[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මහා අනුසස් ලැබෙන අට මහා පින්කම්

කඨිනට්ඨපරික්ඛාරං - වාසදානං ච උත්තමං, බුද්ධපමුඛ සංඝස්ස දානං - ධම්මස්ස ලේඛනං, ඛෙත්තදානං ච බුද්ධස්ස - පටිමාකරණංපිච, කරණං වච්චකුටියා - අට්ඨ පුඤ්ඤානි උච්ඡරෙ මෙම ගාථාවෙන් ඉගැන්වෙන පරිදි අට මහා පින්කම් යනු කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස( නිවාස) පූජාව, බුදු රදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේට සිදු කෙරෙන දාන පූජාව, ධර්මය ලියවීම, ඉඩකඩම් පූජාව, බුද්ධ ප්‍රතිමා තැනීම හා වච්චකුටි (වැසිකිළි) තැනවීම යි. කඨින පූජාව - අට මහා පින්කම් අතර පළමුවැන්න කඨින චීවර පූජාව යි. පෙළ පොතට හා අටුවා අනුව මෙය උසස් ම පින්කමකි. වස්සාන සෘතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් සමාදන්ව වැඩ සිටින කාලය යි. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි. සෑම වර්ෂයක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන මෙම වස් කාලය සැදැහැවතුන් ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම කාලය තුළ සිදු කෙරෙන විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසළොස්වක පොහෝදා සිට මෙම කඨින මහා පින්කම් ඇරඹෙයි. එබැවින් වප් මහට චීවර මාසය යන නම ද ව්‍යවහාර කෙරෙයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනක දී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම සිදුකළ හැකි වුව ද කඨින පූජා පුණ්‍යෙීත්සවය සිදු කළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් වරක් පමණකි. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කඨින පූජෝත්සවය විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදු කෙරෙන පින්කම් අතර වඩාත් උත්කර්ෂවත් ම පින්කම ලෙස සැලකිය හැකි ය. කඨින පූජා උත්සවය හා සමගාමීව පෙරහර, පූජා නැටුම්, තොරණ, සැරසිලි, පහන් පූජා, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සාංඝික දාන පූජා, කප් රුක් පූජා ආදී විවිධාකාර චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත්වලට ආවේණික වූ ලක්ෂණ අනුව එම පූජා චාරිත්‍රයන් හි විශේෂත්වයක් දැකිය හැකි ය. පුරාතන යුගයේ පටන් ම කඨිනය සඳහා වැඩමවන භික්ෂූන් වහන්සේට කැඳ බත් ආදිය පිරිනැමීමෙන් සංග්‍රහ කිරීමට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. එය දායක පක්ෂයේ යුතුකමක් සේ ද සැලකූ බව සමන්තපාසාදිකා විනයට්ඨකතාවෙන් පැහැදිලි වේ.


ඉල් අමාවක

දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13
බදාදා පූ.භා. 05.03 න් ගෙවේ.
12 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]