා දුකට පත් වූ විටෙක, සරණ ඇවැසි මොහොතක කිසිවෙක් ඔහුගේ පිහිටට නොපැමිණේ. ක්‍රෝධයෙන් වැඩුණු ඔහුගේ ක්‍රියාකලාප මිතුරන් දුරස් කරයි. නෑයන් අහිමි කරයි.

කලහ, විවාද, අවිගැටුම් ඇති කරන මේ ක්‍රෝධය මානසික රෝගී තත්ත්වයන්ට ද උල්පතයි. අවසානයේ ජීවිතය ම දුකට ඇද දමන මේ අකුසල සිතිවිල්ල දුරු කිරීමේ එකම මඟ මෛත්‍රී සිතිවිලි උපදවා ගැනීම ය.

You may also like

Leave a Comment