[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු දූ පුතුන්ගේ නැණ ගුණ දම් වඩන කුඩාබුත්ගමුවේ ශ්‍රී සරණංකර ධර්ම විද්‍යාලය

බොදු දූ පුතුන්ගේ නැණ ගුණ දම් වඩන කුඩාබුත්ගමුවේ ශ්‍රී සරණංකර ධර්ම විද්‍යාලය

කොටිකාවත්ත, මුල්ලේරියාව,කුඩාබුත්ගමුව නගර මධ්‍යයේ රමණීය කඳු ගැටයක් මත පිහිටි ශ්‍රී ධර්මරක්ෂිතාරාම විහාරස්ථානයේ අනන්‍යතාව වන්නේ අවට ගම් රාශියකට දිස්වන සේ තනවා ඇති අවුකන පිළිම වහන්සේගේ අනුරුව යි.

එම විහාරස්ථානය නිර්මාණය කරන්නට යෙදුනු නිර්මාතෘවරයාණන් වූ කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝා නායක ධුරය හෙබවූ කලකිරියාගම ශ්‍රී සරණංකරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් 1956 නොවැම්බර් මස 04 වැනි දින එම විහාරස්ථානයේ වැඩ විසූ මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සරණංකර ධර්ම විද්‍යාලය ආරම්භ කරන ලදී.

එවකට විහාරස්ථානයේ නායක ධුරය හෙබවූ සරණංකර හිමියන්ගේ නාමය දහම් පාසල සඳහා ද යොදා ගැනිණි.

මෙහි පළමු ප්‍රධානාචාර්යවරයාණන් වහන්සේ ලෙස පත්වන්නේ කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන් ය. අලුත්දඹේවටන අත්ථදස්සි හිමියන්, යන්තම්පලාවේ නන්දසාර හිමියන් කීර්ති නාරම්පනාව මහතා යන ප්‍රධානාචාර්යවරුන් යටතේ මෙන්ම තලකිරියාගම සිරිනිවාස හිමියන් යටතේ ද ශී‍්‍ර සරණංකර ධර්ම විද්‍යාලය දියුණු විය.

වර්තමාන ප්‍රධානාචාර්යවරයාණන් වහන්සේ ලෙස ශ්‍රී ධර්ම රක්ෂිතාරාමයේ විහාරාධිපති දේදුණුපිටියේ අනෝමදස්සි හිමියන් කටයුතු කරයි. උප ප්‍රධානාචාර්යරවයා ලෙස දේශබන්ධු සමන් ආනන්ද මහතා කටයුතු කරයි. අද වන විට දරුවන් 750 කින් පමණ සමන්විත වේ.

ගුරු මණ්ඩලයේ සියලුම ගුරු භවතුන් දැඩි කැපවීමෙන් ධර්ම විද්‍යාලයේ අධ්‍යයන කටයුතු හා විෂය බාහිර කටයුතු සාර්ථක අන්දමින් පවත්වාගෙන යාමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගුරුහරුකම් ලබා දෙයි. ශිෂ්‍ය නායක මණ්ඩලය 66 න් පමණ සමන්විත ය.

අද වන විට ශ්‍රී සරණංකර නාමය කොළොන්නාව බටහිර ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ කීර්ති නාමයක් දිනාගෙන සිටී. සරණංකර ධර්ම විද්‍යාලය ශාසනාරක්ෂක බල මණ්ඩල තරගවලදී ද ඉදිරියෙන් ම සිටී.

ශී‍්‍ර ලාංකේය මාධ්‍ය කලාවට නව මුහුණුවරක් එක් කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුවන්විදුලි නාලිකාවක් ලෙස 96.1 හරහා ‘මෙත්’ ලෙසින් ගුවන්විදුලි නාලිකාවක් පවත්වාගෙන යන ලදී. අදටත් මාධ්‍ය ඒකකය මඟින් දක්ෂතා ඇති දරුවන්ගේ හැකියාවන් වැඩිදියුණු කරමින් අනාගත මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතා වැඩදායි පුරවැසියන් දායාද කරයි. මේ අතරින් මනා කථිකත්වයෙන් හෙබි නිවේදක නිවේදිකාවන් බිහිකර ඇත.

‘සම්මා’ නම් සඟරාවක් ද පළ කර තිබේ. සෑම වසරක ම නොවැම්බර් 04 වැනි දිනට යෙදෙන දහම් පාසලේ සංවත්සරය වෙනුවෙන් වාර්ෂික ලේ දන් දීමේ පින්කමක් ද පවත්වන්නට යෙදෙයි. සෑම වසරකම දහම් පාසල් දරුවන්ගේ සහභාගිත්වයෙන් භක්ති ගීත වැඩසටහනක් ද පවත්වයි. සෑම වසරකම ජනවාරි මස අලුත්දඹේවටන අත්ථදස්සි හිමියන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් දුෂ්කර පළාත්වල ජනතාව වෙත ගොස් වියළි ආහාර ප්‍රදානයක් ද සිදු කරයි.

දරුවන්ගේ පෞරුෂ වර්ධනය සඳහා නායකත්ව පුහුණු වැඩමුළු වැනි වැඩසටහන් ද සංවිධානය කරනු ලබයි. සිංහල මාධ්‍යයෙන් මෙන්ම ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ද දහම් අධ්‍යාපනය ලබා දේ. දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් සෑම දහම් පාසල් දිනයකම කැඳ වීදුරුවක් ලබා දෙයි.

තලකිරියාගම සරණංකර හිමියන්ගෙන් ආරම්භ වූ ශ්‍රී සරණංකර ධර්ම විද්‍යාලය වර්තමාන ප්‍රධානාචාර්ය දේදුණුපිටියේ අනෝමදස්සි හිමියන් දක්වා ආ ගමන් මඟේ දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතියෙන් සිහිපත් කර සිටිමු.

අනාගතයේ දී රටට වැඩදායි ගුණයෙන් නැණින් හෙබි පුරවැසියන් බිහි කරන්නට සරණංකර මවුන්ට හැකි වේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනයයි.


දහම් පාසල් දරුවන් වෙනුවෙන් වෙන්කෙරෙන බුදුසරණ "මේ අපේ දහම් පාසලයි" පිටුවට ඔබගේ
දහම් පාසලේ විශේෂ තොරතුරු ලියා එවන්න.

" මේ අපේ දහම් පාසලයි"
බුදුසරණ කර්තෘ මණ්ඩලය
ලේක්හවුස්
කොළඹ - 10

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]