ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ අව අටවක පෝදා 2025 ජූලි 18 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දකුණු පළාතේ පිහිටා ඇති සංචාරක ආකර්ෂණය බහුල ලෙස දිනාගත් ස්ථාන අතර මාදු ගඟ සහ ඒ ආශි‍්‍රත පරිසර පද්ධතිය ප්‍රධාන තැනක් ගනී. අතීතයේ දී මාදු ගඟේ දූපත් 50කට අධික ප්‍රමාණයක් පිහිටා තිබුණත් අවාසනාවකට මෙන් වර්තමානය වන විට දැකිය හැක්කේ ඉතා සුළු දූපත් ප්‍රමාණයකි. මේ සෑම දූපතක් පිළිබඳ ව ඊට ආවේණික කතන්දර සහ සිදුවීම් තිබේ. උතුම් වූ දන්ත ධාතූන් වහන්සේට මුලින් ම රැකවරණය ලබා දුන් බවට සැලකෙන කොත්දූව රාජමහා විහාරය මෙරට ඇති බෞද්ධ විහාරස්ථාන අතරින් එතරම් අවධානයට ලක් නොවුනු විහාරස්ථානයක් වුව ද එහි ඇති ආගමික හා ශාසනික වැදගත්කම ඉතා ඉහළ ය. විහාරස්ථානයේ අතීත කතාව දළදාගමනය තෙක් ඈතට විහිදේ. ජනප්‍රවාදයන් හි එන පරිදි හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දන්ත ධාතුන් වහන්සේ රෝහණයේ වැලිතොට වරාය ආසන්නයේ සිට ලංකාවට වැඩම කරවන අවස්ථාවේ මෙහි පැවති යුද තත්ත්වය නිසාවෙන් මාදු ගඟ මැද දූපතකට පැමිණ වැලිවලින් සෑදු කොතක දන්ත ධාතූන් වහන්සේ නිදන් කොට පුද පූජා පවත්වා ඇත. වැලිවලින් කොතක් නිර්මාණය කොට දළදා වහන්සේ තැන්පත් කිරීම නිසා මෙම දූපතට කොත්දූව ලෙසින් භාවිත කිරීම ආරම්භ වූ බවට ද විශ්වාසයක් පවතී. මෙම යුදමය වාතාවරණය නිම වූ පසු අනුරාධපුරයට ගොස් කිත්සිරිමෙවන් රජුට දළදා වහන්සේ භාරදුන් බව ද කියැවේ. තවද මෙම කොත්දූව රාජමහා විහාරයේ රෝපණය කර ඇති බෝධීන් වහන්සේ ද විශේෂයක් ඇතැයි පැවසේ. මහින්දාගමනය සිදුවූ අවස්ථාවේ දි මෙරටට වැඩම කරවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හට ගැනුණු දෙතිස් ඵල බෝධීන් වහන්සේගෙන් අවසාන දෙතිස් ඵල බෝධීන් වහන්සේ අද රෝපණය කර ඇත්තේ ද කොත්දුව රාජමහා විහාරයේ බව ජනප්‍රවාදයේ හි සඳහන් ය. තවත් ජනප්‍රවාදයක එක්තරා කාලයක දී රෝහණයේ පාලකයා වූ දේවපතිරාජ අමාත්‍යවරයා විසින් එම බෝධීන් වහන්සේ මෙම විහාරස්ථානයේ රෝපණය කරන ලද බව ද කියැවේ.
ජුලි 17 බ්‍රහස්පතින්දා අ.භා. 07.09 අව අටවක ලබා 18 සිකුරාදා අ.භා 05.02න් ගෙවේ. 18 සිකුරාදා සිල්
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
පසළොස්වක
අගෝස්තු 08
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]