නිවස බෞද්ධ දර්ශනයතණ්හාව නැති තැන

තණ්හාව නැති තැන

by Test User
October 6, 2025 1:19 am 0 comment

ආසව යනු අගක්, මුලක්, පරක් – තෙරක් නොපෙනෙන දීර්ඝ සසරෙහි උපන් හැම ජාතියක දී ම උපදවා ගත් කෙලෙස් නම් වූ තුවාලවලට නිසි ප්‍රතිකාර නොදත් නිසා නොකළ නිසා ඒ කෙලෙස් නම් වූ තුවාල පැසවා ගලායන සැරව ය.

සම්බුද්ධෝත්තමයන් වහන්සේගේ අවබෝධය නම් මෙවන් කෙලෙස් සැරව සතරක් තුන් භවයේ කොහේ උපන්නත් සෑම සත්වයකුට ම ඇති බවයි. ආසව, කාමාසව, භවාසව, දිට්ඨාසව හා අවිජ්ජාසව වශයෙන් සිව් වැදෑරුම් ය.

කාමාසව යනු සදෙව්ලොව, සතර අපාය, මිනිස්ලොව යන එකොළොස් ලොව ඇති අල්ප ආස්වාදයට මුළා වී නැවත එවන් ලොවක පුනර්භවයක් ලබා දෙන සළායතන ස්පර්ශයන්ට ඇති ආශාවයි.ඡන්ද රාගය- කාම රාගය ලෙස ද මෙය හඳුන්වයි.

භවාසව යනු ශාස්වක දෘෂ්ටි සහගත රාගයයි.

‘භව තණ්හාව‘ ලෙසින් ද නම් කෙරේ.

දිට්ඨාසව නම් නිත්‍ය, සුඛ, ආත්ම සංකල්ප සහගත මිච්ඡාදිට්ඨියයි.

පළමු ආසව දෙකම දිට්ඨාසවය හේතු කොට සෑදෙන්නෙකි.

අවිජ්ජාසව යනු චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා ඇතිවෙන, ඇතිකර ගන්නා ක්ලේශ ය.

පළමු ආසව තුනම මේ අවිජ්ජාසව නිසා ඇතිවන්නකි. රහතන් වහන්සේ අරහත්ඵලය සාක්ෂාත් කිරීමේ දී මේ සිවුවිධ ආශ්‍රවයන් පට්පස් සද්ධි නිස්සරණ ලෙසින්ම (ඉතිරි නැතිව ප්‍රහීණ කළ හෙයින් භවාංග සිත සුඤ්ඤත ය. එනම් හිස් ය. භවාංග සිතෙහි නිමිති නැත. භවාංගසිත අප්පණීහිත ය. එනම් තණ්හා සංඛ්‍යාත ප්‍රාර්ථනා කිසිත් නැත.

කේ.කේ. සුගතපාල

You may also like

Leave a Comment