[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අවිද්‍යාවේ අන්ධකාරය දුරු කොට ප්‍රඥාවේ ආලෝකය උදාකර ගනිමු

අපි කවුරුත් වන්දනඤ මානන සඳහා ගාථා සජ්ඣායනය කරමු. පරම්පරායානුගතව අපට හුරුවීමෙන් එම ගාථා සජ්ඣායනා කරනු ලැබූව ද ඒවායේ අර්ථය පිළිබඳ හෝ අන්තර්ගත ධර්මානුකූල භාවය පිළිබඳ අප මොහොතකටවත් සිතා බලන්නේ ද නැත. ප්‍රායෝගික බුදු දහම තුළ විශේෂයෙන් ථෙරවාද සම්ප්‍රදාය පවතින රටවල භාවිත කෙරෙන වන්දනා ගාථා කවුරුන් විසින්, කවදා ප්‍රබන්ධ කරන ලද්දක් ද යන්න තහවුරු නො වූව ද, ඒවායේ බොහෝ දුරට අන්තර්ගත වන්නේ බුදු ගුණ හෝ බුදු දහමයි. පහත ගාථාව එලෙස බුදු ගුණ හා බුදු දහම ප්‍රකට කෙරෙන කදිම අවස්ථාවකි. “නමාමි බුද්ධං ගුණසාගරන්තං - සත්ථා සදා හොන්තු සුඛී අවේරා - කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ - ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච”, බුදු දහමෙහි ඉගැන්වෙන පරිදි භාවනාව යනු මනස සංවර කරන ප්‍රධාන අවියයි. මනස සංවර වූ තරමට පුද්ගලයාට ධර්ම මාර්ගය තුළ ජීවත්වීමට හැකියාව ලැබේ. මනසට ආරක්ෂාව ද එනිසා ලැබේ. එසේ මනසට ආරක්ෂාව ලබා දෙන භාවනා මාර්ග 04ක් ඉහත ගාථාව තුළින් ප්‍රකාශ වේ. චතුරා රක්ඛා හෙවත් චතුරා රක්ෂාව යනුවෙන් හඳුන්වන එම භාවනා බුද්ධානුස්සති භාවනාව මෙත්තා හෙවත් මෛත්‍රී භාවනාව, අසුභ හෙවත් පිළිකුල් භාවනාව හා මරණය පිළිබඳ මෙනෙහි කරන මරණානුස්සති භාවනාවයි.


වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]