[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

අත්තනගොඩ මාතුල අලුලෙන රාජමහා විහාරය

එක් විටෙක උස් වන, තවත් විටෙක පහත් වන කඳු ශිඛරයන්ගේ බෑවුම් කලාප පසු කරමින් දිවෙන රමණීය කඳුවළල්ලක මුදුනෙහි මෙම විහාරස්ථානය පිහිටා තිබේ. සතර කෝරළයේ අභිමානවත් හෙළ පෞරුෂය විදහා පාන මෙම විහාරස්ථානය කටාරම් කොටන ලද ලෙන්වලින් ද සමන්විත ය. පෙර අතීතයේ අත්තන ශාකයට “මාතුල” යන්න ව්‍යවහාර වූ බවත් මෙම ප්‍රදේශයේ අත්තන ශාක බහුලව වූ බැවින් මෙම විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශය මාතුල දනව්ව ලෙස සලකා ඇති බවත් බොහෝ සාහිත්‍ය කෘති තුළින් හෙළිදරව් වේ. මාතුල හා මාතලේ යන පැරැණි නාමකරණයන්හි ඇති සමීප බව හේතු කර ගනිමින් මෙහි එන බොහෝ කරුණු කාරණා නිධන් වී ඇති මුතු මැණික් පරිද්දෙන් පවතින්නේ ය. අතීතයේ සිටම බොහෝ පුණ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබා දී ජන ජීවිතයේ ආධ්‍යාත්මික පැතිකඩ විශිෂ්ට කරවූ විහාරස්ථානයක් වූ බවට මෙහි ඇති ශිලා ලේඛනවල ඇති තොරතුරු අධ්‍යනය කිරීම මඟින් පුරාවිද්‍යාත්මකව තහවුරු කොට ඇත. අතීතයේ සිට මේ දක්වා අති විරාජමානව බැබළෙමින් ලාංකීය බෞද්ධ සංස්කෘතිය පෝෂණය කරන ලද මෙම පූජනීය ධනස්කන්ධය ඇතැමෙක් වලගම්බා රාජ්‍ය සමයට අයත් යැයි සහ එතුමා විසින් පරිහරණය කරන ලද ස්ථානයක් වශයෙන් පවසති.


ඉල් අමාවක

දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13
බදාදා පූ.භා. 05.03 න් ගෙවේ.
12 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]