[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සැදැහැ වඩන සිත් පහදන කඨින පින්කම් අදින් ඇරඹෙයි

කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය අදින් ඇරඹෙයි. එබැවින් මේ චීවර මාසය යි. සෑම වසරක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය බෞද්ධයා ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. කඨින චීවර පූජාව ආරම්භවීමට අමතරව වප් පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් කිහිපයකි. ඉන් පළමුවැන්න නම් සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරදුන් සංකස්ස නගර ද්වාරයට වැඩම කිරීම යි. එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ හ. දිව්‍ය බ්‍රහ්ම සමූහයා ගේ පංචතූර්ය වාදනයන් හා සාධු නද මධ්‍යයේ අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගර ද්වාරයට බුදුරදුන් වැඩම කළ කල්හි ඒ අසිරිය දුටු සියල්ලෝ ම බුදුවන්නට ප්‍රාර්ථනා කළහ. මෙම පූජෝත්සවය “දේවාවරෝහණ” නම් විය. මෙය දැකීමෙනුත්, බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙනුත් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සසුනෙහි පැවිදි බවට පත්වූයේ ද වප් පොහොය දිනෙක ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම්පියතිස්ස රජුගේ සංදේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප්නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේත් වප් පොහොය දිනෙක ය. සඟමිත් තෙරණිය සිරිලකට වැඩම කරවා ගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සසුන්ගත කරවීම එම දූත චාරිකාවෙහි අභිප්‍රාය විය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුලු මහරහතන් වහන්සේ සැට අට නමක් දහසක් භික්ෂූන් වහන්සේ ද සමඟ ථූපාරාම විහාර මධ්‍යයට රැස්ව වප් පුර පසළොස්වක පොහෝදා විනය සංගායනාව ආරම්භ කළහ. මෙම ථූපාරාම විනය සංගායනාව පැවැත්වීමට කටයුතු සූදානම් කළේ දේවානම්පියතිස්ස මහ රජු ය.


වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]