ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ අව අටවක පෝදා 2025 ජූලි 18 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සාමණේර ස්වාමීන් වහන්සේ අටනමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමේ මාහැඟිපුණ්‍ය මහෝත්සවයක් පසුගිය දා (01) මහරගම වාපිකාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණි. සතර කෝරළ මහා දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක රඹුක්කන දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ රාජමහා විහාරාධිපති එම විද්‍යායතන පරිවේණාධ්‍යක්ෂ ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති කොටගම ශ්‍රී චන්දරතන නාහිමියන්ගේත්, සෙල්ල කතරගම රාජමහා විහාරාධිපති පඩවිගම ජිනානන්ද නාහිමියන්ගේත්, මහරගම වාපිකාරාමාධිකාරී පොන්නිලව රතනපාල හිමියන්ගේත්, ඉහත ඡායාරූපයන්හි සිටින ශිෂ්‍යයන් පසුගිය මැයි 24 දින මහනුවර මල්වතු විහාර පොහොය සීමා මාලකයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ. එම හිමිවරු පසුගිය ජුනි 01 දින බොරලැස්ගමුව මංසන්දියේ සිට මහ පෙරහරින් වාපිකාරාම විහාරස්ථානයට වැඩම වූ අතර, එම උපසම්පදා ලාභි ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ උත්සවය කිරුලපන ශ්‍රී පූර්වාරාමය, මහරගම වාපිකාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මහා විහාර වංශික කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය කාරක සභාවේ ලේඛකාධිකාරී, කොළඹ නව කෝරලයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පත්බේරියේ විමලඥාණ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර වාපිකාරාමයේ දී විශේෂ පින්කමක් ද පැවැත්වුණි.
ජුලි 17 බ්‍රහස්පතින්දා අ.භා. 07.09 අව අටවක ලබා 18 සිකුරාදා අ.භා 05.02න් ගෙවේ. 18 සිකුරාදා සිල්
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
පසළොස්වක
අගෝස්තු 08
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]