ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් අමාවක පෝදා 2023 දෙසැම්බර් 12 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
රැස් කළ කුසල් පින් මෙලොවට එද්දි ගෙනා පුංචිම සංදියේ පලදී පැවිදි වුණා මවුපියො සොහොයුරන්ගේ ගුණ සුවඳ ගෙනා පන්සල ගෙදර වී යන මඟ වෙනස් උනා
දැම්මත් සෙරෙප්පුව බලනව ගැල වෙන්ට ඇන්දත් සිවුරු පොට පෑගෙනවා පයට තවමත් පන්සලේ බහ නුහුරුය මෙමට නින්දක් ගෙදර වගෙ නැහැ නැඟිටිමි පහට
දුවපැන නටා ගියමුත් දෙවටේ නියරේ පාවඩෙ පලසෙ දැන් ගමනය හිමින් සැරේ කෙළි සෙල්ලමට තිබූ තැන සිවුරෙන් ඇහිරේ සරණක් සොයා යමි බුදු හිමි දෙසු පාරේ
මවුපියො ඇවිත් රස කැවිලි ද අරන් මට වැඳගෙන දෙපා අල්ලා ඉකි බිඳින විට මම හිර කරන් ඉන්නේ දුක පපුව යට මේකද මුල්ම පාඩම හිමි දෙසු මගට
සියපත දියතෙ මුත් කලකට පසු අපට සුපිපෙනු දැකිය හැකි දියඹෙන් විත් උඩට පොඩිතැන ඉගෙන ගෙන ලොකු වියතෙකු වෙන්ට ගුණ නැණ තිබෙන බව හිමි පවසයි මෙමට
නාමය රූපෙ ඇලෙමින් ගැටෙමින් නොසිට සද්ධා ශීල සංවර ගුණ දියුණු කොට සෝතාපන්නවත් වන්නැයි පිරිසකට දෙසනව ඇසුණි අපෙ නාහිමියන් බණට
ඒ.ඒ.ඩී. පෙරේරා
දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13 බදාදා පූ.භා. 05.03 න් ගෙවේ. 12 අඟහරුවාදා සිල්
අමාවක
දෙසැම්බර් 12
පුර අටවක
දෙසැම්බර් 19
පසළොස්වක
දෙසැම්බර් 26
අව අටවක
ජනවාරි 04
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]