[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මානාගල රාජමහා විහාරයීය
සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

මැදින් පෝ දා අසිරිමත් සම්බුදු සිරි‍තෙන්...

සම්බුදු සිරිතේ බුද්ධත්වයෙන් මුල් වසර ගෙවෙමින් පවතිද්දී උදා වූ මැදින් පුර පසළොස්වක දිනය තරම් පුහුදුන් ලෝකයාට අතිශයින් සංවේදී වන අසිරිමත් සිදුවීම් රැසකට මුල පිරුණු තවත් දවසක් තිබේද? ගිහි සුව අපරිමිත ව විඳීමින් එහි නිසරු බව දැන හැඳීන ගත්තේ විසිනව වෙනි වියට පා තබමින් සිටි සිදුහත් රජු ය. හදිසියේ අතුරුදහන් වූ තම ප්‍රිය පුතු සිද්ධාර්ථයන් පිළිබඳ මහත් සොවකින් පෙළුණු සුද්ධෝදන මහරජතුමා මොනතරම් කම්පනයකට පත් වෙන්න ඇතැයි ද අපට සිතා ගන්නට පුළුවන්. දඹදිව පුරා බුද්ධත්වයෙන් වසරක් ගත වෙන්නටත් පෙර බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැතිරුණු යශෝරාවය අතිමහත් වූවක්. ගම් දනව් සිසාරා වේගයෙන් පැතිරෙන මේ කීර්ති ඝෝෂාව වසර හතක් පසුවෙමින් සිටිය දී තම පුතණුවන් පිළිබඳ මහත් ළතැවිල්ලෙන් කල්ගත කළ සුද්ධෝධන රජතුමාට ආරංචි වූයේ මේ වනවිට රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වසන බව යි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීමේ ආශාවෙන් තෙරපෙමින් තම ඇමතිවරයකු රාජදූතයකු ලෙස දහසක් පිරිවර හා බුදුරජාණන් වහන්සේ වෙත පිටත් කර යවන්නේ මේ වකවානුවේ දි යි. එසමය කහ පැහැයෙන් මේරුණු කොළ බිමට පතිත වෙද්දී තද කොළ පැහැති වර්ණයෙන් රුක්ගොමුවල පල පත්‍ර දිලිසෙමින් තිබිය දී රත් පැහැති මල්වලින් ගහණ ගහකොළ සිරිය  මෝදු වෙමින් තිබෙන මෙ සමයෙහි මේ ආකාරයෙන් නවවතාවත් පිරිවර සමඟ පිටත්ව යන ඇමතිවරයකු සහිත පිරිස බුද්ධ ශ්‍රාවකයන් ලෙස මේ සසුනට ඇතුළත් වී රහත් බව ලබා ගත්තා විනා තමන් පැමිණි කාරණය බුදුරදුන්ට දන්වා කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සිදු වූයේ නැහැ.ඒ අවස්ථාවේ සිදුහත් ගොයුම් බෝසතුන් උපන් දින ම උපත ලද කාලුදායි නම්, රජුට අතීශයින් හිතැති ඇමතිවරයා අමතා බුදුරදුන් වඩමවා ගෙන ඒවට කීවිට එක්වර ම කියා සිටියේ තමන්ට පැවිදි වීමට අවසර දෙනවා නම් ඒ කාර්යය ඉටු කර දෙන්නම් කියායි.

ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 140 වැනි ජන්ම දින පුණ්‍යොත්සවයෙන්... 

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ඡන්ම දින සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාමය පින්කම සහ සංඝගත දක්ෂිණාව පසුගිය දා (23, 24) ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි. ලේක්හවුස් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන්, බෞද්ධ සංගමයේ සංවිධායකත්වයෙන්, ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැති එම පුණ්‍යොත්සවයේ සුවිශේෂී අවස්ථා...

සම්බුදු දහම ප්‍රඥාවෙන් දකින්න

මහ බෝසතාණෝ අවබෝධ කරගත් ධර්මය ප්‍රඥාගෝචර වූවකි. ලොව යථාර්ථය පිළිබඳ ව ඇති කරගත් මෙම ප්‍රඥාව ක්‍රමානුකූල ව අවබෝධ කරගත යුත්තකි. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් පෙන්වා දී තිබේ. ඒ අනුව බුදුදහමේ අවසානික පරමාර්ථය වන ප්‍රඥාවබෝධය තුළින් නිවන් සුවය ළඟා කරගත හැකි ය. එහෙත් ප්‍රඥා සංකල්පය පිළිබඳ ප්‍රභේදයෝ නා නා විධ ය. ධර්මයන්ගේ ඇති තතු අවබෝධ කිරීම වශයෙන් එකවිධ ය. ලෞකික - ලෝකෝත්තර ආදී වශයෙන් ද්විවිධ ය. චින්තාමය - සූතමය - භාවනාමය ආය කොසල්ලඤාණ- උපාය කොසල්ලඤාණ යනාදී වශයෙන් ත්‍රිවිධ ය. චතුරාර්ය සත්‍යයන්ගේ වශයෙන් හා ප්‍රතිසම්භිදාවන්ගේ වශයෙන් ද චතුර්විධ ය. අන් කිසිවකුගෙන් නො අසා සිය සිතින් කල්පනා කිරීම් වශයෙන් ලැබගන්නා නුවණ “චින්තාමය පඤ්ඤා” නම් වේ. යම් කිසිවක් ගැන හරි වැරදි කල්පනා කිරීම් ඈ විසින් සිතන්නට පුරුදු තැනැත්තාහට මේ චින්තාමය ප්‍රඥාව ලබා ගැනීම අමාරු නැත. යමකුට සිතීමේ ශක්තියක් හෝ සිතන්නට පුරුද්දක් හෝ නැත්නම්, ඔහුට කවර විෂයකින්වත් විශේෂ දියුණුවක් ලබා ගැනීමට නො පිළිවන්ය. “නාචින්තයන්තො පුරිසො - විසේසමධිගච්ඡති” යි පැවැසෙන්නේ එහෙයිනි. සුමේධ පණ්ඩිතයන් නිවනක් තිබිය යුතු යයි දැනැ ගත්තේත් මහෞෂධ පණ්ඩිතයන් දුටුවන් පුදුම කරවන උමඟක් සහ විදුලිය ආදී නොයෙක් දේ ඇති කරන ලද්දේත් චින්තාවෙනි. වත්මන්හි සඳ හිරු ආදී තාරකාවන් සොයා යාහැකි තරම් පොහොසත් නා නා විධ යන්ත්‍රාදිය නිපදවා ඇත්තේ මේ චින්තාමය ප්‍රඥාවේ බලයෙනි.

බව ගණනින් පසුපස එන පාපයේ විපාක

සැවැත්නුවර දෙව්රම් වෙහෙරට නිතර ම භික්‍ෂූහු රැස් වෙති. එසේ වැඩම කළ භික්‍ෂුන් කීප නමකට එක් ගමක සැදැහැවතුන් විසින් දානයක් පිරිනැමීමේ අරමුණින් කටයුතු සූදානම් කරද්දී ඒ සඳහා මාළු බැද ඇත. එහි දී සිදු වූ ප්‍රමාද දෝෂයකින් ඒ නිවසේ වහලය ගිනි ගෙන ඇත. ඒ ගින්නෙන් නැඟුණු ගිනි දැල්ලක් ඒ මොහොතේ අහසේ පියඹා ගිය කපුටකුට වැදී පිච්චී බිම වැටී මැරී ඇත. ඒ සිදුවීම දුටු භික්‍ෂූන් වහන්සේ මේ ගැන පසුව බුදුහිමියන්ගෙන් විමසූහ.එහි දී බුදුහිමියන් මෙසේ දේශනා කර ඇත. පෙර ආත්මයක සී සෑම කළ ගොවියෙකු සී සෑම සඳහා යෙදවූ ගවයන් අතර වැඩට කම්මැළි ගවයකු බිම ලැග සිටිනු දැක කෝපයට පත්ව “උඹ හැමදා ම වැඩ නොකර සැපට නිදා ගන්නවා”යැයි කියා පහර දී ඒ ගවයාගේ ඇඟ පිදුරුවලින් වසා ගිනි තබා ඇත. ඉන් පිළිස්සුණු ගවයා මිය ගියේ ය. ගොවියා ඒ කළ පාපයෙන් බොහෝ කලක් අපායේ දුක් විඳ කපුටකු වී ඉපදී මේ අයුරින් ආත්ම සීයයක් ම ගින්නට හසු වී පිච්චී මිය ගිය බව බුදුහිමියන් දේශනා කර ඇත. ඉන් පැහැදිලි කර දී ඇත්තේ කළ පවින් මිදී සිටීමට අහසින් ගියත් නොහැකි වූ බවයි. තවත් භික්‍ෂූන් පිරිසක් නැව් නැඟී යන අතරතුර මුහුද මැද දී නැව නතර වීම නිසා ඉදිරියට යා ගත නොහැකි වී තිබේ. මේ හදිසි අකරතැබ්බය දුටු බොහෝ දෙනකු නැවියාට කියා ඇත්තේ මෙහි පව්කාරයකු ඇත කියා ය. නැවියා ඒ පිරිස කී පව්කාරයා, කාලකන්නියා නැතිනම් අවාසනාවන්තයා සොයා ගැනීමට කුසපත් ඇද තිබේ. එහි දී ‘පව්කාරයා’ යනුවෙන් ලියා තිබූ තුණ්ඩුව ඇදී තිබුණේ නැවියාගේ රූමත් බිරිඳට ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]