කෙලෙස් උපදින අයුරු වටහා ගන්න
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ
හෑගොඩ විපස්සී හිමි
මෙම ලිපියේ මුල් කොටස නිකිණිපුර අටවක පෝදා පත්‍රයේ පළවිය.
යම් භික්ෂුවකට
“අහෝ වත මමෙච භික්ඛු පුරක්ඛත්වා
පුරක්‍ඛත්වා ගාමං භත්තාය
පවිසෙය්‍යුං න අඤ්ඤං
භික්ඛුං භික්ඛු පුරක්ඛත්වා පුරක්‍ඛත්වා ගාමං භත්තාය පිවිසෙය්‍යු නති” භික්ෂුන්
වහන්සේලා මා පෙරටුකොට ම පිණ්ඩපාතය පිණිස ගමට වඩිනවා වෙනත් භික්ෂුවක පෙරටුකොට
නොවඩිනවා” යන ආශාව ඇතිවෙයි. එහෙත් එය එසේ සිදු නොවෙයි. එවිට එම භික්ෂුව කෝපයට
පත්වෙයි. නොසතුටට පත්වෙයි. කෝපයට පත්වීමත්, නොසතුටට පත්වීමත් යන දෙකම අංගණ.
යම් භික්ෂුවකට “අහෝ වත අහමෙච භත්තගේග භූත්තාව් අනුමොදෙය්‍යං න අඥේඤා භික්ඛුභත්තගෙග
අනුමොදෙය්‍ය”ති.
දන් වළඳා අවසානයේ දී බණ කියන්නට (භූත්තානුමොදනාව) මටම ලැබෙන්නේ නම්. අනෙක්
භික්ෂුවකට නොලැබෙන්නේ නම් හොඳයි යන ආශාව ඇතිවෙනවා. එසේ සිදු නොවන විට කෝපයට පත්
වෙයි. නොසතුටට පත්වෙනවා. කෝපයට පත්වීමත් නොසතුටට පත්වීමත් යන දෙකම අංගණයි.
යම් භික්ෂුවකට “අහෝ වත අහමෙව ආරාමගතානං භික්ඛුනං ධම්මං දෙසෙය්‍යං” න අඥේඤා භික්ඛු
ආරාම ගතානං භික්ඛුනං ධම්මං දෙසෙය්‍යති ආරාමයට පැමිණ සිටින භික්ෂුන්ට බණ කියන්නට මට
ම ලැබෙන්නේ නම් අනෙක් භික්ෂුවකට නොලැබෙන්නේ නම්, හොඳයි. මැනැවැයි යන ආශාව උපදිනවා.
එසේ සිදුනොවන විට කෝපයට පත්වෙයි. නොසතුටට පත්වෙනවා. කෝපයට පත්වීමත්, නොසතුටට
පත්වීමත් යන දෙකම අංගණ.
යම් භික්ෂුවකට ආරාමයට පැමිණි භික්ෂුණීන්ට බණ කියන්නට මට ම ලැබෙන්නේ නම්, අනෙක්
භික්ෂුවකට නොලැබෙන්නේ නම් හොඳයි මැනැවැයි. යන ආශාව උපදිනවා. එසේ සිදු නොවන විට
කෝපයට පත්වෙනවා. නොසතුටට පත්වෙනවා. කෝපයට පත්වීමත් නොසතුටට පත්වීමත් යන දෙකම අංගණ.
යම් භික්ෂුවකට ආරාමයකට පැමිණි උපාසකවරුන්ට බණ කියන්නට මට ම ලැබෙන්නේ නම්, අනෙක්
භික්ෂුවකට නොලැබෙන්නේ නම් හොඳයි. මැනැවැයි යන ආශාව උපදිනවා. එසේ සිදුනොවන විට කෝපයට
පත්වෙනවා. නොසතුටට පත්වෙනවා. කෝපයට පත්වීමත්, නොසතුටට පත්වීමත් යන දෙකම අංගණ.
යම් භික්ෂුවකට ආරාමයට පැමිණි උපාසිකාවන්ට බණ කියන්නට මට ම ලැබෙන්නේ නම් අනෙක්
භික්ෂුවකට නොලැබෙන්නේ නම් හොඳයි. මැනැවැයි යන ආශාව උපදිනවා. එසේ සිදු නොවන විට
කෝපයට පත්වෙනවා. නොසතුටට පත්වෙනවා. කෝපයට පත්වීමත්, නොසතුටට පත්වීමත් යන දෙකම අංගණ.
යම් භික්ෂුවකට “අහො වත මමෙව භික්ඛු සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං
පූජෙය්‍යුං, න අඤ්ඤං භික්ඛුං සක්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යු” නති
භික්ෂුන් වහන්සේ මට ම සත්කාර සම්මාන, ගරු සැලකිලි පුද පූජා කරනවා නම්, අනෙක්
භික්ෂුවකට ඒවා නොකරනවා නම් මැනැවැයි, හොඳයි යන ආශාව ඇතිවෙනවා.
එහෙත් එසේ සිදු නොවන විට කෝපයට පත්වෙනවා. නොසතුටට පත්වෙනවා. කෝපයට පත්වීමත්,
නොසතුටට පත්වීමත් යන දෙකම අංගණ.
යම් භික්ෂුවකට භික්ෂුණීන් වහන්සේ සත්කාර සම්මාන,
යම් භික්ෂුවකට උපාසකවරුන් සත්කාර සම්මාන,
යම් භික්ෂුවකට උපාසිකාවන් සත්කාර සම්මාන,
යම් භික්ෂුවකට “අහෝ වත අහමෙව ලාභී අස්සං පණීතානංචීවරානං න අඤෙඤා භික්ඛු ලාභී අස්ස
පණීතානං චීවරානන්ති” වටිනා සිවුරු මට ම ලැබෙනවා නම්, අනෙක් භික්ෂුවකට ඒවා නොලැබෙනවා
නම් මැනැවැයි හොඳයි යන ආශාව උපදිනවා. එහෙත් එය එසේ සිදුනොවෙයි. එවිටත්
යම් භික්ෂුවකට ප්‍රණීත ආහාරපාන මට ම ලැබෙනවා නම් හොඳයි.
යම් භික්ෂුවකට ප්‍රණීත හොඳ හොඳ වටිනා සේනාසන මට ම ලැබෙනවා නම් හොඳයි.
යම් භික්ෂුවකට ගිලන්පස, බෙහෙත් පිරිකර මට ම ලැබෙනවා නම් හොඳයි කියලා සිතෙනවා නම් එය
නොලැබෙනවා නම් කෝපයට, නොසතුටට පත්වීම අංගණ හැටියට පෙන්වනවා.
භික්ෂු චරිතය හැඩගස්වා ගත යුතු ආකාරය උපමා දෙකක් භාවිත කොට සැරියුත් හිමියනුත්,
මුගලන් හිමියනුත් තවදුරටත් දේශනා කොට ඇත.
සිතෙහි හටගන්නා කෙලෙස් කොස් ඇට, කජු ඇට සේ සටහනක්, පැහැයක් නැහැ. එනිසා ඇසට
නොපෙනෙන, අතට හසු නොවන, සිතේ හටගන්නා කෙලෙස් අරූපී ධර්ම කොට්ඨාසයක්. මේවා පැහැදිලි
කළ හැක්කේ වචන භාවිතයෙන්. එනිසා කෙලෙස් ඇතිවන අවස්ථා ගණනාවක් මෙම සූත්‍රය තුළ සඳහන්
ව ඇත. ඒ අනුව කෙලෙස්වල ප්‍රමාණයක් නැති බව අවබෝධ කර ගත හැකි ය.
චෛතසික වශයෙන් අකුසල චෛතසික 14 යි. කෙලෙස් වශයෙන් එක්දහස් පන්සියයක් වශයෙන්
දැක්වෙනවා. එහෙත් එය ක්‍රියාත්මක වන ආකාර වශයෙන් අසූ හාරදහසක්. අසූහාරදහසක් රජස්
කඳන් ප්‍රහාණය සඳහා අසූහාර දහසක් ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ වදාළ බව
ප්‍රචලිතයි. කෙසේ වුවත් කෙලෙස්වල ප්‍රමාණයක් නැති බව මෙතුළින් පැහැදිලි වන කරුණක්.
සිත කෙලෙසන විට සිත හැකිළෙනවා. එය “ප්‍රමාදය” වශයෙන් දහමෙහි ඉගැන්වේ. ධම්මපදට්ඨ
කතාවේ ද” පමාදෝති පමජ්ජනභාවෝ මුට්ඨසච්චස ඛෙතස්ස සතියා වොස්සක්ගස්ස ඒතං නාම”
ප්‍රමාදය නම් මහත් සේ මුළා වන බවයි. සිහිමුළා බව නම් සිහියෙන් ඈත්වන බවට නමකි.
යනුවෙන් විවරණය කරනවා. එනිසා අප්‍රමාදය සිතෙහි ඇති කර ගත යුතු යි. අප්‍රමාද යනු
සිහියෙන් නොතොරව විසීමයි “සෝ පනේස අත්ථකෝ සතියා අවිප්පවාසෝ” නාම අප්‍රමාදය ඇතිවූ
විට සිත පළල් වෙයි. සතුටු වෙයි. එම නිසා මේ සූත්‍රයේ දැක්වූ පරිදි කෙලෙස් උපදින
අයුරු වටහාගෙන, ඒවා සංවර කර ගනිමින් අප්‍රමාදී ව ජීවත් වන්නට උත්සාහ කළ යුතු ය.
- හේමමාලා රන්දුනු |