[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සාරගම වැව් ඉස්මත්තේ සුන්දර ගල්තලාවක ඉදිවුණු තිත්තවැල්ල උඩමළු පුරාණ රාජමහා විහාරය

සුන්දර ඇතුගල්පුරවරය අතීතයේ රාජධානි තුනකට උරුමකම් කියූ පෞරාණික නගරයකි. එක් පසෙකින් දඹදෙණි රාජධානියේ උරුමයත්, අනෙක් පසින් යාපහුව රාජධානියේ උරුමයත්, තවත් පසෙකින් කුරුණෑගල රාජධානියේ උරුමයත් සහ එකී රාජධානියන්ට උරුම වූ සංස්කෘතින් ද ගැබ්ව පවතින පෞරාණික නගරයකි කුරුණෑගල නගරය. කුරුණෑගල පුත්තලම් මාර්ගයේ කිලෝ මීටර් 04ක් පමණ ඉදිරියට පැමිණි විට දුටුවන් මන බඳින සුන්දර වැව් පියසක් හමුවේ. එය තිත්තවැල්ල වැව හෙවත් සාරගම වැව නමින් හැඳින්වේ. මෙම මාර්ගය දෛනිකව දහස් ගණනක ජනයා ගමනා ගමනය සඳහා භාවිත කරනු ලබන අතර, බොහෝ දෙනා ගමන් විඩාව සන්සිඳුවා ගැනීම සඳහා මෙම වැවේ සිරි නරඹා යාමට පුරුදුව සිටිති. එම සුන්දර වැවට ඉහළින් පිහිටි අති විශාල ගල්තලාව මත ඉදිකර ඇති තිත්තවැල්ල උඩමලු පුරාණ රාජමහා විහාරය කාගේත් නෙත් සිත් ඇදගනු ලබන පුණ්‍ය භූමියකි. විහාරස්ථානයට ඉදිරිපසින් තිත්තවැල්ල වැවත්, අනෙක් පසින් පිහිටා ඇති වෙල් යායත් හේතුවෙන් විහාරස්ථානයේ සුන්දරත්වය තවතවත් වැඩි වන අතර ප්‍රදේශයට ම ආවේණික වූ ජෛව පද්ධතියක් පිහිටා ඇති හෙයින් විවිධ වූ පක්ෂීන් ද නිතරම දක්නට ලැබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් මෙම විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳ ලියවුණු ලිඛිත මූලාශ්‍රයන් තවමත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැති අතර, කටවහරෙන් පැවත එන්නා වූ ජනප්‍රවාදයන් කිහිපයක් පවතී. එම ඇතැම් ජනප්‍රවාදයන්හි තොරතුරු සත්‍ය යැයි සිතීමට හැකි සාක්ෂි තිබුණ ද විධිමත් විද්‍යාත්මක පර්යේෂණයක් මඟින් එම කරුණු තවමත් සනාථ කොට නැත.


වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]