[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සිතින් සවිමත් වෙමු

සිත ගැන අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට මහ මුහුද වගේ කියලා. මහ මුහුදේ රළගෙඩි දැක තියෙනවා නේද? ඒවා මොහොතක්වත් එක විදිහට තියෙන්නේ නෑ. හැම තිස්සේ ම එහෙට මෙහෙට පෙරළි පෙරළී තියෙනවා. පෙරළි පෙරළී තියෙන රළගෙඩි වගේ තමයි මේ සිත ඇතුළේ එන සිතිවිලි. අපිට දවසක් ඇතුළත විතරක් කොයි තරම් නා නා ප්‍රකාර සිතිවිලි එනව ද කියලා අපිට ම හිතාගන්නවත් බෑ නේද? එහෙම පෙරළෙන සිතිවිලි අතරේ අපිට බොහොම අයහපත පිණිස පවතින සිතිවිලි තියෙනවා. ඔන්න කෙනෙක්ට සිතිවිල්ලක් එනවා තව කෙනකුට ගහන්න ඕනි කියලා. සිතිවිල්ල ආපු පමණින් ලොකු ප්‍රශ්නයක් නෑ නේද? නමුත් අපි ඒ සිතිවිල්ලට අනුව කය ක්‍රියාත්මක කළොත්, අපි ගහන්න, රණ්ඩුවට යන්න පටන් ගත්තොත්, ලොකු ප්‍රශ්නයක් ආරම්භ වෙනවා. ඔන්න කෙනකුට සිතෙනවා තවත් කෙනකුට රළු වචනවලින් බණින්න. ඒ සිතිවිල්ල ආවා කියලා ලොකු ප්‍රශ්නයක් පටන් ගන්නේ නෑ. නමුත් හිතුණු විදිහට ම රළු පරුෂ වචනවලින් බණින්න පටන් ගත්තොත්, ලොකු අවුලක් ආරම්භ වෙනවා නේද? එහෙම නම් තේරෙනවා නේද සිත ඇතුළේ ඇති වූ සිතිවිල්ල, සිත ඇතුළේම පාලනය කර ගන්න පුළුවන් වුණොත් ඒක විශාල යහපතක් කියලා. ඒත් සිත පාලනය කර ගන්නේ මොකකින්ද? ඔව්. ඒක කරන්න තියෙන්නෙත් සිතෙන්මයි. සිත සිතෙන් ම රකින එක කවුද අපට කරලා දෙන්නේ? පින්වත් දරුවනේ ඒක කාටවත් කරලා දෙන්න බෑ. ඒක කරගත යුත්තේ අපි විසින්මයි. නමුත් සිත සිතෙන් ම රකින විදිහ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. එය ඉගෙනගෙන ඒ අනුව කටයුතු කරන්න අපි දක්ෂ වුණොත් සිත සිතෙන් ම රැක ගන්න අපිට පුළුවන්.


නිකිණි අව අටවක

අගෝස්තු 15 සිකුරාදා අ.භා. 11.52 අව අටවක ලබා 16 සෙනසුරාදා අ.භා. 09.37 න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]