ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක්වූ මැදින් පුර පසළොස්වක පෝ දා 2026 මාර්තු 02 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ වාර්ෂික මල් පින්කම මේ මස 28 වැනි දින උසස් අයුරින් හා අත්‍යාලංකාරයෙන් පැවැත්වීමට විහාරාධිපති කොළඹ සල්පිටි කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක උග්ගොඩ ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සම්පාදනය කර ඇත.
32 වැනි වරටත් පැවැත්වෙන මෙම අසිරිමත් පින්කමේ පරිවාර පින්කම් මාලාව, මාර්තු 24 වැනි දින උදෑසන 5.00ට කිරි ආහාර පූජාවෙන් ආරම්භ කෙරේ. එදින රාත්‍රී 7.00ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව පිළියන්දල සරණ හිමි විසින් පැවැත්වනු ලැබේ.
මල් භාරගැනීමේ කාර්යාලය (28 වැනි දින) පෙරවරු 7.00 සිට විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල ක්‍රියාත්මක වේ.
මෙම පින්කමේ සංවිධාන කටයුතු සංකල්ප විහාරයීය දායක සභාව, සංකල්ප දහම් පාසල, සංකල්ප විහාරස්ථ සංවිධාන එකමුතුව විසින් සිදු කරනු ඇත.
මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න් පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]