නිවැරැදි දිවි පෙවෙත
කේ.ශ්‍රී. ධම්මානන්ද නාහිමි
යයහපත් දිවි පෙවෙත යනු සච්චරිත මූලධර්මයන් නො බිඳ අප ජීවිකාව සලසාගත යුතු ආකාරය පහත
දැක්වෙන පස් වැදෑරුම් දිවි පෙවෙත්හි යෙදීමෙන් බෞද්ධයින් වළක්වා ඇත්තේ ය.
එනම් වහල් මෙහෙයට මිනිසුන් විකිණීම, ආයුධ විකිණීම, මස් විකිණීම, මත්ද්‍රව්‍ය
විකිණීම හා වස විස විකිණීම යි.
ඇතැම් අයට එවැනි වෙළෙඳාම් කිරීමට සිදුවී ඇති බැවින් එහි නිරත වීම එතරම් වරදක් නො
විය හැකි බැව් සලකති. එහෙත් එම තර්කය පදනම් රහිත ය. ඒවා වලංගු වුවහොත් සොරුන්,
මිනීමරුවන්, සාහසිකයන්, බියවද්දන්නන්, හොර බඩු ජාවාරම්කාරයින්, වංචනිකයන් වැනි අයට
තමන් කරන අදමිටු ක්‍රියාවන්හි යෙදීමට සිදු වී ඇත්තේ තමන්ගේ ජීවිකාව කර ගැනීමට අන්
මඟක් නොමැති නිසා යැයි පහසුවෙන් පැවසිය හැකිය. එසේ වුවහොත් ඔවුන්ගේ ජීවන මාර්ගය ද
නිවැරැදි විය හැකිය.
විනෝදයට මසුන් මැරීම හා සතුන් දඩයම් කිරීම, ආහාරය සඳහා සතුන් මැරීම බෞද්ධ ශික්ෂා
පදයන්ට පටහැණි නොවෙති' යි ඇතැම්හු විශ්වාස කරති. මෙය ද ධර්මය හොඳහැටි නො දැනීම නිසා
වූ වැරැදි සංකල්පයකි. එවන් ක්‍රියා වංචනිකයයි කිව යුතු ය.
කුමක් නිසාදයත්? එබඳු ක්‍රියා හැමවිට ම අන් සතුන්ගේ දුකට, විපතට හේතු වන බැවිණි.
එවන් සියලු ක්‍රියාවන්හි දී මහත් වරද කරගනු ලබන්නේ ඒ වරද කරන පුද්ගලයා විසින් ම ය.
වැරැදි ක්‍රියා මඟින් ජීවිකාව ගෙන යෑම බුදුදහමට අනුකූල නොවේ. එබැවින් බුදුරජාණන්
වහන්සේ විසින් මෙසේ වදාරණ ලද්දේ "යමකු නො අඩුව දුසිරිතයෙහි ගැලී අවුරුදු සීයක්
ජීවත් වුවද එක් දිනක් භාවනානුයෝගීව සිල්වත් ලෙස ජීවත්වීම තරම් නො වටී.” දුෂ්ටයකු
වශයෙන් ජීවත්වීමට වඩා ගරු බුහුමන් ලද ධර්මිෂ්ටයකු ලෙස මිය යෑම වඩා හොඳ ය.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෙසු සාධක තුන, සිත පාරිශුද්ධියට පත්කර ගැනීමෙන් අනතුරුව
ප්‍රඥාව වැඩීමට හෙවත් සංවර්ධනයට අදාළ සාධක නම් සම්මා වායාම - යහපත් ප්‍රයත්නය,
සම්මා සති - යහපත් සිහිය හා සම්මා සමාධි - යහපත් තැන්පත් බව යන තුන යි. මේ සාධකයන්
ප්‍රගුණ කිරීම අනුව තම මනස පාලනයටත්, ශක්තිමත් කර ගැනීමටත් හැකි වේ.
ඒ අනුව තමාගේ ක්‍රියාවන් යහපත් වන අතර, සිත සත්‍යාවබෝධය සඳහා සූදානම් කරවයි. එය
විමුක්තියට නැතහොත් බුද්ධත්වයට දොර විවෘත කිරීමක් වැනි යි. සම්මා වායාම යනුවෙන්
අදහස් කරනු ලබන්නේ අප කරන ක්‍රියා පී‍්‍රතිමත් ලෙස කිරීමත් ඒ වෙනුවෙන් නිශ්චිත
ආකල්ප වගාකර ගැනීමත් ය. එම ක්‍රියාවන් අපගේ වෘත්තියට හෝ අධ්‍යයනයට හෙවත් ශික්ෂණයට
හෝ ධර්මය ප්‍රගුණ කිරීමට හෝ අයත් ඒවා විය හැකිය. අප කරන ක්‍රියාවන්ගේ සාර්ථකත්වය
ලැබිය හැක්කේ ද එවන් පී‍්‍රතියක් හෝ උනන්දුවක් රඳවා ගැනීමෙන් හා තෘප්තිමත්
අධිෂ්ඨානයක් ඇතොත් පමණි. සම්මා වායාම යහපත් ප්‍රයත්නයේ අංශ හතරක් ඇත්තේ ය. ඉන්
දෙකක් අයහපත් දෙයටත් ඉතිරි දෙක යහපත් දෙයටත්, යොමු කෙරෙයි.
පළමුවැන්න පාපයක් නපුරක් පැන නැඟුණහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රයත්නය යි.
දෙවැන්න පාපය හෝ අයහපත පැන නැඟීම වැළැක්වීමේ ප්‍රයත්නය යි. තුන්වැන්න පැන නො නැඟී
යහපත් හෙවත් කුසල් සංවර්ධනය යි. සිවුවැන්න එසේ පැන නැඟුණ යහපත හෙවත් කුසල් පවත්වා
ගැනීමට දරන ප්‍රයත්නය යි. අපේ ජීවිතයේ දී යහපත් ප්‍රයත්නය නිසා අකුසල
චිත්තස්වභාවයන් දුරු කිරීමටත්, ස්වාභාවික කොටසක් ලෙසින් කුසල් සිත් තිර ලෙස
පිහිටුවා ගැනීමටත් ඒවා වර්ධනය කර ගැනීමටත් හැකි වේ.
බුදු සමයේ සම්මා සතිය හෙවත් යහපත් සිහිය වැදගත් ප්‍රගුණ කිරීමකි. දුක නැති කිරීමට
වර්ධනය කරගත යුතු එක් මාර්ගයක් ලෙස සම්මා සතිය දක්වා ඇත්තේ එබැවිනි. සම්මා සතිය
වැඩීම් වස් නිරතුරුව දැන සිටිය යුතු සුවිශේෂ අංශ හතරක් වේ.
එනම් සති හෙවත් සිහි නුවණ භාවිත කිරීම යි. කායික ඉරියව් හා හුස්ම ඉහළ පහළ ගැනීම්
පිළිබඳ ඉගෙනීම යි. හැඟීම් මිහිරි ද? අමිහිරි ද? මධ්‍යස්ථ ද? සිත ගිජු වී ද නැද්ද?
කෝපාවිෂ්ට ද? විසිරී ගොස් ද? මුළා වී ඇද්ද? නැද්ද? සිත එකඟ කිරීමට මානසික බාධකයන්
ඇද්ද? නැද්ද? චතුරාර්ය සත්‍ය හෝ වෙනත් යමක් වේද කියා යි. නිවැරැදි සිහි නුවණ අපේ
එදිනෙදා ජීවිතයේ පවා අත්‍යවශ්‍ය වන්නකි. ඉන් අපේ කටයුතු හොඳින් දැනගෙන ක්‍රියා කළ
හැකිය. සෙසු හැඟීම් හා සිතිවිලි මෙන්ම අවට පරිසරය ද තේරුම්ගත හැකිය. සිත නිරතුරුව ම
පැහැදිලිව අවධානශීලිව ද තිබිය යුතුය. එය වෙනතක යොමු වූ වළාකුළින් වැසී ගියා වූ එකක්
සේ නො විය යුතු ය.
සම්මා සමාධි හෙවත් නිවැරැදි චිත්තඒකාග්‍රතාව මඟින් සිත වෙනතක ඇදීයාම වළක්වයි.
චිත්තඒකාග්‍රතාව නම් සිත එක ලක්ෂ්‍යයක එක අරමුණක තබා ගැනීම, දියුණුූ කිරීම සඳහා
පුහුණුවීම යි. මෙයින් සිත සම්පූර්ණයෙන් අරමුණූ උරා ගැනීමත් වෙනතක සිත නො යෑමත්,
සසලවීම මනස්තාපය හෝ නිද්‍රෝප ගතවීම වැළකීමත් සිදු වෙයි. පළපුරුදු අචාර්යවරයකු යටතේ
පුහුණුවීමෙන් සම්මා සමාධිය ප්‍රතිලාභ දෙකක් ලබා දෙයි. පළමුවැන්න සිත හා කය සුවපත්
කරයි. සැප පහසුව සතුට සංහිඳියාව ලබා දෙයි. දෙවැන්න එමඟින් මනස ඒ ඒ දෙය තත් වූ පරිදි
දැකිය හැකි උපකරණයක් බවට පත් කරයි. ප්‍රඥාව පහළවීමට සිත සකස් කරනු ලබයි. ආර්ය
අෂ්ටාංගික මාර්ගය බුදුරදුන් වදාළ සිවුවෙනි වැදගත් ධර්මය වේ. ප්‍රවීණ ආධ්‍යාත්මික
වෛද්‍යවරයකු සේ බුදුරදුන් විසින් දුක්ඛ හෙවත් අසන්තුෂ්ටිතාව සියලු ජීවිතයන් පීඩාවට
පත්කරන රෝගයක් සේ හඳුනා ගන්නා ලදී. උන්වහන්සේ එම රෝග නිධානය අනාවරණය කොට දැක්වූයේ
දුකට හේතුව, ආත්මාර්ථකාමී ගිජු බව හා තෘෂ්ණාව යි. ඒ රෝගයට ප්‍රතිකාරය වූ නිර්වාණය ද
උන්වහන්සේ සොයාගත් සේක. එය සියලු දුක අවසන් වන ස්ථානය යි. රෝගයට නියමිත බෙහෙත්
වට්ටෝරුව අෂ්ටාංගික මාර්ගය යි. ප්‍රවීණ වෛද්‍යවරයකු රෝගියකුට ප්‍රතිකාර කිරීමේ දී
නිර්දේශ කරනු ලබන බෙහෙත් වට්ටෝරුව කායික මෙන්ම මානසික ප්‍රතිකාරයෙකි. දුක නිවාරණයට
මඟ පෙන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගය සමොධානික වෛද්‍ය ක්‍රමයක් සේ ය. එය සකස් වී ඇත්තේ
සංසාර නමැති රෝගය සුව කිරීම සඳහා ය. ආධ්‍යාත්මික පිරිපුන් බව දිනා ගැනීමේ මාර්ගය ද
දුකින් මිදීමේ මාර්ගය ද එය වේ. |