[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

අභිමානවත් ඉතිහාසයක අමරණීය මතකය පොළොන්නරුවේ පොත්ගුල් විහාරය

පොත්ගුල් විහාර ලෙස හඳුන්වන විහාර රාශියක් ලංකාවේ දක්නට ලැබේ. ඒ සෑම විහාරයක් ම මෙන් ම මහනුවර රාජධානි සමයට අයත් පුස්කොළ පොත් ගබඩා කර ඇති විහාර ලෙස සැලකේ. අතීතයේ පොත්ගුල යැයි හැඳින්වූයේ පුස්තකාලය යි. පොත්ගුල් විහාරය නමින් හඳුන්වන පැරැණි ම විහාරය පිහිටා තිබෙන්නේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අද්දර පුරාණ නගරයේ දකුණු දිශාවේ ය. ක්‍රි.ව.1151 - 1186 අතර කාලයේ මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලද විහාරයක් යැයි ද සඳහන් ය. පොත්ගුල් විහාරය ලෙසින් හැඳින්වූවත් ඓතිහාසික මූලාශ්‍රවල නම් එවැනි නමක් හමුවන්නේ නැති බවයි සඳහන් වෙන්නේ. මෑත අතීතයට අයත් නමක් විය හැකි බව ද පැවසේ. මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ ශෛලමය උළුවස්සක තිබී 1906 දී පළමු පුරාවිද්‍යා කොමසාරිස් වූ බෙල් මහතා විසින් සොයා ගන්නා ලද පාලි බසින් රචිත සෙල්ලිපියක සඳහන් වන ආකාරයට, මෙම විහාරය මහා පරාක්‍රමබාහු රජු විසින් මුලින් ම කරවූ බව කියැවේ. පරාක්‍රමබාහු රජුගේ ලීලාවතී රැජින සහ චන්ද්‍රවතී යන බිසෝවරුන් විසින් ප්‍රතිසංස්කරණය කළ බවත් සඳහන් වේ. ඒ අනුව මෙම ගොඩනැඟිලි සංකීර්ණය මහා පරාක්‍රමබාහු රජු කර වූ බව තහවුරු වී ඇත. පළමු පුරාවිද්‍යා කොමසාරිස් වන බෙල් මහතා විසින් 1904 සහ 1906 වසරවල පොත්ගුල් විහාරය සම්බන්ධ ව මුල්ම පුරාවිද්‍යා ගවේෂණය සිදු කළ බව ද සඳහන් ය. බෙල් මහතාට අනුව මේ හා සමාන තවත් ගොඩනැඟිලි පරිශ්‍රයක් ලංකාවෙන් හමු වී නැති බවක් ද කියැවේ. ගෙඩිගේ ආකාරයේ වලයාකාර ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටීම නිසා එහි ඇතුළත පිරී තිබූ අවශේෂ මෙන් ම නිදන් හොරුන් විසින් සිදුකළ දරුණු කැණීම් සහ සුන්බුන් ඉවත්කිරීම් නිසා ගොඩනැඟිල්ලේ හැඩය පිළිබඳ ව කිසිම තොරතුරක් සොයාගත නොහැකි පරිද්දෙන් විනාශ වී තිබූ බව ද බෙල් මහතා පවසා ඇත.

නිකිණි අව අටවක

අගෝස්තු 15 සිකුරාදා අ.භා. 11.52 අව අටවක ලබා 16 සෙනසුරාදා අ.භා. 09.37 න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]