[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මරදාන අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - චේනක

ඉල් අමාවක

දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13
බදාදා පූ.භා. 05.03 න් ගෙවේ.
12 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

ශ්‍රේෂ්ඨ සිංහල දේශප්‍රේමියකුගේ උද්භවය

සෑම උදෑසනකම සූර්යෝදයට පෙරාතුව තවමත් නව යොවුන් විය නො ඉක්ම වූ ළාබාල තරුණ බිරිඳ සුගන්ධවත් වූ පස්පෙති සහිත අරලියා මලින් පිරුණූ වට්ටියක් අතැතිව ගෙවත්තේ පිහිටුවා තිබූ බුදුමැඳුර වෙත සැපැත් වී සුවඳ මලින් තෙරුවන් පුදා කලක සිට අන්ධකාරයට යොමුව පවත්නා දිවයින ධර්මාලෝකයෙන් බබුළුවාලිය හැකි පුත්රුවනක් ලබාදෙන මෙන් දේවාශිර්වාද අයැද සිටියා ය. සෑම සැන්දෑවකදී ම ඇය ලංකා ඉතිහාසයේ පූර්ව යුගයේදී ජාතික හා ආගමික ශ්‍රී විභූතිය පිළිබඳ සිංහල හදවත් තුළ වර්ණනා විෂඨාතික්‍රාන්ත අනුස්මරණයක් උද්දීපනය කරවන පුරාණ අනුරාධපුර නගරයේ පිහිටුවා තිබෙන බුද්ධ ප්‍රතිමාවක අනුරුවක් ඉදිරියේ දණ්ඩ නමස්කාරය පවත්වා ඇගේ ඒකීය ප්‍රාර්ථනය සිදු කළා ය. මෑත ඉතිහාසයේ සිදුවූ සමාජ විපර්යාසයන් සියල්ලට නොසැලී මුහුණ දෙමින්, පාරම්පරික ආගම ධර්මය කෙරෙහි අචල භක්ත්‍යාදරයක් හදවත් තුළ වර්ධනය කර ගනිමින් සමාජයේ අභීතව සිය ස්ථාවරය රැක ගත් ධනවත් පවුල් අල්ප සංඛ්‍යාව අතුරෙන් දකුණු සිරිලක මාතර පුරවරය වාසභූමි කරගත් හේවාවිතාරණ පවුලට ප්‍රමුඛතාවය හිමි වේ. මෙම උදාරතර පවුලේ ප්‍රථමයෙන් ම අපගේ අවධානයට භාජනය වන හේවාවිතාරණ ඩිංගිරි අප්පුහාමි දකුණේ සමාජ ගෞරවය හිමිවූ බලවත් කුලය වන ගොවිකාර්මික ‘ගොයිගම’ කුලයේ සාමාජිකයකු විය. එතුමාගේ පුතුන් දෙදෙනා ද පියා මෙන් ම බුද්ධ ධර්මය කෙරෙහි ශ්‍රද්ධා ගෞරවය දැක්වූ සාධු ගුණ සම්පන්නයෝ වූහ. එක් පුත්‍රයෙක් යථා කාලයේ දී සසුන්ගතව හිත්තැටියේ අත්ථදස්සී තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ ව හිත්තැටියේ රාජමහා විහාරයේ නේවාසිකව විසූ සේක. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූ පූජ්‍ය මිරිස්සේ රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ අටළොස් වැනි සියවසේ දී සිදුවු ශ්‍රී ලංකා බෞද්ධ ශාසනයේ උද්දීපනයේ ප්‍රමුඛයා වශයෙන් පුරෝගාමී වූ පූජනීය ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවේ සතරවැන්නා වූ සේක.

 

මහා අනුසස් ලැබෙන අට මහා පින්කම්

කඨිනට්ඨපරික්ඛාරං - වාසදානං ච උත්තමං, බුද්ධපමුඛ සංඝස්ස දානං - ධම්මස්ස ලේඛනං, ඛෙත්තදානං ච බුද්ධස්ස - පටිමාකරණංපිච, කරණං වච්චකුටියා - අට්ඨ පුඤ්ඤානි උච්ඡරෙ මෙම ගාථාවෙන් ඉගැන්වෙන පරිදි අට මහා පින්කම් යනු කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස( නිවාස) පූජාව, බුදු රදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේට සිදු කෙරෙන දාන පූජාව, ධර්මය ලියවීම, ඉඩකඩම් පූජාව, බුද්ධ ප්‍රතිමා තැනීම හා වච්චකුටි (වැසිකිළි) තැනවීම යි. කඨින පූජාව - අට මහා පින්කම් අතර පළමුවැන්න කඨින චීවර පූජාව යි. පෙළ පොතට හා අටුවා අනුව මෙය උසස් ම පින්කමකි. වස්සාන සෘතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් සමාදන්ව වැඩ සිටින කාලය යි. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි. සෑම වර්ෂයක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන මෙම වස් කාලය සැදැහැවතුන් ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම කාලය තුළ සිදු කෙරෙන විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසළොස්වක පොහෝදා සිට මෙම කඨින මහා පින්කම් ඇරඹෙයි. එබැවින් වප් මහට චීවර මාසය යන නම ද ව්‍යවහාර කෙරෙයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනක දී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම සිදුකළ හැකි වුව ද කඨින පූජා පුණ්‍යෙීත්සවය සිදු කළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් වරක් පමණකි. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කඨින පූජෝත්සවය විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදු කෙරෙන පින්කම් අතර වඩාත් උත්කර්ෂවත් ම පින්කම ලෙස සැලකිය හැකි ය.

 

මනුදම් වැඩෙන ගුණ දම් පිරෙන තෝතැන්න ගමේ විහාරයයි

පන්සල මුල්කොට ගෙන ගොඩනැඟුන සංස්කෘතිය හා අධ්‍යාපනික රටාව පිළිබඳ විමර්ශනය කර බැලීමේ දී මහින්දාගමනය පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ එදා ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කරන ලද්දේ මිස්සක පවුවටයි. එවකට රටේ රජු ලෙස නායකත්වය දැරුවේ දෙවන පෑතිස් රජතුමා ය. එතුමා පිරිසත් සමඟ මුව දඩයමේ යෙදී සිටියදී මිස්සක පවුව පාමුල දී මිහිඳු මහ රහතන් වහන්සේට හමු විය. එහිදී, මිහිඳු මහරහතන් වහන්සේ පළමුව සිදු කළේ රජතුමාගේ බුද්ධිය පරීක්ෂා කරනු වස් අඹ පැනය හා නෑ පැනය ඉදිරිපත් කිරීම යි. අනතුරුව රජතුමාට ධර්මය දේශනා කොට බෞද්ධයකු බවට පත් කොට දෙවනුව රට වැසියා ද බුද්ධාගමට නැඹුරු කළහ. පසුව ධර්මය වැලඳගත් රට වැසියා බෞද්ධ සිරිත් විරිත්වලට අනුකූලව හැඩ ගැසුණු අතරම, හැම කෙනකු ම තිසරණ පන්සිල් සමාදන් වීමට හුරු වීම ද, ලක්දිව සිදු වූ සුවිශේෂී සිදුවීමකි. තවද දන්දීම, සිල් රැකීම, බණ භාවනා කිරීම් ආදී උසස් පින්කම්වලට ද රටවැසියා නැඹුරු විය. භික්ෂූන් වහන්සේට වඳින්න, ගරු කරන්න, වැඩිහිටියන්ට සලකන්න, මවුපියන් වඳින්න, පුදන්න, සලකන්න යනාදී උසස් චාරිත්‍ර ධර්ම නිරන්තරයෙන් ම ජීවිතයට හුරු පුරුදු කර ගනු ලැබීය. පන්සල මුල්කොට ගෙන ජීවන චර්යාව පවත්වා ගෙන යෑමටත්, එහි ඇති චෛත්‍ය, බෝධි, බුදු පිළිම යන ත්‍රිවිධ චෛත්‍ය වැනි පූජනීය වස්තූන් දැක බලා වැඳ පුදා ධාර්මික සතුටක් ඇති කර ගැනීමටත් අමතක නොකළහ. එම වන්දනීය වස්තූන්ගේ වටිනාකම ආදී ඇතුළත් විස්තර පාලි භාෂාව තුළින් ගාථාවලට නඟා පාඩම් කරන්නට ද, හුරු පුරුදු විය. ඒ සියල්ල පන්සල හරහා ජනතාවට ලැබුණු දායාද ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 














 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]