[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

නිදහස් සිතින් ගැටලු දකින්න

යහපත් ගුණධර්ම ඇසුරෙන් සකස් කර ගත් පුද්ගල සබඳතා සමාජය බැබළීමට හේතු වේ. එහෙත් අනවශ්‍ය කලකෝලාහල ආදියට පැටලී නොහික්මුණු අයුරින් ක්‍රියාකරන අය කොතෙකුත් දැකිය හැකි ය. ඒ ඒ පුද්ගලයන් ගේ ගුණධර්මවල හිස් බව එමඟින් ප්‍රකට කෙරේ. ස්වකීය ශ්‍රාවකයන් මුණගැසුණු අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතාව ආරම්භ කෙළේ “ඇවැත්නි, කෙසේ ද? ඔබ වහන්සේ සමගියෙන්, සතුටින්, විවාදයකින් තොර ව කිරිත්, දියත් මුසු වූවා සේ ඔවුනොවුන් දෙස ප්‍රියමනාප බැල්මෙන් බලමින් වසන්නාහුදැ”යි, අසමිනි. ඒ තුළින් ම උන්වහන්සේ  කලබලකාරිත්වයෙන් තොර ප්‍රියමනාප වාසය අගය කර ඇති බව අපට පැහැදිලි වෙයි. නූතන සමාජය තුළ “කලහකාරී” “ප්‍රචණ්ඩකාරී” යන වචන නිතර භාවිත වනු අසන්නට ලැබෙයි. එම වචන අප සිත් තුළ ජනිත කරවනුයේ අප්‍රසාදයකි. ප්‍රචණ්ඩකාරී යන වදන ඇසූ සැණින් ම අප දුටු ගැටුමක් හෝ ඒ ආශ්‍රිත විනාශයක් පිළිබඳ මතකයට නැඟෙයි. ඒ ඒ පුද්ගලයන් සතු ප්‍රශ්නවලට මුහුණදීමේ ශක්තිය මත ප්‍රචණ්ඩකාරී අවස්ථාවන් ඇතිවීම බොහෝ ස්ථානවල දැකිය හැකි දෙයකි. ප්‍රචණ්ඩත්වය ඇතිවනුයේ සිතට නැඟෙන ද්වේශ සහගත වූ අදහස් නිසා ය. යම් විටෙක එවැනි අදහසක් සිතට නැඟුණු විට අප ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව අපට යම් විටෙක ද්වේෂ සහගත චේතනාවක් පහළවූයේ යැයි සිතමු. එම ද්වේෂය අපට දුක් පිණිස පවත්නා බව පළමුව හොඳීන් වටහාගත යුතු ය. දෙවනුව එය බාහිර සමාජයට ද අවැඩක්, අහිතක් පිණිස ම හේතු වන බව තේරුම් ගැන්ම අපහසු නොවනු ඇත. අපටත් පොදුවේ සමාජයටත් අවැඩක් වන දෙයක් කොට අවසානයේ සිදුවන්නේ කුමක්ද? මානසික වශයෙන් පසුබෑමකට, පීඩනයකට පත්වීම යි. එය දිගින් දිගට ම මනසට වද දෙන සිදුවීමක් වනු ඇත. එබැවින් අපටත්, සමාජයටත් දුක් පිණිස, අවැඩ පිණිස, මානසික පීඩනය පිණිස හේතු වන එම ද්වේෂ සහගත චේතනා විනාශ කර දැමිය යුතු ය. එසේ හටගන්නා වූ ත්, අනාගතයේත් හටගැන්මට ඉඩ ඇත්තා වූත් ද්වේෂය මුළුමනින් ම බැහැර කිරීම අප මෙහි දී ගත යුතු බුද්ධිමත් ම ක්‍රියා මාර්ගය යි.


නිකිණි අව අටවක

අගෝස්තු 15 සිකුරාදා අ.භා. 11.52 අව අටවක ලබා 16 සෙනසුරාදා අ.භා. 09.37 න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]