[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙමින් පවතින අසදිසි ශාක්‍ය සුගත මහ සෑ රදුන් වහන්සේගේ සුවඳවත් වූ ගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය 16, 17, 18 තෙදින පුරා

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙනි:

බොදු උරුමයක අභිමානය දකින්නට ජීවිතයේ එක් වතාවක් හෝ ඓතිහාසික කූරගල පුදබිමට එන්න

අභිමානනීය අතීතයක නටබුන් වසා දමමින් බොදුනුවන්ට නැතිවී ගිය උරුමයක් යළි ගොඩනඟන්නට (බලංගොඩ) කුරගල කඳු මුදුනේ “අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේ ඉදි කරන්නට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු වූයේ පසුගිය වසරේ මැදින් පෝදා ය. ඒ ආරම්භයත් සමඟ අපේ වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ, සුවහසක් බොදුනුවන්ගේ ශක්තියෙන් ඉදිවෙමින් පවතින මේ පින් බිම දෙනෙතින් දැක ගන්නට අපි වාසනාවන්ත වීමු. අප එහි යන විටත් මේ මහා සෑරදුන්ගේ සලපතළ මලුවට කොන්ක්‍රීට් ඇතිරීමේ මහා වැඩ කටයුත්ත සිදුවෙමින් පැවතුණි. ඒ උතුම් පුණ්‍ය කටයුත්තට තම ශ්‍රමදායකත්වය සපයන්නට එහි පැමිණ සිටි පිරිස පන්දහසකට ආසන්න ය. ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකාය සහ දෙස් විදෙස් බොදු දනන් ඒ අතර වූහ. මේ උතුම් පින් කටයුත්ත සිදු වන්නේ මෙහි නියමුවාණන් වහන්සේ අපේ වතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ලක්වාසි දනන් වෙත කළ පෙර දැනුම් දීමකිනි. ඒ මෙදින සෑ රදුන් පිහිටි බිම සල පතළ මලුවේ කොන්ක්‍රීට් ඇතිරීම සිදුවෙන බවටයි. ඒ පුංචි දැනුම්වත් කිරීමට ඇහුම්කන් දෙමින් දහස් ගණනින් ජනතාව ශ්‍රම දායකත්වය ලබා දෙමින් පින් පුරවා ගන්නට මෙහි පැමිණ සිටියහ. “අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේගේ” උස අඩි 130 කි. උන්වහන්සේ සබරගමුව පළාතේ ඉදිවන විශාලතම සෑ රදුන් වහන්සේ ය. විශේෂත්වය වන්නේ දිස්ත්‍රික්ක හයකටත්, පළාත් හතරකටත් උන්වහන්සේගේ පින්බර දසුන දිස් වීම ය. ‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේගේ” සුවඳවත් වූ ගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීම මේ මස 16,17, 18 යන තෙදින තුළ පැවැත්වේ. 16 දින සවස 3.00ට නිල වශයෙන් නිදන් වස්තු තැන්පත් කිරීම සිදු වන අතර 18 වැනි දින සවස 3.00 දක්වා ම අඛණ්ඩව සුවඳවත් වූ සෑ ගර්භයේ සැදැහැවතුන්ට පූජා වස්තු තැන්පත් කිරීම සිදු කළ හැකි ය.

සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්ව

නව වසර ආරම්භයේ දී රටට සෙත් පතා විශේෂ බෝධිපූජා පින්කමක් සිතුල්පව්ව විහාරස්ථානයේ දී, විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ චමල් රාජපක්ෂ අමාත්‍යතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදු කෙරුණි. සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජාභූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපතිතුමා විසින් සිතුල්පව්ව රාජමහා විහාරාධිපති, මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වන ලදි. මීට අමතරව අවට විහාරස්ථාන හතරක් පූජාභූමි බවට පත් කිරීම සංකේතවත් කරමින් නිදහස් දීමනා පත්‍ර පිරිනැමීම ද සිදු කරන ලදී. සිතුල්පව්ව ප්‍රවේශ මාර්ගයේ ඉදි කිරීමට යෝජිත වාහල්කඩ සඳහා චමල් රාජපක්ෂ අමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍යවරුන් විසින් මුල්ගල තබන ලදී.

 

තමන් ළඟම සිටින කලණ මිතුරා හීලෑ කළ සිතයි

බුදුදහමට අනුව මිනිසාගේ මනස විශ්මිත එකකි. එබැවින් එය නිසි පරිදි හීලෑ කර ගත හොත් එයින් ලැබිය හැකි ප්‍රයෝජනය අසීමිත ය. ධම්මපදයේ දැක්වෙන පරිදි මව, පියා හෝ වෙනත් ඤාතියකු විසින් කරනු ලබන යහපතටත් වඩා වැඩි යහපතක් මනාව හික්මවන ලද සමාහිත සිතට කළ හැකි ය. . එසේම සොරකු තවත් එබඳු ම සොරකුට කරන හානියටත් වඩා වැඩි හානියක් අසමාහිත අසංවර සිතකට කළ හැකි ය. ඒ අනුව පුද්ගලයා උසස් අයකු හෝ පහත් අයකු බවට පත්කරන බලවේගය එම තැනැත්තාගේ සිත බව පැහැදිලි ය. ඒ ඒ ඉන්ද්‍රියන්ගෙන් පැමිණෙන අරමුණු මඟින් එයට අදාළ සිතිවිලි නිර්මාණය වන අතර මනින්ද්‍රියේ පැවැත්ම තීරණය වන්නේ එයට ගෝචරවන ධම්මාරම්මණ නිසයි. ඉන්ද්‍රිය සංවරය යනු හුදෙක්ම ඇස, කන, නාසය, දිව, ශරීරය පමණක් නොවේ. මනසට ගෝචරවන ධම්මාරම්මණ සම්බන්ධයෙන් ද සංවරයක් ඇතිකර ගැනීම අවශ්‍ය වේ. මනස ඉතා බලවත් ඉන්ද්‍රියකි. එයට තමාට අදාළ විෂය සීමාව තුළ පමණක් නොව එයින් පරිබාහිර අනෙකුත් ඉන්ද්‍රියයන් පහ සම්බන්ධ අරමුණු ද ගෝචර කර ගත හැකි ය. ඇසින් දුටු රූපයක් නැවත නැවත සිහියට නඟා ගෙන එයට අදාළ විතර්ක නිර්මාණය කිරීමේ හැකියාව මනස සතු වේ. අනෙකුත් ඉන්ද්‍රියයන්ට එවැනි හැකියාවක් නැත. මේ ඉන්ද්‍රියයන් හා සම්බන්ධ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව නිසා මනසේ ගෝචර සීමාව අතිශය පුළුල් වේ. මනින්ද්‍රිය හැර අනෙකුත් ඉන්ද්‍රියයන්ට එයට අදාළ අරමුණ හැර වෙනත් අරමුණක් හා සම්බන්ධ විය නොහැකි ය. මනසට ගෝචරවන ධම්මාරම්මණ හොඳ හෝ නරක විය හැකි ය. නරක ධම්මාරම්මණ මඟින් ලෝභ දෝස මෝහ මුලික කර ගත් අකුසල සහගත විතර්ක පහළ වේ. ඒවා කය, වචන දෙකින් ප්‍රකාශයට පත්වන්නේ පුද්ගලයාට මෙන් ම, සමාජයටත් හානිකර ආකාරයටයි. එහෙත් හොඳ ධම්මාරම්මණයක් නිසා ප්‍රකාශයට පත්වන චර්යාව හානිකර නොවේ.

 

බුදුරදුන් මුල්වරට සිරිලකට වැඩම කළ දුරුතු පෝදා

හේමන්ත සෘතුව සිරිලක සීතල දේශගුණයක් පවත්නා කාලවකවානුවකි. දුරුතු මහ හේමන්ත සෘතුවෙහි දෙවැනි මාසය සේ ම අධික සීතල මාසය ද වෙයි. දුරුතු මහ තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් යුක්ත වන අතර, රාත්‍රී කාලය දැඩි සීතලෙන් යුක්ත වෙයි. මෙම දුරුතු මහේ උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය තුළ ශාසන ඉතිහාසයේ සදා අනුස්මරණීය සිදුවීම් කිහිපයක් ම වාර්තා වෙයි. උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන් බෑ ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ප්‍රථමවරට සිරිලකට වැඩමවීම, සිරිලක යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම, බුදුරදුන්ගේ කේශ ධාතු නිධන්කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ඇරයුම පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් මහරහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජබවට පත්කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]