ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක්වූ මැදින් පුර පසළොස්වක පෝ දා 2026 මාර්තු 02 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහ බෝසතාණෝ අවබෝධ කරගත් ධර්මය ප්‍රඥාගෝචර වූවකි. ලොව යථාර්ථය පිළිබඳ ව ඇති කරගත් මෙම ප්‍රඥාව ක්‍රමානුකූල ව අවබෝධ කරගත යුත්තකි. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් පෙන්වා දී තිබේ. ඒ අනුව බුදුදහමේ අවසානික පරමාර්ථය වන ප්‍රඥාවබෝධය තුළින් නිවන් සුවය ළඟා කරගත හැකි ය. එහෙත් ප්‍රඥා සංකල්පය පිළිබඳ ප්‍රභේදයෝ නා නා විධ ය. ධර්මයන්ගේ ඇති තතු අවබෝධ කිරීම වශයෙන් එකවිධ ය. ලෞකික - ලෝකෝත්තර ආදී වශයෙන් ද්විවිධ ය. චින්තාමය - සූතමය - භාවනාමය ආය කොසල්ලඤාණ- උපාය කොසල්ලඤාණ යනාදී වශයෙන් ත්‍රිවිධ ය. චතුරාර්ය සත්‍යයන්ගේ වශයෙන් හා ප්‍රතිසම්භිදාවන්ගේ වශයෙන් ද චතුර්විධ ය. අන් කිසිවකුගෙන් නො අසා සිය සිතින් කල්පනා කිරීම් වශයෙන් ලැබගන්නා නුවණ “චින්තාමය පඤ්ඤා” නම් වේ. යම් කිසිවක් ගැන හරි වැරදි කල්පනා කිරීම් ඈ විසින් සිතන්නට පුරුදු තැනැත්තාහට මේ චින්තාමය ප්‍රඥාව ලබා ගැනීම අමාරු නැත. යමකුට සිතීමේ ශක්තියක් හෝ සිතන්නට පුරුද්දක් හෝ නැත්නම්, ඔහුට කවර විෂයකින්වත් විශේෂ දියුණුවක් ලබා ගැනීමට නො පිළිවන්ය. “නාචින්තයන්තො පුරිසො - විසේසමධිගච්ඡති” යි පැවැසෙන්නේ එහෙයිනි. සුමේධ පණ්ඩිතයන් නිවනක් තිබිය යුතු යයි දැනැ ගත්තේත් මහෞෂධ පණ්ඩිතයන් දුටුවන් පුදුම කරවන උමඟක් සහ විදුලිය ආදී නොයෙක් දේ ඇති කරන ලද්දේත් චින්තාවෙනි. වත්මන්හි සඳ හිරු ආදී තාරකාවන් සොයා යාහැකි තරම් පොහොසත් නා නා විධ යන්ත්‍රාදිය නිපදවා ඇත්තේ මේ චින්තාමය ප්‍රඥාවේ බලයෙනි. යම්කිසි කරුණක් ඔස්සේ සිතා එහි ඇති තතු දැන ගැනීමට පුරුදුවීම සිතන්නාගේ නුවණ වැඩීමට හේතු වන්නාක් මෙන් ම ලෝකයෙහි ශිල්ප ශාස්ත්‍රාදිය පිළිබඳ දියුණුවටත් එක ම මාර්ගය වන්නේ ය. යම් යම් දේ ඔස්සේ සිතු චින්තකයෝ නොවූවාහු නම්, කවර දෙයක් පිළිබඳ වුවත් අද දක්නට ලැබෙන විශාල දියුණුව කෙසේවත් දක්නට ලැබෙන්නේ නැත. ඉගෙනීමට බස්නා ශිෂ්‍යයන් ගුරු මුවින් අසා දැනගත් පමණෙකින් හෝ පත පොතේ තිබෙන පමණෙකින් හෝ සෑහීමට පත් නොවී සිය නුවණ මෙහෙයවා කල්පනා කිරීම චින්තාමය ප්‍රඥාව ලැබ ගැනුමට මහත්ම රුකුලෙකි.
මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න් පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]