[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිත් නෙත් රුව ගුණ රැන්දූ - මානාගල මහ ‍ෙවහෙර මන බැන්දූ

සිත් නෙත් රුව ගුණ රැන්දූ - මානාගල මහ වෙහෙර මන බැන්දූ

ඓතිහාසික කන්ද උඩරටින් ලොව දස දෙස වෙත මුදාහැරෙන නවමු ආධ්‍යාත්මික ආලෝකයේ සංකේතයකි මානාගල මහා විහාරය.

සිත් නෙත් නිවාලන හදබිම වෙමින් මානාගල පව්ව මත ඉදිවන “මානාගල විශ්වාන්තර දම්සභා මණ්ඩපය” ලෝසතුන් සනහාලන උතුම් මාහැඟි ජාතික දායාදයක් වන්න.

මහනුවර සිට මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරය වෙත පැමිණ දුනුවිල මාර්ගයට පිවිස කිලෝමීටර් හතක් පමණ පැමිණි පසු රමණීය කඳු මුදුනතක පිහිටි මානාගල පුදබිම වෙත පිවිසිය හැකියි. සෙන්කඩගල නුවර තෙක් දිවෙන චමත්කාර දසුන් පෙළ හන්තාන කඳුපෙළ මායිම් කර දක්වන්නේ ඉනික්බිති සමනොළ ගිර දෘෂ්‍යමාන කරමින් ය. එමෙන්ම අම්බුලුවාව, හුන්නස්ගිරිය හා නකල්ස් කඳු පෙළද හාත්පසින් ශෝභාවත් වන මේ පින්බිම ස්වභාව සෞන්දර්යයේ අසිරිය මොනවට කියාපායි.


ආචාර්ය පරණගම ඤාණවිමල හිමි

රාජ්‍ය වර්ෂ 2021 නොවැම්බර් මස 22 වන දින සඟ සතු කොට පූජා කළ මෙම පුදබිමෙහි නිමැවුම් සංකල්පය දෙස් විදෙස් පතළ ශ්‍රී ලාංකේය ධර්ම පර්යේෂකයකු වන ආචාර්ය පරණගම ඤාණවිමල හිමිපාණන්ගේ ය. දෙස් විදෙස් සාධුජනයාගේ නො මද භක්ත්‍යාදරයට පාත්‍ර උන්වහන්සේගේ උදාරතර ශාසනික අභිලාශයන් මල්ඵල ගන්වමින් වෙහෙරකම් පුළුුල් වෙමින් නැඟෙන මානාගල විහාරය සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජන කොටස් වෙත විවෘත වූ පුදබිමක් වීම බුදු සසුනේ සැම වෙත සම වන මෙත් කරුණා ගුණ කියපායි.

මානාගල පුදබිමේ දී වසරකට දෙවරක් පැවැත්වෙන ගැබිනි මවුවරුන් උදෙසා වන උපදේශන හා ද්‍රව්‍ය ආධාර බෙදාදීමේ ”ගබ්භපටිහාරීය පින්කම” සේ ම කොවිඩ් හා දිට්වා ව්‍යසන අවස්ථාවන්හී දී ආධාර හා උපකාර දැක්වීමේ දී ද එම අවස්ථා ප්‍රදේශයේ සියලු ආගමික ජන ප්‍රජාව වෙත විවරවීම උක්ත කරුණ තහවුරු වන, සියල්ලන්ගේ ම පැසසුම හිමි වන අවස්ථා වේ.

එමෙන්ම විහාරාධිපති මාහිමිපාණන් වහන්සේගේ උදාරතර සංකල්පයකට අනුව පිරිනැමෙණ නැණ සවිය ශිෂ්‍යත්ව වැඩසටහන දිවයිනේ සිසුන්ගේ අධ්‍යාපනික අභිලාශයන් සාක්ෂාත් කරගනිමින් දේශය ඉහළින් ඔසවා තැබීමේ ඒකායන අරමුණින් සිදුවන තවත් සුවිශේෂී සමාජ සද්කාර්යයකි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනුපමේය ගුණ සමුදාය අනුස්මරණය කෙරෙමින් පවත්වන අකුරණ මිහිඳු මහ පෙරහර ජාතියේ මාහැඟි උරුමයන් මතු පරපුර වෙත පිරිනැමෙමින් විහාරස්ථානයේ මූලික මාර්ගෝපදේශකත්වයෙන් වසරක් පාසා පොසොන් මස දී පැවැත්වීමට යෙදේ.

එමෙන්ම ථෙරවාදී බුදුදහම හා මහායාන බුදුදහම පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයකට ඉඩහසර විවර කරමින් විවෘත වන්නට යෙදුන ශ්‍රී ලංකා චීන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මනාගල මහා විහාරය ජාත්‍යන්තරය වෙත විවර කෙරුණු සුවිශේෂී අවස්ථාවකි. මානාගල මහා විහාරය හා චීනයේ ගුවංදොං ප්‍රාන්තයේ දාෆෝ මහා විහාරය අතර අත්සන් තැබුණු සංස්කෘතික හුවමාරු ගිවිසුම මඟින් දෙරටේ බෞද්ධ ප්‍රජා අතර සාමයික සංවාදයන් වඩා පුළුල් චින්තන අවකාශයක් වෙත ඔසවා තැබීම මෙම මධ්‍යස්ථානයේ අභිප්‍රාය යි. තවද විහාර පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කර ඇති චීන සංස්කෘතියේ සුවිශේෂී දර්ශයන් වන චීන තේ කලාව, චීන අක්ෂර කලාව, සේද නිමැවුම් ආදිය පිළිබිඹු වන කලාකෘති හා ප්‍රදර්ශනාංග පැමිණෙන සැදැහැවතුන් නවමු මානයක් වෙත රැගෙන යනු ලබයි.

මානාගල මහා විහාරය ලෝකවාසීන්ගේ සිත්හි සටහන් කරවන මුද්‍රාවක් ලෙසින් ඉදිකිරීමට යෝජිත මීටර් හැට හයක් උසැති ශ්‍රී ශාක්‍යසිංහ සමාධි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ හා මීටර් දහ අටක් උසැති මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමා වහන්සේ වෙත මුල්ගල තැබීම 2025 නොවැම්බර් මස 22 වන දින ශ්‍රී ලංකාවේ චීන තානාපති තැන්පත් චී චෙන් හොං (Qඪ ඛඩඥදඩධදඨ) මැතිතුමාගේ මූලිකත්වයෙන් සිදුවිය. මෙකී ප්‍රතිමා වහන්සේගේ කාන්තිමත් දර්ශනය මතු දිනක මෙම උතුම් භූමිය වෙත දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නමස්කාරය කැඳවීම සිදුකරනු ඇති. එසේම නිස්කලංක කඳුමුදුන ඉදිවෙන භාවනා කුටිපෙළ දෙස් විදෙස් ගිහිපැවිදි බොහෝ දෙනකුට නිවන් මග දොර විවර කෙරෙන බව ද නිසැක කරුණකි.

මානාගල මහා විහාරය බොහෝ ජාතික , ආගමික හා සමාජයීය මෙහෙවර සිදුකරමින් ලක්බිමට කීර්තිය අත්කර දෙමින් දිවයිනේ ඓතිහාසික උරුමයේ අභිමානවත් නියමුවකු ලෙස තවත් සියවස් ගණනාවක් නැඟීසිටිනු ඇති.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]