ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්යය සාර්ථක කර ගැනීමට දායක වූවන් ඇගයීමේ උළෙලක් පසුගිය දා බුත්තල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙහිදී කලායතන, කලායතනාධිපතිවරුන්, නර්තන ආචාර්යවරුන්, ස්වේච්ඡා සංවිධාන, වෙළෙඳ ප්රජාව සහ රාජ්ය නිලධාරීන් ඇගයීමට ලක් කෙරිණි. යුදඟනාව රාජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්රධාන සංඝ නායක, ශාස්ත්රපති, පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නාහිමියන් විසින් පෙරහර ආරම්භයේ සිට මේ දක්වා අඛණ්ඩව සිදු කළ මෙහෙය වෙනුවෙන් එච්. කීර්තිරත්න කලාකරුවා සහ ඩී. ආර්. ලලිතා කුමාරසිරි කලාකාරිනිය කලා ප්රසාදිනී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූහ.
