[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බෙරලියපොළ රාජ මහා විහාරය
සේයාරුව නිශ්ශංක විජේරත්න

නිකිණි අව අටවක

අගෝස්තු 15 සිකුරාදා අ.භා. 11.52 අව අටවක ලබා 16 සෙනසුරාදා අ.භා. 09.37 න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

සිතින් සවිමත් වෙමු

සිත ගැන අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට මහ මුහුද වගේ කියලා. මහ මුහුදේ රළගෙඩි දැක තියෙනවා නේද? ඒවා මොහොතක්වත් එක විදිහට තියෙන්නේ නෑ. හැම තිස්සේ ම එහෙට මෙහෙට පෙරළි පෙරළී තියෙනවා. පෙරළි පෙරළී තියෙන රළගෙඩි වගේ තමයි මේ සිත ඇතුළේ එන සිතිවිලි. අපිට දවසක් ඇතුළත විතරක් කොයි තරම් නා නා ප්‍රකාර සිතිවිලි එනව ද කියලා අපිට ම හිතාගන්නවත් බෑ නේද? එහෙම පෙරළෙන සිතිවිලි අතරේ අපිට බොහොම අයහපත පිණිස පවතින සිතිවිලි තියෙනවා. ඔන්න කෙනෙක්ට සිතිවිල්ලක් එනවා තව කෙනකුට ගහන්න ඕනි කියලා. සිතිවිල්ල ආපු පමණින් ලොකු ප්‍රශ්නයක් නෑ නේද? නමුත් අපි ඒ සිතිවිල්ලට අනුව කය ක්‍රියාත්මක කළොත්, අපි ගහන්න, රණ්ඩුවට යන්න පටන් ගත්තොත්, ලොකු ප්‍රශ්නයක් ආරම්භ වෙනවා. ඔන්න කෙනකුට සිතෙනවා තවත් කෙනකුට රළු වචනවලින් බණින්න. ඒ සිතිවිල්ල ආවා කියලා ලොකු ප්‍රශ්නයක් පටන් ගන්නේ නෑ. නමුත් හිතුණු විදිහට ම රළු පරුෂ වචනවලින් බණින්න පටන් ගත්තොත්, ලොකු අවුලක් ආරම්භ වෙනවා නේද? එහෙම නම් තේරෙනවා නේද සිත ඇතුළේ ඇති වූ සිතිවිල්ල, සිත ඇතුළේම පාලනය කර ගන්න පුළුවන් වුණොත් ඒක විශාල යහපතක් කියලා. ඒත් සිත පාලනය කර ගන්නේ මොකකින්ද? ඔව්. ඒක කරන්න තියෙන්නෙත් සිතෙන්මයි. සිත සිතෙන් ම රකින එක කවුද අපට කරලා දෙන්නේ? පින්වත් දරුවනේ ඒක කාටවත් කරලා දෙන්න බෑ. ඒක කරගත යුත්තේ අපි විසින්මයි. නමුත් සිත සිතෙන් ම රකින විදිහ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. එය ඉගෙනගෙන ඒ අනුව කටයුතු කරන්න අපි දක්ෂ වුණොත් සිත සිතෙන් ම රැක ගන්න අපිට පුළුවන්.බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘සිත මහ මුහුදක් නම්, ඒ සිත රකින වෙරළ සීලය යි.’ සීලය නම් වූ වෙරළ තියෙනවා නම්, සිතේ සිතුවිලි නම් වූ රළගෙඩි කොයිතරම් දරුණුවට නැඟුණත්, කයින් වචනයෙන් ඒ සිතිවිලි ක්‍රියාත්මක නොවෙන නිසා හානි සිදු වෙන්නේ නෑ.

නිදහස් සිතින් ගැටලු දකින්න

යහපත් ගුණධර්ම ඇසුරෙන් සකස් කර ගත් පුද්ගල සබඳතා සමාජය බැබළීමට හේතු වේ. එහෙත් අනවශ්‍ය කලකෝලාහල ආදියට පැටලී නොහික්මුණු අයුරින් ක්‍රියාකරන අය කොතෙකුත් දැකිය හැකි ය. ඒ ඒ පුද්ගලයන් ගේ ගුණධර්මවල හිස් බව එමඟින් ප්‍රකට කෙරේ. ස්වකීය ශ්‍රාවකයන් මුණගැසුණු අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතාව ආරම්භ කෙළේ “ඇවැත්නි, කෙසේ ද? ඔබ වහන්සේ සමගියෙන්, සතුටින්, විවාදයකින් තොර ව කිරිත්, දියත් මුසු වූවා සේ ඔවුනොවුන් දෙස ප්‍රියමනාප බැල්මෙන් බලමින් වසන්නාහුදැ”යි, අසමිනි. ඒ තුළින් ම උන්වහන්සේ  කලබලකාරිත්වයෙන් තොර ප්‍රියමනාප වාසය අගය කර ඇති බව අපට පැහැදිලි වෙයි. නූතන සමාජය තුළ “කලහකාරී” “ප්‍රචණ්ඩකාරී” යන වචන නිතර භාවිත වනු අසන්නට ලැබෙයි. එම වචන අප සිත් තුළ ජනිත කරවනුයේ අප්‍රසාදයකි. ප්‍රචණ්ඩකාරී යන වදන ඇසූ සැණින් ම අප දුටු ගැටුමක් හෝ ඒ ආශ්‍රිත විනාශයක් පිළිබඳ මතකයට නැඟෙයි. ඒ ඒ පුද්ගලයන් සතු ප්‍රශ්නවලට මුහුණදීමේ ශක්තිය මත ප්‍රචණ්ඩකාරී අවස්ථාවන් ඇතිවීම බොහෝ ස්ථානවල දැකිය හැකි දෙයකි. ප්‍රචණ්ඩත්වය ඇතිවනුයේ සිතට නැඟෙන ද්වේශ සහගත වූ අදහස් නිසා ය. යම් විටෙක එවැනි අදහසක් සිතට නැඟුණු විට අප ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව අපට යම් විටෙක ද්වේෂ සහගත චේතනාවක් පහළවූයේ යැයි සිතමු. එම ද්වේෂය අපට දුක් පිණිස පවත්නා බව පළමුව හොඳීන් වටහාගත යුතු ය. දෙවනුව එය බාහිර සමාජයට ද අවැඩක්, අහිතක් පිණිස ම හේතු වන බව තේරුම් ගැන්ම අපහසු නොවනු ඇත. අපටත් පොදුවේ සමාජයටත් අවැඩක් වන දෙයක් කොට අවසානයේ සිදුවන්නේ කුමක්ද? මානසික වශයෙන් පසුබෑමකට, පීඩනයකට පත්වීම යි. එය දිගින් දිගට ම මනසට වද දෙන සිදුවීමක් වනු ඇත. එබැවින් අපටත්, සමාජයටත් දුක් පිණිස, අවැඩ පිණිස, මානසික පීඩනය පිණිස හේතු වන එම ද්වේෂ සහගත චේතනා විනාශ කර දැමිය යුතු ය. එසේ හටගන්නා වූ ත්, අනාගතයේත් හටගැන්මට ඉඩ ඇත්තා වූත් ද්වේෂය මුළුමනින් ම බැහැර කිරීම අප මෙහි දී ගත යුතු බුද්ධිමත් ම ක්‍රියා මාර්ගය යි.

සිත නොසන්සුන් වුණොත් මානසික වියවුල් වැඩි වෙනවා

සෑම පුද්ගලයකුහට මෙන් ම ඔබට ද භාවනාවේ දී ගැටලු මතු වනු ඇත. ඒවා බලවත් හිරිහැර සේ හෝ, ජයගත හැකි අභියෝග ලෙස හෝ සැලකීමට ඔබට අවස්ථාව ඇත. ඒවා කරදර ලෙස සැලකූ විට ඔබගේ දුක ද වැඩි වනු ඇත. ඒවා ඔබගේ වර්ධනය සඳහා තිබෙන ඉගෙනුම් අවස්ථා ලෙස සලකන විට ඔබගේ ආධ්‍යාත්මික අනාගතය සීමා රහිත වෙයි. සෑම භාවනානුයෝගියකුහට ම පාහේ තමාගේ පුහුණුව තුළ මුහුණපාන බාධාවන් හෝ අවහිරතා හෝ හසුරුවා ගැනීම සඳහා ක්‍රම උපායයන් අවශ්‍ය වෙයි. ඔබගේ අධිෂ්ඨාන ශක්තියෙන් පමණක් ම කර ගන්නවාට වඩා ඉක්මනින් ඔබ ව ආපසු නියම මාර්ගයට යොමු කරන ප්‍රයෝජනවත් ක්‍රමවේදයන් දියුණු කර ඇත. සිත එකඟ කිරීම සහ සිහියෙන් සිටීම එකට ගමන් කරන අතර, එකිනෙකට උපකාරී වෙයි. එකක් දුර්වල වූ විට අනෙකට ද බලපෑම් ඇති වෙයි. සිත එකඟ වීම දුර්වල වූ විට භාවනා පුහුණුව අයහපත් වෙයි. ඔබගේ සිත ඉබාගාතේ යමින් පවතියි. මානසික වියවුල් අවස්ථාවක දී වුව ද සිත නැවත තැන්පත් කර ගැනීම සඳහා ක්‍රමයක් අවශ්‍ය කරයි. වාසනාවකට එවැන්නක් තිබේ. ඇත්ත වශයෙන් ම ඔබට තෝරා බේරා ගැනීම සඳහා සාම්ප්‍රදායික හා ප්‍රායෝගික උපක්‍රම මාලාවක් ඇත. සෑම භාවනානුයෝගියකුහට ම පාහේ, තමාගේ පුහුණුව තුළ මුහුණපාන බාධාවන් හෝ අවහිරතා හෝ හසුරුවා ගැනීම සඳහා ක්‍රම උපායන් අවශ්‍ය වෙයි. ඔබගේ අධිෂ්ඨාන ශක්තියෙන් පමණක් ම කර ගන්නවාට වඩා ඉක්මනින් ඔබව ආපසු නියම මාර්ගයට යොමුකරන ප්‍රයෝජනවත් ක්‍රමවේදයන් දියුණු කර ඇත. මෙම ක්‍රමය පෙර පරිච්ඡේදයේ දී සාකච්ඡා කරන ලදී. බාධාව ඔබව හුස්මෙන් ඉවතට ඇද දමා ඇති බවත්, මෙපමණ වේලාවක් තමා දවල් සිහින දකිමින් ගතකර ඇති බවත් හදිසියේ ම ඔබ තේරුම් ගනියි. මෙහිදී උපාය වන්නේ ඔබ ව ඇද බැඳ තබාගත් ඒ කුමන හෝ දෙයින් ගැලවී, මුළුමනින් ම අවධානය හුස්ම වෙත රැගෙන ඒමයි. ඔබගේ අවධානය ඉවත ගොස් තිබූ කාලය අනුමාන කිරීමෙන් ඔබට මෙය කළ හැකියි. මෙය ඉතා නිරවද්‍ය ගණනය කිරීමක් නොව දළ ඇස්තමේන්තුවක් පමණි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]