ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක්වූ මැදින් පුර පසළොස්වක පෝ දා 2026 මාර්තු 02 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඓතිහාසික කන්ද උඩරටින් ලොව දස දෙස වෙත මුදාහැරෙන නවමු ආධ්‍යාත්මික ආලෝකයේ සංකේතයකි මානාගල මහා විහාරය. සිත් නෙත් නිවාලන හදබිම වෙමින් මානාගල පව්ව මත ඉදිවන “මානාගල විශ්වාන්තර දම්සභා මණ්ඩපය” ලෝසතුන් සනහාලන උතුම් මාහැඟි ජාතික දායාදයක් වන්න. මහනුවර සිට මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරය වෙත පැමිණ දුනුවිල මාර්ගයට පිවිස කිලෝමීටර් හතක් පමණ පැමිණි පසු රමණීය කඳු මුදුනතක පිහිටි මානාගල පුදබිම වෙත පිවිසිය හැකියි. සෙන්කඩගල නුවර තෙක් දිවෙන චමත්කාර දසුන් පෙළ හන්තාන කඳුපෙළ මායිම් කර දක්වන්නේ ඉනික්බිති සමනොළ ගිර දෘෂ්‍යමාන කරමින් ය. එමෙන්ම අම්බුලුවාව, හුන්නස්ගිරිය හා නකල්ස් කඳු පෙළද හාත්පසින් ශෝභාවත් වන මේ පින්බිම ස්වභාව සෞන්දර්යයේ අසිරිය මොනවට කියාපායි. රාජ්‍ය වර්ෂ 2021 නොවැම්බර් මස 22 වන දින සඟ සතු කොට පූජා කළ මෙම පුදබිමෙහි නිමැවුම් සංකල්පය දෙස් විදෙස් පතළ ශ්‍රී ලාංකේය ධර්ම පර්යේෂකයකු වන ආචාර්ය පරණගම ඤාණවිමල හිමිපාණන්ගේ ය. දෙස් විදෙස් සාධුජනයාගේ නො මද භක්ත්‍යාදරයට පාත්‍ර උන්වහන්සේගේ උදාරතර ශාසනික අභිලාශයන් මල්ඵල ගන්වමින් වෙහෙරකම් පුළුුල් වෙමින් නැඟෙන මානාගල විහාරය සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජන කොටස් වෙත විවෘත වූ පුදබිමක් වීම බුදු සසුනේ සැම වෙත සම වන මෙත් කරුණා ගුණ කියපායි. මානාගල පුදබිමේ දී වසරකට දෙවරක් පැවැත්වෙන ගැබිනි මවුවරුන් උදෙසා වන උපදේශන හා ද්‍රව්‍ය ආධාර බෙදාදීමේ ”ගබ්භපටිහාරීය පින්කම” සේ ම කොවිඩ් හා දිට්වා ව්‍යසන අවස්ථාවන්හී දී ආධාර හා උපකාර දැක්වීමේ දී ද එම අවස්ථා ප්‍රදේශයේ සියලු ආගමික ජන ප්‍රජාව වෙත විවරවීම උක්ත කරුණ තහවුරු වන, සියල්ලන්ගේ ම පැසසුම හිමි වන අවස්ථා වේ.
මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න් පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]