ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් අමාවක පෝදා 2023 දෙසැම්බර් 12 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සෑම උදෑසනකම සූර්යෝදයට පෙරාතුව තවමත් නව යොවුන් විය නො ඉක්ම වූ ළාබාල තරුණ බිරිඳ සුගන්ධවත් වූ පස්පෙති සහිත අරලියා මලින් පිරුණූ වට්ටියක් අතැතිව ගෙවත්තේ පිහිටුවා තිබූ බුදුමැඳුර වෙත සැපැත් වී සුවඳ මලින් තෙරුවන් පුදා කලක සිට අන්ධකාරයට යොමුව පවත්නා දිවයින ධර්මාලෝකයෙන් බබුළුවාලිය හැකි පුත්රුවනක් ලබාදෙන මෙන් දේවාශිර්වාද අයැද සිටියා ය. සෑම සැන්දෑවකදී ම ඇය ලංකා ඉතිහාසයේ පූර්ව යුගයේදී ජාතික හා ආගමික ශ්‍රී විභූතිය පිළිබඳ සිංහල හදවත් තුළ වර්ණනා විෂඨාතික්‍රාන්ත අනුස්මරණයක් උද්දීපනය කරවන පුරාණ අනුරාධපුර නගරයේ පිහිටුවා තිබෙන බුද්ධ ප්‍රතිමාවක අනුරුවක් ඉදිරියේ දණ්ඩ නමස්කාරය පවත්වා ඇගේ ඒකීය ප්‍රාර්ථනය සිදු කළා ය. මෑත ඉතිහාසයේ සිදුවූ සමාජ විපර්යාසයන් සියල්ලට නොසැලී මුහුණ දෙමින්, පාරම්පරික ආගම ධර්මය කෙරෙහි අචල භක්ත්‍යාදරයක් හදවත් තුළ වර්ධනය කර ගනිමින් සමාජයේ අභීතව සිය ස්ථාවරය රැක ගත් ධනවත් පවුල් අල්ප සංඛ්‍යාව අතුරෙන් දකුණු සිරිලක මාතර පුරවරය වාසභූමි කරගත් හේවාවිතාරණ පවුලට ප්‍රමුඛතාවය හිමි වේ. මෙම උදාරතර පවුලේ ප්‍රථමයෙන් ම අපගේ අවධානයට භාජනය වන හේවාවිතාරණ ඩිංගිරි අප්පුහාමි දකුණේ සමාජ ගෞරවය හිමිවූ බලවත් කුලය වන ගොවිකාර්මික ‘ගොයිගම’ කුලයේ සාමාජිකයකු විය. එතුමාගේ පුතුන් දෙදෙනා ද පියා මෙන් ම බුද්ධ ධර්මය කෙරෙහි ශ්‍රද්ධා ගෞරවය දැක්වූ සාධු ගුණ සම්පන්නයෝ වූහ. එක් පුත්‍රයෙක් යථා කාලයේ දී සසුන්ගතව හිත්තැටියේ අත්ථදස්සී තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ ව හිත්තැටියේ රාජමහා විහාරයේ නේවාසිකව විසූ සේක. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූ පූජ්‍ය මිරිස්සේ රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ අටළොස් වැනි සියවසේ දී සිදුවු ශ්‍රී ලංකා බෞද්ධ ශාසනයේ උද්දීපනයේ ප්‍රමුඛයා වශයෙන් පුරෝගාමී වූ පූජනීය ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවේ සතරවැන්නා වූ සේක. අනෙක් පුත්‍රයා වූ දොන් කරෝලිස් හේවාවිතාරණ අගනුවරට සංක්‍රමණය වී පිටකොටුව ප්‍රදේශයේ ප්‍රබල පෙළේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් පිහිටුවා ගෙන අනතුරුව අගනුවර ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ අන්දිරිස් පෙරේරා ධර්ම ගුණරත්න මැතිඳුන්ගේ දියණිය සමඟ විවාහ ජීවිතයට ඇතුළත් විය.
දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13 බදාදා පූ.භා. 05.03 න් ගෙවේ. 12 අඟහරුවාදා සිල්
අමාවක
දෙසැම්බර් 12
පුර අටවක
දෙසැම්බර් 19
පසළොස්වක
දෙසැම්බර් 26
අව අටවක
ජනවාරි 04
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]