ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ අව අටවක පෝදා 2025 ජූලි 18 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ජුලි 17 බ්‍රහස්පතින්දා අ.භා. 07.09 අව අටවක ලබා 18 සිකුරාදා අ.භා 05.02න් ගෙවේ. 18 සිකුරාදා සිල්
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
පසළොස්වක
අගෝස්තු 08
සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළවන්නේ බොහෝ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ය. හිතසුව පිණිස ය, ලෝකානුකම්පාවෙන් ම ය. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ සියල්ල අවබෝධ කළ සේක. සර්ව සම්පූර්ණ ජීවිතයක් ඇති සේක. මහා නුවණැති වන සේක. අලාමක ප්‍රඥා ඇති සේක. ගම්භීර ප්‍රඥා ඇති සේක. අද්විතීය වන සේක. අසහාය වන සේක. ලොව කිසිවකුට ඉසිලිය නොහැකි අපමණ ගුණ දරා වැඩ සිටි සේක. අපමණ ගුණ ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ තවත් බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් පුරාවට දේශනා කරයි ද, ඒ කල්පය අවසන් වී යන්නේ ය. බුදු ගුණස්කන්ධය පවසා අවසන් නොවන්නේ ම ය. බුදුරජාණන් වහන්සේ ඒ අපමණ බුදුගුණ ගුණ නවයකට කැටිකොට වදාළ සේක. දමනය කිරීමට අසීරු වූ අකීකරු දෙව් මිනිසුන් ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යයෙන්'ද, අනුශාසනී ප්‍රාතිහාර්යයෙන් ද දමනයකොට අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ “අනුත්තරෝ පුරිසදම්මසාරථී” නම් වන සේක. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ ආකාරයකින් ලෝ සතුන් දමනය කරන ආකාරය කේවට්ඨ නම් ගෘහපති පුත්‍රයාට මෙසේ වදාළ සේක. “පින්වත් කේවඩ්ඨ, ඍද්ධි ප්‍රාතිහාර්යය කියන්නේ ශරීර කිහිපයක් මවා පෙන්වීම, හදිසියේ නොපෙනී ගමන් කිරීම, පර්වත විනිවිද ගමන් කිරීම, දිය මතුපිට ඇවිදීම, අහසින් ගමන් කිරීම ආදී නොයෙකුත් ප්‍රාතිහාර්යයන් ය. පින්වත් කේවඩ්ඨ, ආදේශනා ප්‍රාතිහාර්යය කියන්නේ ඒ කෙනාට අනුන්ගේ සිත් කියන්න පුළුවන්කමයි. ඔබේ සිත මේ විදිහයි. ඔබ සිතන්නේ මේ විදිහටයි. සිත්වල ඇති දොම්නස් බව, සොම්නස් බව, සිත හැසිරෙන අරමුණූ ආදිය ගැන ප්‍රකාශ කළ හැකි වීමයි. පින්වත් කේවඩ්ඨ, අනුශාසනී ප්‍රාතිහාර්යය කියන්නේ ධර්මයෙන් අනුශාසනා කිරීමයි. මේ විදිහට හිතන්න, මේ විදිහට හිතන්න එපා. මේ විදිහට විමසන්න. මේ විදිහට විමසන්න එපා. මේ මේ දේ පුරුදු කරන්න, මේ මේ දේ ප්‍රහාණය කරන්න. මේ මේ දේ ලබා ගෙන වාසය කරන්න ආදී වශයෙන් අනුශාසනා කරමින්, සීල සමාධි, ප්‍රඥා මාර්ගය පෙන්වා දී සසර දුකින් සත්ත්වයා මුදා ගැනීමට කටයුතු කිරිමයි.
අපට ආරංචි වෙනවා ලස්සන රටවල් තිබෙනවා කියා. ලස්සන මිනිසුන්, ලස්සන දියඇලි, ලස්සන වනාන්තර, ලස්සන නිවාස, ලස්සන වාහන, ලස්සන අඳුම් පැළඳුම් ආදි ලස්සනයි, ලස්සනයි කියා කතාවෙන බොහෝ දේ තිබෙන බව. අපගේ පියවි ඇසට ඒ ලස්සන දේ කෙතරම් බැලුවත් එපාවීමක්, ඇතිවීමක් වෙන්නේ නැහැ. දිනක් සක්දෙවිඳුන් බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නට පැමිණ වන්දනා කරමින් උන්වහන්සේගෙන් මෙසේ අසා වදාළා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ ලස්සන ස්ථාන තිබෙනවා ද? ලස්සන රමණීය භූමිය කියා කියන්නේ කුමකට ද”? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට හරි ලස්සන උත්තරයක් දුන්නා. “දේවේන්ද්‍රය, ලස්සනට නිර්මාණය කරපු ආරාම, චෛත්‍ය, විශාල රුක්ගොමු, පැන් පොකුණු උයන්වතු ආදිය තිබෙනවා. නමුත් දෙවිඳුනි, මනුස්සයාගේ සිතේ ඇතිවන රමණීයත්වයෙන් දහසයෙන් එක පංගුවකින් ඒ රමණීය ස්ථාන නො වටී. දේවේන්ද්‍රය, යම් ගමක වේවා, ආරණ්‍යයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා යම් ස්්ථානයක රහතන් වහන්සේ නමක් වැඩ සිටිනවා නම් එතැනට යි රමණීය භූමිය කියා කියන්නේ. රහතන් වහන්සේ නමක් යම් භූමියක ජීවත් වෙනවා නම් ඒ භූමිය ලස්සන යි. රහතන් වහන්සේ කියා කියන්නේ මිනිසෙක් ලෙස ඉපදී, මිනිසෙක් ලෙස ගුණධර්ම දියුණූ කර, ඒ ගුණධර්ම පරිපූර්ණත්වයට පත් කර සිටින උතුමෙක්. තමාගේ සිත විනාශ කරන යම් අකුසල් තිබෙනවා නම් ඒ සියලු අකුසල් දුරු කරලයි ඉන්නේ. ඒ වගේ ම ජීවිතේ යම් දෙයක් අවබෝධ කර ගන්නට තිබෙනවා නම්, ඒ හැම දෙය ම අවබෝධ කර ගෙනයි ඉන්නේ. එහෙම නම් යම් භූමියක් ලස්සන වෙන්නේ ජීවිතවල තිබෙන ගුණධර්මවලින්.
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ ඒ නුවර තෙරුවන් සරණ ගිය කෝටි පහකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වුණා. ඒ හැම දෙනා ම වගේ අවස්ථාව ලද හැම වෙලාවේ ම ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් හා ශ්‍රාවක සංඝයාගෙන් බණ අහනවා. ඇතැම් දිනවල සැරියුත් මහරහතන් වහන්සේගෙන්, මුගලන් මහරහතන් වහන්සේගෙන් බණ අහනවා. බෞද්ධයෝ හැමෝම වගේ මේ රහතන් වහන්සේගේ බණ අසා ගෙදර යන ගමන් ඒ දෙදෙනා වහන්සේගේ ගුණ කතා කරනවා. දිනක් සැරියුත් මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවක් අසා ගුණ කතා කරමින් යන කොට ‘ලාලුදායි’ නම් භික්ෂුවට ඇහුණා උන්වහන්සේගේ ගුණ කතා කිරීමක්. ‘බලන්න අපේ සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහරහතන් වහන්සේත් බණ කියන කොට අපට හොඳින් තේරෙනවා. හොඳට ධර්ම කරුණු තෝරලා දෙනවා. හැමෝම වගේ මේ රහතන් වහන්සේගෙන් බණ අහන්න හරිම කැමැති‘යි. මේ විදිහට ගුණ කතා කරන විට ‘ලාලුදායි’ භික්ෂුව ඒ කතාව අහගෙන හිටියා. ඊට පස්සේ ‘හොඳයි ඒ දෙන්නාගේ බණ අහලානේ මෙහෙම ගුණ වර්ණනා කරන්නේ. මගෙන් බණ අහපු දාට මං ගැන මොනවද කියන්නේ. අපටත් පුළුවන් හොඳට බණ කියන්න‘යි කිව්වා. ඒ පිරිසත් මේක අහගෙන ඉඳලා හිතුවා ‘මේ නම් හොඳ ධර්ම කථිකයන් වහන්සේ නමක් වෙන්නට ඇති. අපි ඉතිං බණ අහලා නැති නිසා හරියට කියන්න දන්නේ නෑනේ උන්වහන්සේගේ බණ හොඳයි ද, නරකයි ද කියලා. අපි දවසක උන්වහන්සේට ආරාධනා කරලා බණක් අහමු. ඊට පස්සේ අපට පුළුවන්නේ උන්වහන්සේ ගැනත් ගුණ වර්ණනා කරන්න‘යි කියලා තීරණය ගත්තා. කතා කරගත්ත විදිහට දවසක් ජේතවනාරාමයට දානය පූජා කරලා ‘ලාලුදායි’ තෙරුන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා ‘ස්වාමිනි, දැන් ධර්ම දේශනාවට කාලය හරි, අපට අනුකම්පා කරලා බණට වඩින්න‘යි ආරාධනා කළා.
කිරිල්ලවල පුෂ්පාරාම විහාරස්ථ සිරි සිදුහත් දහම් පාසලේ ඇසළ සැදැහැ ගී සරණිය
මහරගම වාපිකාරාම විහාරස්ථ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය
ලේ පරිත්‍යාග කිරීමේ පින්කමක්
සිතුවම් දැක්මක්
උග්ගොඩ ධම්මින්ද හිමියෝ අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලබති
කිරිවෙහෙර පුදබිමේ නෙළුම් මල් පූජාවක්
ඉතිරිය»
දෙලොව රැකවරණයට ධර්මයෙහි හැසිරෙන්න
දිවි මඟ සරසන දම්සක් පැවතුම් සුතුර
නිවැරැදි දිවි පෙවෙත
සම්බුදු දහමෙන් සුපෝෂිත වූ සාහිත්‍ය කලාවේ රුව ගුණ
මල්වතු මහා විහාරයීය 79 වැනි සංඝරාජ ගුණානුස්මරණ පෙරහර
මඩහපොළ මංගල හිමිපාණෝ අසූ දෙවැනි විය සපුරති
දළදා වහන්සේට රැකවරණය දුන් කොත්දූව රාජමහා විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]