[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ඉවසීම උතුම් ම තපස යි

අපට ආරංචි වෙනවා ලස්සන රටවල් තිබෙනවා කියා. ලස්සන මිනිසුන්, ලස්සන දියඇලි, ලස්සන වනාන්තර, ලස්සන නිවාස, ලස්සන වාහන, ලස්සන අඳුම් පැළඳුම් ආදි ලස්සනයි, ලස්සනයි කියා කතාවෙන බොහෝ දේ තිබෙන බව. අපගේ පියවි ඇසට ඒ ලස්සන දේ කෙතරම් බැලුවත් එපාවීමක්, ඇතිවීමක් වෙන්නේ නැහැ. දිනක් සක්දෙවිඳුන් බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නට පැමිණ වන්දනා කරමින් උන්වහන්සේගෙන් මෙසේ අසා වදාළා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ ලස්සන ස්ථාන තිබෙනවා ද? ලස්සන රමණීය භූමිය කියා කියන්නේ කුමකට ද”? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට හරි ලස්සන උත්තරයක් දුන්නා. “දේවේන්ද්‍රය, ලස්සනට නිර්මාණය කරපු ආරාම, චෛත්‍ය, විශාල රුක්ගොමු, පැන් පොකුණු උයන්වතු ආදිය තිබෙනවා. නමුත් දෙවිඳුනි, මනුස්සයාගේ සිතේ ඇතිවන රමණීයත්වයෙන් දහසයෙන් එක පංගුවකින් ඒ රමණීය ස්ථාන නො වටී. දේවේන්ද්‍රය, යම් ගමක වේවා, ආරණ්‍යයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා යම් ස්්ථානයක රහතන් වහන්සේ නමක් වැඩ සිටිනවා නම් එතැනට යි රමණීය භූමිය කියා කියන්නේ. රහතන් වහන්සේ නමක් යම් භූමියක ජීවත් වෙනවා නම් ඒ භූමිය ලස්සන යි. රහතන් වහන්සේ කියා කියන්නේ මිනිසෙක් ලෙස ඉපදී, මිනිසෙක් ලෙස ගුණධර්ම දියුණූ කර, ඒ ගුණධර්ම පරිපූර්ණත්වයට පත් කර සිටින උතුමෙක්. තමාගේ සිත විනාශ කරන යම් අකුසල් තිබෙනවා නම් ඒ සියලු අකුසල් දුරු කරලයි ඉන්නේ. ඒ වගේ ම ජීවිතේ යම් දෙයක් අවබෝධ කර ගන්නට තිබෙනවා නම්, ඒ හැම දෙය ම අවබෝධ කර ගෙනයි ඉන්නේ. එහෙම නම් යම් භූමියක් ලස්සන වෙන්නේ ජීවිතවල තිබෙන ගුණධර්මවලින්.


ඇසළ අව අටවක

ජුලි 17 බ්‍රහස්පතින්දා අ.භා. 07.09 අව අටවක ලබා 18 සිකුරාදා
අ.භා 05.02න් ගෙවේ.
18 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]